දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බන්ධනාගාරයේ වීඩියෝව මාධ්‍යට දෙන්න කලින් අපිට දන්වන්න තිබුණා" - තලතා
Homeප්‍රවෘත්ති

"බන්ධනාගාරයේ වීඩියෝව මාධ්‍යට දෙන්න කලින් අපිට දන්වන්න තිබුණා" - තලතා

PropellerAds

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රත...

තරණයකට අතවර කරනන හද මගලකනද හමග වඩයව සමජජල කළඹය (VIDEO)
මලග පලසපත සදනම.. ජනපතගන නම තනක
කදනල හම ජනපතට යව ලපයට අසගර පරශව ලඛකධකර නරමපනව හමයනග වරධය! පලසපත තරදද ආගමක බලපම එප!

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (17) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කලාය.

"මේ සිද්ධිය සම්බන්ධව වීඩියෝ දර්ශන ඊයේ නිකුත් වෙලා තියෙනවා.ඒත් සමගම සමහර අය උත්සාහ කරනවා මේ සිද්ධිය ඊයේ පෙරේදා වුන දෙයක් විදිහට පෙන්වන්න.මේ වගේ සිද්ධීන් අවම කරන්න කටයුතු කරනවා වගේම පුද්ගලික හේතුවක් මත රැදවියන්ට පහරදීලා තියෙනවා නම් මොනම හේතුවක් නිසාවත් ඒ පිළිබදව අවශ්‍ය පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ.විෂය භාර ඇමතිවරිය හැටියට මේ වගේ දේවල් අවම කරනවා වගේම පුද්ගලික චේතනාවකින් පහරදීලා තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්නවා .කවුද ඉන්නේ කියලා තවම හදුනා ගෙන නැහැ. වීඩියෝ පටයේ ඉන්නේ කවුද කියලා තමව කියන්න බැහැ. පොත්වල සටහන් වෙනස් කරන්න බැහැ .සටහන් වෙනස් කළොත් අපිට හොයා ගන්න ක්‍රම තියෙනවා.සී.සී.ටී.වී.කැමරා පද්ධතිය තියෙනවා දැනට මේ කාමරයට සීල් තියලා තියෙන්නේ .මේ දර්ශන එළියට ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියලත් අපි හොයනවා.මොකද මේ වා මාධ්‍යට දෙන්න කලින් අපිට අමාත්‍යාංශයට ලේකම්තුමාට දන්වන්න තිබුණා.මාරු කරලා අරපු නිලදධාරීන් හත් දෙනාගෙන් හතර දෙනෙක් ඉන්නේ මේ බන්ධනාගාරයේ නෙවෙයි.හැබැයි සම්බන්ධ බව අපි දන්නවා "

"මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඊයේ අන්තර්ජාලයේ හා වෙනත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචරය කලා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදු වු පහරදීම හා සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න.මේ වන විට අපි බන්ධනාගාර නිලධාරීන් හා අමාත්‍යාංශයේ නිලධාරීයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පැවැත්වෙනවා.ඊට අමතරව දෙවැනි පරීක්ෂණ කමිටුවකුත් මම පත් කළා. ඒ සදහා අපේ අමාත්‍යාංශයේ එක් නිලධාරීයෙකුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීයෙකුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීයෙකුත් පත් කළා .ඒ අයගෙනුත් වාර්තාවක් බලා පොරොත්තු වෙනවා අද පටන් ගත්ත කමිටුවේ වාර්තාව ලබන සඳුදා වන විටත් අනෙක් කමිටුවේ වාර්තාව 25 වනදා වන විටත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.පළමුවෙන්ම මම බන්ධනාගාරය තුළ පසුගියදා වු සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.ඒ පහරදීමට ලක්වෙච්ච අයගේ ඥාතීන්ට හා සම්බන්ධකම් තියෙන අයට සිත් තැවුලක් වුනා නම් රජය වෙනුවෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.මෙම සිද්ධියට හේතු කාරණා රාශියක් තියෙනවා.2018 නොවැම්බර් 22 මේක වෙන්නේ .ඊට පෙර සිද්ධි කිහිපයක් සිදු වෙනවා 2018 නොවැම්බර් 16 වැනිදා බන්ධනාගාරය තුළ සිරකරුවෙකුට ගලකින් පහරදී ඝාතනය වෙනවා .එම සිරකරු හෝකන්දර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් හා රීටා ‍ජොන් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වු පුද්ගලයෙක්."

