දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.
Homeප්‍රවෘත්ති

සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.

PropellerAds

ඉදිරි මැතිවරණයේදී තෝරාගත් ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පොදු ලකුණකින් තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ නායකය...

සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
වාසු කියන විදියට කන්න වෙන්නේ වට්ටක්කයි වම්බොටුයි අනිත් එළවලු මිල ගණන් වාර්තාගත ලෙස ඉහලට

ඉදිරි මැතිවරණයේදී තෝරාගත් ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පොදු ලකුණකින් තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් කැමැත්ත පළකළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01දා) පැවසීය. ඒ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් එය පක්ෂයෙන් විමසිය යුතු බවත්ය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා - “ලබන මැතිවරණයට එක්ව තරග කිරීම සාකච්ඡාවට භාජනය කරලා කරන්න පුළුවන් එකක්. මගේ බේරුවල ආසනය ඒ විදියට තමයි තරග කරන්නේ. දැනට සංවිධායකවරුන් දෙන්නම මාත් එක්ක කතා කරගෙන තිබෙනවා. අද හරි හෙට හරි අපි සාකච්ඡා කරලා අවසන් තීන්දුව ගන්නවා. ඒ දෙගොල්ලොම කැමැතියි එක පොදු  ලකුණකින් 2015 ජනවාරි 08 වැනිදා වගේ තරග කරන්න.

මේ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ට මම කතා කළාම සමහර නගර සභා හා ප්‍රාදේශීය සභාවලත් පොදු ලකුණකින් තරග කරන්න එම ස්ථානවල එකතු වෙනවා කියලා කිව්වා.”

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා "එක්ව තරග කරන එක ගැන අපි දන්නෑ. ඒක පක්‍ෂයෙන් අහන්න ඕන. පක්‍ෂයෙන් අහන්නෙ නැතිව කියන්න බැහැ. මෙතුමා එතුමන්ලා එක්ක සම්බන්ධතාවක් තියාගෙන වැඩ කරගෙන යනවා ඇති. නිතර ගිවිසුම් තිබෙනවා. සමහර කට්ටිය එහෙම කරනවා. ඒක අපේ පක්‍ෂය ගත්තු තීන්දුවක් නෙමෙයි" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.
සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.
http://ift.tt/2h36alE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy