සී. එස්. එන්. (CSN) නාලිකාවේ අධ්‍යක්ෂිකාවක හා කොටස් හිමිකාරීත්වය දැරුවේ යැයි කියන ගාඩියා කරුණාජීව නමැති සැකකාරියට එරෙහිව ජාත්‍යන්තර පොලිසි...
සී. එස්. එන්. (CSN) නාලිකාවේ අධ්‍යක්ෂිකාවක හා කොටස් හිමිකාරීත්වය දැරුවේ යැයි කියන ගාඩියා කරුණාජීව නමැති සැකකාරියට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කරන්නැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (03) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
උපයාගත් ආකාරය හෙළි නොකළ මුදලින් සී. එස්. එන්. නාලිකාව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවන අතර ගාඩියා නැමැති අය නඩුවේ හයවන සැකකාරිය ලෙස නම්කර ඇත.
දැනට මෙම සැකකාරිය ඕස්ට්‍රේලියාවේ සිටින බවට තොරතුරු ඇති බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන යටතේ වරෙන්තු නිකුත් කරන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඊයේ (03) ඉල්ලා සිටියේය.
හයවෙනි සැකකාරිය වෙනුවෙන් මීට පෙර නඩු විභාගයන්හිදි නීතිඥවරුන් පෙනී සිට ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවට නීතිඥවරුන් දැනුම් දී තිබුණු කරුණු කෙරෙහිද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය දිව්රුම් ප්‍රකාශ මඟින් රතු නිවේදන නිකුත් කරන ඉල්ලීම කර ඇත.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගය නිකුත් කිරීම ලබන 10 දිනට කල් තැබීය.
කළු සල්ලි සුදු කරන්න දාපු ලොන්ඩරියක්:
සී. එස්. එන්. ආයතනයට ආයෝජකයන් ගණනවක් සිටින අතර ඉන් අෂාන් ප්‍රනාන්දු, ගාඩියා කරුණාජීව, කවිශාන් දිසානායක යන පුද්ගලයින් ඉතාම සුවිශේෂ බවත් මොවුන් විශාල මුදලක් අයෝජනය කල ද අද වන තුරු සී එස් එන් ආයතන ඔවුන් හට කිසිඳු ප්‍රතිලාභයක් ගෙවා නැමැති බවත්, මුදල් විශුද්ධි කරණ පණතේ කටයුතු මෙම නාළිකාවට මතු වන අතර මේ ගණුදෙනුව දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම නාළිකාව යොදාගෙන ඇත්තේ කළු සල්ලි සුදු කීරීමට බව කැෆේ සංවිධානයේ ප්‍රධානි කීර්ති තෙනනකෝන් මහතා පෙන්වා දෙයි.
COMMENTS