ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මතුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට අවසන් වී තිබෙනවා. මේ වන විට දේවාලය බැතිමතුන් සඳහා යළි විවෘත ක...
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මතුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට අවසන් වී තිබෙනවා.
මේ වන විට දේවාලය බැතිමතුන් සඳහා යළි විවෘත කර තිබෙනවා.
-----------------------------------
කතරගම දේවාලයේ නොසන්සුන් තත්ත්වයක් - අලුයම පූජාවටත් බාධා (22-08-2017 / 06:17)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද (22) අලුයම සිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු කේ.ඩී දේවප‍්‍රීය පැවසුවේ මේ නිසා සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන අලුයම පූජාවට ද බාධා සිදු වූ බවයි.
දේවාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වූවා.
ඔහු කියා සිටියේ, දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ දී බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගෙන තිබෙන බවයි. මේ වන විට දේවලය වසාදමා තිබෙන බවත් ඔහු කියා සිටියා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් ද පැමිණ සිටිනවා.
(Neth News)
COMMENTS