මාතලේ මහනුවර වත්තේගම මඩවල දඹුල්ල නාඋල ඇතුව දිවයිනේ ප්‍රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදී මාල මොටර් රථ යතුරු පැදි වලීන් කඩා පලා යන කල්ලියක ...
මාතලේ මහනුවර වත්තේගම මඩවල දඹුල්ල නාඋල ඇතුව දිවයිනේ ප්‍රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදී මාල මොටර් රථ යතුරු පැදි වලීන් කඩා පලා යන කල්ලියක මහ මොලකරු ලෙස කටයුතු කළ වත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග තවත් දැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපති කිරිමෙන් පසු එම සැකකරුවන් දෙදෙනො රක්ෂිතබන්ධනාගාර ගත කෙරුණි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුල්ගයින්ට ඇප ලබා ගැනීමට අවශ්‍යවු මුදල් රැස් කිරිම සදහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරුගේ බිරිඳ විසින් රක්ෂත බන්ධනාගාරගත කර සිටින ස්වාමිපුරුෂයාගේ මිතුරන් දෙදෙනෙකු සමග එක්වී මංකොල්ලකෑම් සිදුකර එම මංකොල්ල කන ලද රත්තරං පෞද්ලලික මුල්‍ය අයතන වෙත උකස්කර ඇති බවට සැකපිට වත්තේගම ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් වන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය (07) වන දින සැකපිට අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකු ප්‍රශ්ණ කිරීමේදී මේ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඇය විසින් උකස්තබන ලද රුපියල් 64000ක වටිනාකමකින් යුතු රිසිට් පත්ද සමග ඇය මාතලේ දී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීම මාතලේ මුලස්ථාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදී අපරාධ අංශ ස්ථානාධිපති පොලිස පරික්ෂක සරත් ධර්මකිර්ති මහතාගේ මෙහෙවීමෙන් පොලිස කණ්ඩායමක් විස්න සිදු කර ඇත.
සැකකාරිය මාතලේ අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අභයසිරි
COMMENTS