"තවත් සිරකරුවෙක් 2018.11.20 වැනිදා වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා ලයිසෝල් පානය කිරීම අනතුරුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරයා තල්ලු කර දමා පැන ගිහින් තිබෙනවා.සිද්ධය වු දින උදේ අහාර ලබාදීමට ගිය නිලධාරීයා ඉදිරියේදී සිරකරුවෙකු තවත් සිරකරුවෙකුට පහරදී තිබෙනවා.මෙහිදී සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එය පාලනය කිරීමට බන්ධනාගාර නිලදාරීන් පැමිණීමත් සමග ඔවුන්ට ද මේ සිරකරුවන් පිරිසක් යකඩ පොලු සහ විකට් පොලු ගෙන පහරදීමට උත්සාහ කර තිබෙනවා.මේ සිද්ධි කිහිපයත් සමගම මේ ගැටුම ආරම්භ වී තිබෙනවා.අපි විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතට බන්ධනාගාරය පත් කළා. නැමැති අපි අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදෙවුවා.සමහර බන්ධනාගාර වල සිදුවන දේවල්වලට බන්ධනාගාර නිලධාරීන් සෘජුව වග කියන්න ඕන කියලා මට තේරුණා.අගුණකොළපැලැස්සට විශේෂ කාර්ය බලකාය යෙදුවාට පස්සේ බන්ධනාගාර නිලධාරීන් රැදවියන් යොදවලා උද්ඝෝෂණය කළා.ඇඳ ගෙන ඉන්න ඇඳුම් ගලවලා පරීක්ෂා කරනවා කියලා කිවුවා .ඒත් එහෙම දේවල් වෙලා නැහැ.ඒවා බොරු.පසුගිය දින පනස් දෙකක කාලයක් තුළ මේ රට අරාජික වෙලා තිබුණා. ඒ කාලයේ විවිධ විරෝධී දේවල් වෙලා තියෙනවා අපි හදා ගෙන ගිය වැඩ පිළිවෙළ සම්පුර්ණයෙන්ම අඩාල වුණා.මේ වුනු සිදු විම මම සාධාරණී කරණය කරන්න යන්නේ නැහැ මේ පහරදීම රජයක් ලෙස අපි හෙලා දකිනවා මේ පහරදීමට සම්බන්ධ නිලධාරීන් කවුද කියලා බලලා තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.අවශ්‍ය වුණොත් බන්ධනාගාර පද්ධතියේ තත්වය ඉහළ දමන්න බන්ධනාගාර තුළ සිටින උසස් නිලධාරීන් වුණත් වෙනස් කර මේවා පාලනය කරන්න කටයුතු කරනවා .සමහර අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ලොකු මතයක් හදන්න උත්සාහ කරනවා.පාලනයක් නොතිබු කාලය තුළ දවස් 52 තුළ බන්ධනාගාර පාලනය කඩා වැටුණා.අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බලකාය යොදවලා තියෙන්නේ රැදවියන් හා ඔවුන් බලන්න එන අය බන්ධනාගාරයට ඇතුළත් වෙන තැනදී පරීක්ෂා කරන්න විතරයි.අද වැඩියෙන්ම මත් ද්‍රව්‍ය මත් කුඩු පාලනය වන බන්ධනාගාරය බවට අගුණ කොලපැලැස්ස බන්ධනාගාරය පත්වෙලා තියෙනවා.සිරකරුවෝද මනුෂ්‍ය යෝය කියන ආකාරයටම ඔවුන්ගේ සාධන කටයුතු සදහා අපි කටයුතු කරනවා." යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බන්ධනාගාරයේ වීඩියෝව මාධ්‍යට දෙන්න කලින් අපිට දන්වන්න තිබුණා" - තලතා
"බන්ධනාගාරයේ වීඩියෝව මාධ්‍යට දෙන්න කලින් අපිට දන්වන්න තිබුණා" - තලතා
http://am.lk/media/k2/items/cache/0da41fbf603b08eccd0bd57c96c044eb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_877.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_877.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy