දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආණ්ඩුවේ වැරදි තිබෙනවා, රටේ කිසිවෙකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ"
Homeප්‍රවෘත්ති

"ආණ්ඩුවේ වැරදි තිබෙනවා, රටේ කිසිවෙකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ"

PropellerAds

ආණ්ඩුවේ වැරදි තිබෙන බවත්, නිවරදි කළ යුතු දේ තිබෙන බවත්, යන ගමන වෙනස්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. කොළඹ කැම්බල් පි...

විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා…
රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන

ආණ්ඩුවේ වැරදි තිබෙන බවත්, නිවරදි කළ යුතු දේ තිබෙන බවත්, යන ගමන වෙනස්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සර සමුළුව අද (03දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.

හිටපු ජනපතිවරයා මැතිවරණකට ගියේ ආර්ථික හා දේශපාලනික වශයෙන් අර්බුදයකට ලක්ව සිටි බැවින් යැයිද ඔහු පැවැසීය.

"ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා පැනවීම ආරම්භ කර තිබුණේ. ලෝකයම අවි අමෝරාගෙන සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නිසා දෙකට බෙදුණා. ජාත්‍යන්තර අපි නිසා දෙකට බෙඳුණා.

අද ෆේස්බුක්, වෙබ් සයිට්, උද්ඝෝෂන ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම භුක්ති විදිනවා. පක්ෂය තුළත් ප්‍රජාතන්ත්‍රවාද භුක්ති විදනවා. යුද්ධයක් තිබුණ රටක් දෙකට බෙදිලා සිටියේ නෑ. නමුත් අපි දෙකට බෙදුණා.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය, “ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. එන්ජීඕ කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සන්විධාන එක්ක මම වැඩකරනවා"

එමෙන්ම තමන් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවූයේ  සංගීත පුටු තරඟයකට ඉදිරිපත්වීමට හෝ විනෝදයකට නොවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

එමෙන්ම 66 වෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන්ම දිනය දේශප්‍රේමීන් හා ජාති හිතෛශීන් සමඟින් සැමරීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවද ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම මෙම සැමරීම ශ්‍රේෂ්ඨ නායකයින් පිරිසක් මෙන්ම එකාමෙන් කටයුතු කරන ජනතාවක් සමඟින් සැමරීමට ලැබීම පිළිබඳව තමන් තවදුරටත් සතුටුවන බවද ඒ මහතා පැවසීය.

ශ්‍රීලනිපයට වසර 66ක කීර්තිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති බවත්, එයින් අවුරුදු 50ක සංවත්සර සම්මේලන හා පෙළපාලිවලට තමන් සහභාගී වූ බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් ඇරඹි ශ්‍රීලනිපයේ ඉතිහාසයේ සිට මේ දක්වා පක්ෂය නව මඟකට ගෙන යාමට හැකි වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය,

“ බඩු මිල, ජීවන වියදම, රැකී රක්ෂා ප්‍රශ්න අද පැහැදිලිවම තිබෙන ප්‍රශ්න. ජාත්‍යන්තරය ඉදිරියේ අපට තිබුණු ප්‍රශ්න එක්ක ඒවා ප්‍රාථමිකයි. ඒවා අපට විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා කුමන විවේචන ආවත් ඒ කළ යුතු මූලික කාර්යය මේ රට නිදහස් කරගැනීම ජාත්‍යන්තරය හමුවේ වූ චෝදනාවලින් බේරාගැනීම අප කරලා ඉවරයි. රටක් බරපතළ අසීරුවකට වැටුණු විට, රටකට බරපතළ අභියෝග එල්ලවුණු විට, ලෝක ඉතිහාසයේ සාක්කි සාධක අපමණයි. ඒ රටේ දේශපාලන ආගමික ආදී බේද නොසලකා එකට එක්වූ අවස්ථා තිබෙනවා.

යුද්ධවලට මුහුණ දෙන්න ඒ රටවල් එකට එකතු වුණා. ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය පක්ෂ බේද ආදී සියලු බේද අමතක කළා. ශ්‍රීලනිපය එජාපයත් සමඟ සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ සංගීත පුටු තරගයකට නෙමෙයි. විනෝදයට නෙමෙයි. 2015 ජනවාරි 8 ජනාධිපතිවරය පවත්වන්න කලින් එදා හිටපු ජනපතිට මම තමයි කිව්වේ පක්ෂ ලේකම් විදියට ඡන්දයකට යන්න එපා කියලා. 2014 අප්‍රේල් ලිඛිතව මම දුන්නා මැතිවරණයකට යන්න එපා කියලා යෝජනා ටිකක්. යුද්ධයෙන් පසු කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා. ඒවා නොකර ඡන්දයකට යන්න එපා. මේ කරුණු ඉෂ්ට කරන්න කියලා මම කරුණු 6ක් ලිඛිතව දුන්නා. මම කිව්වා දේශපාලන ප්‍රතිසංස්කරණවලට යමු. රට තුළ කළ යුතු වෙනස්කම්වලට යමු. සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ගොඩනගලා යමු කියලා. මම කියපු දේ ඇහුවේ නෑ. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවේ නෑ.

