දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 11ක්
Homeප්‍රවෘත්ති

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 11ක්

PropellerAds

ධීවර කටයුතුවලදී තහනම් දැල් ආම්පන්න භාවිතයට එරෙහිව තවදුරටත් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන බවත් ධීවර පනතට එක්කර ඇති නව රෙගුලාසි මගින් දැනට ව...

ජනාධිපතිවරණය නොවැම්බර් 30දා ?
ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක
කබීර් හෂීම්ට ඇමති ධුරය බාර ගන්නැයි ඔහුගේ පාර්ශවයෙන් විරෝධතා !
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 11ක්

ධීවර කටයුතුවලදී තහනම් දැල් ආම්පන්න භාවිතයට එරෙහිව තවදුරටත් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන බවත් ධීවර පනතට එක්කර ඇති නව රෙගුලාසි මගින් දැනට වඩා වැඩි මත්ස්‍ය අස්වැන්නක් මෙරට ධීවරයින්ට ලබාදීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ධීවර පනත යටතේ නියමයන් 11ක් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදීය. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

" ධීවර පනතට නව රෙගුලාසි 11ක් පනවනවා. එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය, 1982 එක්සත් ජාතීන්ගේ මත්ස්‍ය තොඟ සම්මුතිය, සාගර නීති වාර්තා නොවූ සහ අවධිමත් නීති පිළිබඳ රජයේ ගිවිසුම් ආදියට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. එසේ නොවන්නේ නම් අපිට අන්තර්ජාතික මුහුදේ මසුන් මරන්න හැකියාවක් නැහැ.  ධීවර කර්මාන්තයේ නවෝදයක් ඇතිකිරීමට වැඩියෙන් ආදායම් ඉපයීම සඳහා ශ්‍රී ලංකා ජල තීරයේ මසුන් මැරීම පමණක් ප්‍රමාණවක් වන්නේ නැහැ. ඉන්දියානු සාගර කලාපයේ මත්ස්‍ය සම්පත වැඩි වශයෙන් නෙළා ගනු ලබන්නේ යුරෝපය විසින් බව කියන්න කැමැතියි. එය සියයට 48ක් පමණ වෙනවා. නමුත් අපගේ අරමුණ දැනට වඩා වැඩි ප්‍රමාණයක්නි මත්ස්‍ය සම්පත අපේ ධීවරයන් වෙත ලබාදීමට කටයුතු කිරීමයි.  

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය වගන්ති කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. අපිට පැනවී ඇති ධීවර තහනම් ආදිය ඔබ දන්නවා. යුරෝපා සංගමය මත්ස්‍ය තහනම් කර තිබුණා. වාර්ෂිකව රුපියල් කෝටි 1600ක ආදායමක් ලැබුණු අවස්ථාව මඟහැරී ගියා. එය ලබාගැනීම සඳහා රජය විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් අංශ රැසක් සහාය ලබාදී තිබෙනවා. විශාල කැපකිරීමක් කර මේ අවස්ථාව ලබා ගත්තා. එය ලබාගන්නා විට යම් යම් රෙගුලාසි පනවන්න සිදුවුණා. නීත්‍යානුකූල මට්ටමේ මසුන් මැරීමේ කටයුතුවල නිරතවීම සඳහා ශ්‍රී ලාංකික ධීවරයන්ට අපි අවස්ථාව දුන්නා. ජාත්‍යන්තර නීතිවලට අනුව ධීවර කටයුතු කරන්න අපේ ධීවරයන් හුරුවී සිටියේ නැහැ. ඔවුන්ට අවශ්‍ය සහාය දෙමින් මේ තත්ත්වයට හුරු කරන්න පියවර ගෙන තිබෙනවා. යුරෝපා තහනම ඉවත්කර ගන්නට වී.එම්.එස් තාක්ෂණය අවශ්‍ය වුණා. අද එය ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වසරේ දී අනෙකුත් යාත්‍රා සඳහා ද මේ ක්‍රමවේදය හදුන්වාදෙන්න පියවර ගෙන තිබෙනවා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමේ කොන්දේසිවලට එකඟවනවා මෙන්ම ධීවරයන්ගේ රුපියල් 15,000ක මුදල 5,000 දක්වා පහත දමන්න පියවර ගෙන තිබෙනවා. වැඩි ප්‍රමාණයක් අපනයනය කර ආර්ථික වශයෙන් වාසියක් ගන්න මේ මඟින් හැකි වෙනවා. අපිට යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් සමඟ විශාල ආදායමක් ලබාගන්න හැකි වෙනවා වඟේම අපි යම් යම් ගැටළුවලට මුහුණ දෙනවා. අපිවට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අපිට තවමත් හැකිවී නැහැ. මේ රටට ආනයනය කරන මාළු ප්‍රමාණ්‍ය අවම කොට අපනයනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා. අපිට ගැඹුරු මුහුදක් හිමිව තිබෙනවා. නමුත් මසුන් ගහනය අවම මට්ටමක තිබෙනවා. මත්ස්‍ය සම්පත ඉහළ නැංවීම වෙනුවෙන් යම් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

