දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවී නම් අස් වුණා, SB අස් වෙන්නේ කවදාද ?

  කේ. සී. නඩරාජා නම් කෝටිපති ඉඩම්හිමියෙකු කොළඹ 07, 'හේවා ඇවනියු' පාරේ වාසය කළේය. ඔහු හිටපු රාජනීතීඥ කේ. සී. නඩේසන් මහතාගේ ඥාතියෙ...

රවී නම් අස් වුණා, SB අස් වෙන්නේ කවදාද ?

 

කේ. සී. නඩරාජා නම් කෝටිපති ඉඩම්හිමියෙකු කොළඹ 07, 'හේවා ඇවනියු' පාරේ වාසය කළේය. ඔහු හිටපු රාජනීතීඥ කේ. සී. නඩේසන් මහතාගේ ඥාතියෙකි. අවිවාහකයෙකු වූ නඩරාජා මහතා මියගියේ සිය අධික සුරාලොල් බව නිසාමය. අප මෙය සටහන් කර තබනුයේ මේ කතාවේ තැනක දී එයද වැදගත් වන නිසාවෙනි. නඩරාජා මහතා මරණයට පෙර ලියූ අන්තිම කැමති පත්‍රයෙන් කොළඹ 07 නිවස ඇතුළු ඊට අයත් සියළු දේපළ කොළඹ වෛද්‍ය විද්‍යාලයට පවරා දුන්නේය. ඒ, 2008 - 2009 කාලයේ දීය. 
එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියේ එස්. බී. දිසානායක ය. ඔහු උපරිමයෙන් උත්සාහ කළේ මේ කෝටිගණනක් වටිනා දේපළ තමන්ට අයත් කරගැනීමට ය. ඒ සඳහා ඔහු තමන්ගේ ගෝලයින් දෙදෙනෙකු එම නිවසේ පදිංචි කරවූයේ ඇමති තනතුරේ බලය යොදවාගෙන ය. එහෙත් අභාවප්‍රාප්ත නඩරාජා මහතාගේ ඥාතීන් මීට එරෙහිව අධිකරණය වෙත ගිය අතර අධිකරණය සාධාරණව නඩරාජා මහතාගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාරව ඒ නිවස සහ සියළුම දේපළ වෛද්‍ය විද්‍යාලයට හිමිවිය යුතු හෙයින් නිවසේ පදිංචිව සිටි ඇමති එස්.බී. ගේ ගෝලයින් දෙදෙනා ඉන් ඉවත් කරන ලෙසත් නිවසට පොලිස් ආරක්ෂාව සපයන ලෙසත් කුරුඳුවත්ත පොලීසියට නියෝග කළේ ය. 

කුරුඳුවත්ත පොලීසියේ පොලිස් ස්ථානාධිපති ලෙස එවකට සේවය කළේ කපිල ප්‍රේමදාස නමැති නිලධාරියෙකි. අද ඔහු සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙස උසස්වීම් ලබා ඇත. එදා ඇමති එස්.බී. ඔහුගේ බිරිය වන තමරා දිසානායක සහ කපිල ප්‍රේමදාස පොලිස් ස්ථානාධිපති වරයා සමඟ අදාල නිවස වෙත පැමිණ ඇත. අප පෙර කී නිවෙස් හිමියා වූ නඩරාජා මහතා විනෝදාංශයක් ලෙස කර තිබුණේ විස්ති වර්ග එකතු කිරීමය. ඔහුගේ නිවසේ ලොව හොඳම, වටිනාම විස්කි වර්ග වල එකතුවක් තිබී ඇත. ඒ විස්කි එකතුවේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන්නට ඇතැයි කියවේ. එස්. බී. දිසානායක, තමරා දිසානායක සහ කපිල ප්‍රේමදාස යන හොර තුන්කට්ටුව මෙම වටිනා විස්කි එකතුව ද නිවසේ තිබූ ඉතා වටිනා පැරණි භාණ්ඩ එකතුව ද නඩරාජා මහතාට අයත්ව තිබූ ප්‍රාඩෝ රථයක් ද රැගෙන ගොස් තිබේ. ඒ මොහොතේ අධිකරණ නියෝගය අනුව නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් වරයකු මෙසේ රැගෙන ගිය සියළුම භාණ්ඩ වල ලැයිස්තුවක් ඔහුගේ සාක්කු සටහන් පොතේ ලියා තබා ද ඇත. 

මේ එස්. බී. ඇමතිවරයාගේ සොරකම සම්බන්ධයෙන් නඩරාජා මහතාගේ ඥාතීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ ද 2008 සිට මේ දක්වා ම විමර්ශනයක් සිදු කෙරී නැත. එස්. බී. දිසානායක අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිතවතුන් මාර්ගයෙන් මේවන තෙක්ම පරීක්ෂණ යට ගැසීමට සමත්ව සිටී. නියම මහත්මයකු විසින් තම අන්තිම කැමැත්තෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලයට පවරා දුන් දේපළක් සම්පූර්ණයෙන් අයත් කර ගැනීමට උපරියමෙන් වලිකා, නොහැකි වූ තැන ඉන් කෝටි ගණනක් වටිනා කොටසක් මහ දවල් කොල්ලකාගෙන ගිය එස්. බී. ඇමතිවරයා අදටත් යහතින්, නිදැල්ලේ, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ද පැමිණ ඇමති ධුරයක් ද හොබවයි. 

අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන්නේ මේ කොල්ලය පිළිබඳව පරීක්ෂණ කෝ ? කියා ය. එස්. බී. ගෙන් අසන්නට ඇත්තේ එදා සොරකම් කළ භාණ්ඩ කෝ ? කියාය. ජනාධිපතිවරයාගෙන් අසන්නට ඇත්තේ සොරකමුත් කර විමර්ශනත් ඇහිරූ එස්. බී. නම් ඇමති සොරාට ඉල්ලා අස්වන්නට කියන්නේ නැතිද කියාය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී නම් අස් වුණා, SB අස් වෙන්නේ කවදාද ?
රවී නම් අස් වුණා, SB අස් වෙන්නේ කවදාද ?
http://ift.tt/2wB7or6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/sb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/sb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy