ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂගෙන් CIDය ප්‍රශ්න කිරීමට එරෙහිව රාජපක්ෂ හිතවාදීන් 5000ක් කොළඹට කැඳවා විරෝධතා දක්වන බවට ඒකාබද්ධ විපක්ෂය...
ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂගෙන් CIDය ප්‍රශ්න කිරීමට එරෙහිව රාජපක්ෂ හිතවාදීන් 5000ක් කොළඹට කැඳවා විරෝධතා දක්වන බවට ඒකාබද්ධ විපක්ෂය මීට පෙර පාරම්බා තිබුණ ද ඔවුන්ට සෙනඟ සොයා ගැනීම ගැටළුවක් වී තිබේ. මේ වන විට ඔවුන් යම් යම් පුද්ගලයින් මාර්ගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට සහ ජනපති මෛත්‍රීපාල සිරිසේනට පණිඩිඩ යවමින් සිටින බවත් අගමැතිවරයා මේ පිළිබඳව තමන්ට කිසිවක් ම කළ නොහැකි යැයි ප්‍රතිචාර දක්වා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
මේ අතර 'නැව ගිළුනත් බෑන්ඩ් චූන්' තත්වයෙන් පසුවන හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ "ශිරන්තිට මේ බොරු චෝදනා කරලා තියෙන්නේ. මේකෙන් තමයි මම වැඩේ පටන් ගන්නේ. මම 2020 ජනාධිපතිවරණ අපේක්ෂිකාව කරවන්නේ ශිරන්තිව" යනුවෙනි.
COMMENTS