මසුන් බෝවීම වැඩිකිරීම සඳහා පියවර ගන්නවා. අපිට යාත්‍රා 1650ක් ජාත්‍යන්තර මුහුදට යවන්න අවසර ලැබී තිබෙනවා. මේ වනවිට 1500ක් පමණ යොදවා තිබෙනවා. අවුරුදු 18කට පසුව මේ රජය විසින් සහනාධාර ක්‍රමයක් හඳුන්වා දුන්නා. යාත්‍රා මිලදී ගන්නා අයට සියයට 50ක සහනාධාර ලබාදී තිබෙනවා. ලබන වසරේ දී අලුතින් යාත්‍රා ජාත්‍යන්තර මුහුදට යවනවා. ලබන වසරේ දී මේ සහනාධාර තවදුරටත් ඉහළ නංවනවා. මේ ගේන මාළුවලින් සියයට 40ක් පාවිච්චි කරන්නේ නැහැ. එයින් යම් කොටසක් උම්මලකඩ කහ කරවල ලෙස පාවිච්චි කරනවා. ඒ නිසා යාත්‍රාවලට ශිතාගාර ලබාදෙන්නට ද පියවර ගෙන තිබෙනවා.

මේ වැඩපිළිවෙල ලබන වසරේ දී ද ක්‍රියාත්මක කරනවා. හොඳ තත්ත්වයේ මාළු ගෙන ඒමෙන් ඉහළ මිලකට ජපානයට යවන්න හැකි වෙනවා. ජලජීවී වගාව ව්‍යාප්ත කරන්නට අපි පියවර ගෙන තිබෙනවා. අලුතින් අභිජනන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කරන්න හැකිව තිබෙනවා. අභ්‍යන්තර ජලාශ හරහා විශාල මාළු ප්‍රමාණයක් ලබාගන්නට අපි අපේක්ෂා කරනවා. මිරිදිය ඉස්සන් සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ කර්මාන්තය වැඩිදියුණු කරන්නට පියවර ගන්නවා. අපි නොසළකා හැරි අංශයක් තිබුණා. කලපු 116ක් තිබෙනවා. මේවා කළමනාකරණය කොට මත්ස්‍ය සම්පත නෙලා ගන්නට පියවර ගෙන තිබෙනවා. මීගමුව කලපුව මිලියන 1000ක වියදමින් සංවර්ධනය කරන්න පියවර ගෙන තිබෙනවා.

මේ කලපු සම්පූර්ණ කරන්නේ නම් විශාල මත්ස්‍ය සම්පතක් නෙලා ගන්න පුළුවන්. ජලජීවී කර්මාන්ත පුරයක් මේ වසරේ දී ආරම්භ කරන්න උත්සාහ කළා. එය මේ දක්වා ක්‍රියාත්මක කරන්න නොහැකිවී තිබෙනවා. එය මන්නාරමට රැගෙන යාමට අපේක්ෂා කරනවා. කකුළුවන් බෝකරන ස්ථානයක් හම්බන්තොට ආරම්භ කරන්න අපේක්ෂා කරනවා. ලෝකයේ විවිධ රටවලින් අපේ මාළු සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි මේ කටයුතු සඳහා මූලිකත්වය දී ධීවර අංශය දියුණු කරනවා. ගොවියන්ට පොහොර සහනාධාර ලබාදෙනවා. ඒ හේතුවෙන් අද අපේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබෙනවා. ඒ වගේම ධීවරයන්ට සහන දියයුතු වෙනවා. ඔවුන් ධෛර්යමත් කරන්න අවශ්‍ය වෙනවා.

මේ වනවිට නෝර්වේ රජය ධීවර කර්මාන්තයට අත දෙන්න සූදානමින් සිටිනවා. ඉහළ තාක්ෂණයක් ඔවුන් ඒ වෙනුවෙන් යොදා ගන්නවා. මේ කර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ට ආධාර මුදලක් දෙන්න ද අපි අපේක්ෂා කරනවා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා අපේ රටේ කර්මාන්ත ශාලා 32ක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවා ඉහළම මට්ටමේ කර්මාන්ත වෙනවා. අපි විදේශයන්ගෙන් මත්ස්‍ය මෙට්‍රික් ටොන් 121,000ක් පමණ ගෙන්වනවා. ඒ වෙනුවෙන් වැයකරන මුදලට සාපේක්ෂව වැඩි මුදලක් අපි මත්ස්‍ය අපනයනයෙන් සොයා ගන්නවා. ධීවර කර්මාන්තයේ ගැටළු රැසක් තිබෙනවා. පෝට් සිටි ව්‍යාපෘතිය ඇරැඹීමත් සමඟ ධීවරයන් මුහුණ දුන් ගැටළු සඳහා විසඳුම් දී තිබෙනවා. පාරවල් වසා ප්‍රශ්න විසඳුන්න බැහැ. ධීවර කටයුත්තක් සඳහා පාර වසනවා නම් ඇමැතිකම දමා ගෙදර ගියත් මම ඒ ඉල්ලීම ඉටුකරන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට අවහිරයක් වෙන්න දෙන්න බැහැ".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 11ක්
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 11ක්
http://ift.tt/2eUyFwL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/11_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/11_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy