ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුගේ අත පල්ලෙන් වැටී නැති බවත් එනිසා කිසිවෙකුගේ කෙනෙහිලිකම් විඳීමට උවමනා නැති බවත් එම පක්ෂ ජේෂ්ඨ උප සභාපති මහ...
දෙවැනි පෙළ නායකයන් ගේ ප්‍රකාශයන්ට වඩා ශ‍්‍රීලනිපය අවධානය යොමු කරන්නේ පක්ෂ නායකයන් විසින් ඇතිකරගත් එකඟතා මත බවද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොතකා කටයුතු කරන්නේ නම් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව පැවසූ ඔහු ඉතිහාසයේ දී ද මීට වඩා බරපතළ අභියෝගයන්ට පක්ෂය මුහුණ දුන් බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා හැරීමට කිසිවකු කටයුතු කරන්නේ නම් ඊට විකල්ප සෙවීමට ද පසුබට නොවන බව ඔහු පැවසීය.
මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS