මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හා පොලිස්පතිවරයා අතර ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. එහිදී...
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හා පොලිස්පතිවරයා අතර ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
එහිදී අගමැතිවරයා පොලිස්පතිවරයාට පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ශ්‍රී ලංකාව තුල තවමත් වද හිංසා පමුණුවන බව සඳහන් කර ඇති අතර එසේ කරන ආයතන අතර ශ්‍රී ලංකා පොලිසිය අංක 01 සිටින බවයි. එසේ වූ පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාම විදුලි සෝපාන ක්‍රියාකරවන්නෙකු වැනි සුළු සේවකයෙකුට පහර දීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්වී ඇති බැවින් ඒ සඳහා ගත යුතු එකම ප්‍රතිකර්මය සිය වරද පිළිගෙන ඉල්ලා අස්වීම බවයි.
මෙම විශේෂ සාකච්ඡාවේදී අගමැතිවරයාගේ කරුණු දැක්වීම්වලට එරෙහිව පොලිස්පතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කොට ඇති අතර ඔහුගේ එකම ඉල්ලීම වී ඇත්තේ සැප්තැම්බර් මස අවසානය තෙක් පොලිස්පති ධූරයේ රැදී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඒ සඳහා අගමැතිවරයා අනුමැතිය දී තිබේ.
මෙම සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී පොලිස්පතිවරයාට සුදු හුණු ගෑමට තැත්කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස්පතිවරයාව සිටි තත්වයටත් වඩා පහළට ඇද දැමීම පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත කරුණු දැක්වූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා සිටියේ ‘ මේක හරියට කඩුවකින් මිනිහෙක්ව කපල කොටල මරපුවහම මිනී මැරුම ගැන හොයන්නැතුව කඩුව ගැන පරීක්ෂණය කරනව වගේ වැඩක් තමයි'පොලිස් පතිගේ ක්‍රියාව ගැන නොසොයා වීඩියෝ එක ලීක් වුනේ කොහොමද කියල හෙවීම' යනුවෙනි.
පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වූ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩාගේ ප්‍රථම වීඩියෝ සම්මුඛ සාකච්ඡාව පල කලේ ලංකා නිවුස් වෙබ් විසිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ චෝදනාවලට එකී විදුලි සෝපන ක්‍රියාකරුගේ පිළිතුරු දැක්වෙන සාකච්ඡාව ලබන සතියේ බලාපොරොත්තු වන්න.....
COMMENTS