ජාත්‍යන්තරව අප මුහුණ දුන් අභියෝග බරපතළයි. ඒ වගේම ජාතික දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න සූදානම් වුණු තොරතුරු සියල්ල මා ළඟ තිබුණු නිසා මම එළියට බැහැලා එජාපය ඇතුළු අනෙක් පක්ෂ සියල්ල සමඟ එකතු වුණා. සමහර අය කියනවා මේ ආණ්ඩුවේ වැරදි විවේචන සියල්ල. ඒ දේවල් නිවැරදි කළ යුතුයි. යන ගමනේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා. අද කියන කරුණුවලට වඩා 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව මාව ජනාධිපති ලෙස පත්කර නොගත්තා නම් මේ රට තිබෙන්නේ කොතැනද කියා උගත් බුද්ධිමත් බහුශ්‍රැත ජනතාවගෙන් අහන්න කියා මම කියනවා.

මුළු ජාත්‍යන්තරයම ඔබෙත් මගෙත් මාතෘ භූමියට එරෙහිව අවි අමෝරාගෙන සිටි කාලයක් 2013-2014. අපට ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගී තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආරක්ෂක මණ්ඩලයේ දී අපි පැරදුණා. රටේ හොඳ දේ වගේම නරක විදියට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනවා. ෆේස්බුක්, විරෝධතා, උද්ඝෝෂණ රටකට නොගැලපෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යනවා. මම සභාපති වෙන්න කලින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණාම ගොළුවෙලා ඉන්නේ. ඔය අද කෑගහන සියලු නායකයෝ කට ඇරියේ නෑ. මට උසුළු විසුළු කරපු අදත් කරන ආප්ප කථාව මතක ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින්ගේ රැස්වීම තමයි එදා තිබුණේ. ඔය සන්ධානේ එක නායකයෙක්වත් කට ඇරියේ නෑ ඊළඟ මැතිවරණය ගැන හිටපු ජනාධිපති අහද්දී. සමහරුන්ට පුරුදු නෑ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුළ භුක්ති විඳින්න.

බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ රටේ බලය බෙදීමේ නිර්මාතෘවරයා . ඉන්පසු ඩඩ්ලි සේනානායක මැතිතුමා චෙල්වනායගම් සමඟ ගහපු ගිවිසුම එදා ඒක කරන්න දුන්නෙත් නෑ. ඊට පස්සේ රට යුද්ධයකට තල්ලු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ආගමික පූජකවරුන්ගේ උපදෙස් මත වැඩකරන පක්ෂයක් බවට පත් කරනවා. ඒ ඵෙතිහාසික තොරතුරු සමඟ මේ රට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනගනවා. ඒ සඳහා සහයෝගය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අද නවීන විද්‍යාව නව තාක්ෂණය එක්ක නවෝත්පාදනය සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අද ඉතා පිටිසර පැලක ඉන්න දරුවකුට අතේ තිබෙන ජංගම දුරකථනය හරහා මුළු ලෝකයම දකින්න පුළුවන්. ඒ නිසා නව තාක්ෂණයත් එක්ක අපේ උගත් තරුණ පරපුරත් එක්ක මේ පක්ෂය ගොඩනගලා අපි සියලු දෙනා හෙට දවසේ හොඳ පක්ෂයක් හදන්න අනාගත ආණ්ඩුවක් හදන්න එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා. අක්‍රමිකතා, දූෂණය, නාස්තිය අපි හදවත්වලින් ඉවත් කරගනිමු. 

බලය ජනතාවගේ රටේ යහපත සඳහා පැහැදිලිව යොදා ගත යුතුයි. සියල්ල ජනතාවගේ ශක්තිය මතයි රඳා පවතින්නේ. මන්ත්‍රීවරයෙක්, ජනාධිපතිවරයෙක් බලයේ ප්‍රධාන සාධකය නොවෙයි. බලයේ ප්‍රධාන සාධකය හා ශක්තිය රටක පොදු ජනතාවයි. අපි සියලු දෙනා පිරිසිදු පවිත්‍ර දේශපාලනයකට කැපවෙමු. අපි සෑම කෙනෙක්ම අද දවසේ සිට හෙට දවස වෙනුවෙන් නව පරපුරකට උගත් පරපුරකට නිදහස් පක්ෂය ගොඩනගන්න බාරදෙමු. අපි ජාත්‍යන්තරයට මුහුණ දී ජයග්‍රහණ ලබාගත් සේම තවත් ජයග්‍රහණ ලබාගත යුතුයි. ඒ තිබුණු අසුන්දර ණය බර මේ රට පත්වෙලා තිබුණු තත්ත්වයෙන් ගොඩගන්නට මේ සම්මුතිවාදී ආණ්ඩුව වැදගත්. ජාත්‍යන්තර අභියෝගයේ ඉතිරි කොටස ජයගමු.“ යැයි ජනාධිපතිවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආණ්ඩුවේ වැරදි තිබෙනවා, රටේ කිසිවෙකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ"
"ආණ්ඩුවේ වැරදි තිබෙනවා, රටේ කිසිවෙකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ"
http://ift.tt/2eRrqGz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy