දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාල් සිරිසේනගේ ලෑන්ඩ් කෲසරය ළඟ නීතිය නැවෙන්නත් ඉඩ තිබුණාද ?
Homeප්‍රවෘත්ති

ලාල් සිරිසේනගේ ලෑන්ඩ් කෲසරය ළඟ නීතිය නැවෙන්නත් ඉඩ තිබුණාද ?

PropellerAds

  පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූයේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන එකම පවුලේ සොහොයු...

තවත් කොරෝනා රෝගින් 18ක් : මුළු ගණන 523 දක්වා ඉහළට
ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි
වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා !
ලාල් සිරිසේනගේ ලෑන්ඩ් කෲසරය ළඟ නීතිය නැවෙන්නත් ඉඩ තිබුණාද ?

 

පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූයේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. වකුගඩු රෝගියකු වන බුද්ධදාස මහතාගේ ප්‍රථිකාර කටයුත්තක් සඳහා ගොස් නැවත යතුරුපැදියෙන් පැමිණෙන අතරතුර අළුයම 1.30ට පමණ ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබේ. ඒ.ජේ.එම් ජයරත්න ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන අතර ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට ජවිපෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ද සිටි බව පැවසේ. 

අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් සිරිසේන විසින් ම එම ලෑන්ඩ් කෲසර් ජීප් රිය ධාවනය කර ඇතත් පසුව වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීමේ උත්සාහයක් තිබුණ ද සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි නිසා එය ව්‍යර්ථ වී ඇති බව ලංකා ටෲත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 

කෙසේවෙතත් ලංකා නිව්ස් වෙබ් අප වෙත පුවත ලැබුණු පසු අප එය තහවුරු කරගැනීම සඳහා මුලින් ම ඇමතුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටය. ඇමතුම් උත්සාහ කිහිපයකටම පසුව ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ තමන් ඒ මොහොතේ වෙනත් වැඩක නිරත වී සිටිනා බවත් පසුව ඔහුම ඇමතුමක් ගන්නා බවත්ය. නමුත් ඒ ඇමතුම ලැබුණේ නැත. අප ඉන්පසුව ඇමතුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඔවුන් පැවසුවේ එවැන්නක් ගැන තමන් නොදන්නා බවය. අවසාන වශයෙන් අප ඇමතුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයටය. ඔවුන්ගේ ද පිළිතුර වුණේ තමන් ඒ ගැන නොදන්නා බවය. ඊයේ පාන්දර සිදුවූ අනතුර පිළිබඳව ඊයේ රාත්‍රිය වන තෙක්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන විසින් නිසි පරිදි වාර්තා කර තිබුණේද නැත. 

මේ සිදුවන්නට යන්නේ පැරණි එකමය. හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ පුවත් වාර්තා කිරීම සම්බන්ධයෙන් ද ඒ යුගයේ පැවතුණේ මෙවැනිම ප්‍රතිපත්තියකි. ඒවා පොලිසිය දැන සිටියේද නැත. ජනමාධ්‍ය අමාත්‍යාංශය දැන සිටියේද නැත. 

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමකින් තොරව ම ලාල් සිරිසේනට අනුරාධ බන්ධනාගාරය වෙත යෑමට ඊයේ සිදුව තිබිණි. එහෙත් පුවත තහවුරු කරගන්නට කතා කළ අයගේ කටවල් නෑරුණේ 'අතිගරු' තුමන් වෙත පවත්නා සුපුරුදු බියෙනි. සිදුවීම් සිදුවන්නේ මේ ආකාරයට නම් ජවිපෙ මැදිහත්වීම නොවන්නට මෙය තවත් එක් හඳුනානොගත් රිය අනතුරක් වන්නට ද ඉඩ තිබිණි. 

ජනපතිගේ සොයුරාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉහළ පොලිස් නිලධාරීන් ජනපතිවරයාව ඇමතූ බවත් "මගෙන් අහන්නේ මොකටද ? තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න" යැයි ජනපතිවරයා පැවසූ බවත් ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබිණි. ප්‍රශ්නය සැබැවින් ම ඇත්තේ එතැනය. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනපතිගෙන් විමසීමට ඉහළ පොලිස් නිලධාරීන් උත්සාහගන්නේ ඇයි ? ජනපති කීවානම් නීතිය නැවීමටද ?

 

Polonnaruwa Accident 1

Polonnaruwa Accident 2

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාල් සිරිසේනගේ ලෑන්ඩ් කෲසරය ළඟ නීතිය නැවෙන්නත් ඉඩ තිබුණාද ?
ලාල් සිරිසේනගේ ලෑන්ඩ් කෲසරය ළඟ නීතිය නැවෙන්නත් ඉඩ තිබුණාද ?
http://ift.tt/2wRXNN3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy