ලු තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි. කොළඹ පිහිටි ඇමරිකානු...
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන බවය.
ශවේන්ද‍්‍ර සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් සංවිධාන කිහිපයක් විසිනුත් මානව හිමිකම් චෝදනා එල්ල කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයත්, යුක්තිය හා වගකීම ප්‍රවර්ධනයට වු කැපවීම් හැල්ලුවට ලක් කර ඇති බවත් එහි සදහන්ය.
මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය මෙතෙන් සිය ප‍්‍රතිචාරය කුමක්දැයි දක්වා නැත.

COMMENTS