ජ නාධිපතිවරයාගේ පොදු සමාව යටතේ සිර දඬුවමින් නිදහස ලද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් නව ජන බලව...
ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ සිර දඬුවමින් නිදහස ලද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් නව ජන බලවේගයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. මෙම නව ජනබලවේගය ගොඩනැගීමේ බලාපොරොත්තුව රට ජාතිය පත්ව ඇති ආගාධයෙන් ගොඩ ගැනීම බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කළහ.
සිර දඬුවමින් නිදහස් වී පැමිණි ඥානසාර හිමියන් හමුවට ආ බොහෝ පිරිස් විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඥානසාර හිමියන් මෙම තීරණයට එළැඹි ඇතැයිද නන්ද හිමියෝ පවසති.
මෙම නව බලවේගය හෙට දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ දී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාව කින් කටයුත්ත ආරම්භ කරන බවද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබා ගන්නා බවද හිමියන් තව දුරටත් කීහ.

COMMENTS