රන්ජන් මරාගෙන මැරෙන්න තීන්දු කරයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමග කල හඬ පටද එලි කරයි.. youtube වෙත මුදා හැරීමට සූදානම් රංජන් රාමනායක මන්ත්‍රීවරය...
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවේ.
එක් එක් පාර්ශ්වයන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා රහසිගතව පටිගත කරල ලද දුරකථන ඇමතුම් ලක්ෂ ගණනින් ඔහු විසින් වෙනත් ස්ථානයක සඟවා ඇති බවත් වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පවත්වන සංවාද ද ඇතුළත් බව සඳහන් වේ.
එසේ සඟවා ඇති දුරකථන සංවාද අන්තර්ජාලයට මුදාහැරීම සඳහා මේ වනවිට ඔහු විසින් සිය නමින්ම youtube නාළිකාවක්ද නිර්මාණය කර තිබේ.
ඒ සඳහා රන්ජන් රාමනායක මහතා හඳුන්වා දීමේ වීඩියෝවක් ද නිකුත් කර තිබෙන අතර විශේෂත්වය වන්නේ ඔහු එහි පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටීමයි. එම හඳුන්වාදීමේ වීඩියෝව නිකුත් කර ඇත්තේ අද දිනයේදීය.
COMMENTS