හෙට (29) දිනයට යෙදී ඇති දීපාවලී දිනය නිමිත්තෙන් උතුරේ හින්දු බැතිමතුන් අද (28) දිනයේත් උතුරේ වෙළඳසැල් වෙතට පැමිණෙමින් අලුත් ඇඳුම් ආයිත්තම්...
හෙට (29) දිනයට යෙදී ඇති දීපාවලී දිනය නිමිත්තෙන් උතුරේ හින්දු බැතිමතුන් අද (28) දිනයේත් උතුරේ වෙළඳසැල් වෙතට පැමිණෙමින් අලුත් ඇඳුම් ආයිත්තම් මිලට ගැනීම හා දීපාවලිය සැමරීමට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට උනන්දු වන ආකාරය දැකිය හැකිවිය.
හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහණය කිරීම මෙන්ම සුර අසුර යුද්ධයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම යනාදිය හෙටට යෙදී ඇති දීපාවලිය දිනයේදී හින්දු බැතිමතුන් විසින් සිහිපත් කරයි.
නියඟය නිමා කරමින් උතුරට වර්ෂාව ලැබීම හේතුවෙන් මෙවර දීපවාලිය ජයට සැමරීමට හැකි වෙතැයි යන්න උතුරේ දීපාවලිය සමරන හින්දු බැතිමතුන්ගේ බලාපොරොත්තුවයි.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS