දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් - මෝඩ චූන් අරගලය - සුනන්ද දේශප්‍රිය
Homeප්‍රවෘත්ති

සයිටම් - මෝඩ චූන් අරගලය - සුනන්ද දේශප්‍රිය

PropellerAds

සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම යනු ඇත. අප කැමැති වුවත් නැත...

චීනයට පක්ෂපාති වුවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් !
ඇදිරි නිතීය මැද ගෙදර කසිප්පු පෙරූ මන්ත‍්‍රී අත්අඩංගුවට !
චීනයේ යුවාන් ඇමෙරිකාවේ ඩොලරය පරදයි ද? ලෝක බලවතා තීරණය කිරීමේ අන්තිම මොහොත !
සයිටම් - මෝඩ චූන් අරගලය - සුනන්ද දේශප්‍රිය

සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම යනු ඇත.

අප කැමැති වුවත් නැතත් වත්මන් දේශපාලන යථාර්ථය එයයි. එය තිත්ත නමුත් ඇත්තය. රාජ්‍ය විසින් සපයන නිදහස් අධ්‍යාපනය වැඩි දියුණූ කිරීම උදෙසා අප මුහණ දෙන අභියෝග තේරුම්ගත යුත්තේ එම පසුබිම තුළය.

සයිටම් විරෝධී අවස්ථාවාදී දේශපාලන හවුලට මෙරට අධ්‍යාපනය මහජන සේවාවක් ලෙස දියුණු කිරීමට සමස්ත අදහසක් නැත.

ඇත්ත වශයෙන්ම නම් මෑත කාලයෙහි මෙරට අධ්‍යාපනයේ ජනතා ලැදි සුසමාදර්ශී වෙනසක් ඇති කිරීමට අදහසක් හෝ තිබුණේ චන්ද්‍රිකා කුමාරතුංග පාලනයට පමණය. 1980 ගණන් මැද භාගයේදී එජාප ආණ්ඩුව විසින් ගෙන එන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාවෙහි වූ යම් යම් යෝජනාද යළි විමසා බැලීම වටී.

පුද්ගලික අංශයේ අධ්‍යාපනය යනු සයිටම් නොවේ. අනුර කුමාරගේ පුතා අධ්‍යාපනය ලබන ස්ලිට් තවත් සයිටමයකි. ජවිපෙ හිටපු නායකයින් දෙදෙනාගේම දරුවෝ විදෙස් රටවල අධ්‍යාපනය ලබති. පෙරටුගාමී නායකයාගේ දරුවන් ඉගෙන ගන්නේද එතෙරය.

GMOA ප්‍රධානීන්ගේ දරුවන් කොපමණ පුද්ගලික අංශයේ සහ එතෙර අධ්‍යාපනය ලබන්නේදැයි දන්නේ කව්ද? සිය දරුවන් සුපිරි පාසල් වලට ඇතුළු කර ගැනීමට මරාගෙන මැරෙන GMOA සයිටම් අහෝසි කරන්නට කියන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ නිසා නොවේ. අහවල් එකකටද කියා දන්නේ කව්ද? GMOA මොළය තිබෙන්නේ කොතැනකදැයි පෙනුණු සිදුවීම් දෙකක් පසුගියදා සිදුවිය. එකක් නම් කාලෝ පොන්සේකා වෙනුවෙන් වැඩ වර්ජනයක් කරන බවට කටමැත දොඩා කාලෝගෙන්ම කෑමය. අනෙක නම් වරෙන්තු පහක් පිට සිටි රයන් නම් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට සුදු වෑන් එවූවේයැයි තවත් වර්ජනයක් කරන්නට ගොස් නෑමයි. GMOA රාජපක්ෂ සමයේ සුදුවෑන් ගැන දන්නේම නැත්ද? GMOA ප්‍රධානීන් කියූවේ සයිටමය අහෝසි නොකළ හොත් යළි 1988 – 1989 තාලයේ බිහිසුණූ යුගයක් ඇතිවිය හැකි බවය. ඒ ඇසූ අන්තරය ‘අපි යන්නේ කොයි පාරේ - ත්‍රිමා විතාරණ ගිය පාරේ’ යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණි.

රාජපක්ෂ කණ්ඩායමේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ බොහෝ පිරිස් සිය දරුවන් ඉගෙනීමට යවා ඇත්තේ එතෙරය. නැත්නම් පුද්ගලික පාසල් වලටය. උදාහරණයක් ලෙස ජී.එල්. පීරිස්ගේ දුව ඉගෙන ගත්තේ නේපාලයේ ය.

රාජපක්ෂ කළේ මෙරට අධ්‍යාපන ක්‍රමයම දේශපාලනිකව මිලිටරිකරණය කිරීමයි. ලුතිනන් විදුහල්පතිවරු සහ සරසවි සිසු යුද පුහුණූ මතක නැත්ද? රාජපක්ෂ2015දී බලයට පැමිණියේ නම් රටපුරාම යුද හමුදා පුද්ගලික විශ්වවිද්‍යාල ඇරඹෙන්නට තිබුණි. දැන් සයිටම් විරෝධී ජනපවුරේ වැඩිම බලය ඒ රාජපක්ෂවරුන්ය.

හඩන්නද? හූ කියන්නද? කොක් හඬළන්නද?

දැන් සයිටම් සියලු අවස්ථාවාදී දේශපාලන බලවේගයන් එක්කරන සබන් බෝලය බවට පත්ව තිබේ. මේ අවස්ථාවාදී හවුලේ එකම පොදු සාධකය නම් තමන් තව ටිකක් ජනප්‍රියවීම පමණි. මෙරට පොදු ජනතාවගේ අධ්‍යාපන අයිතිය ගැන සයිටම් හවුලට කිසිදු පොදු අදහසක් නැත.

සයිටම් සටනේ පෙරමුණූ බලකාය වන ජවිපෙ සහ ජවිපෙහි මනෝකාය වන පෙරටුගාමීන්ට සයිටම් වනාහී අද දවසේ ආහල්ලාදයයි. පොලීසිය පැමිණ කරදර නොකරන විරෝධතා පිකට් එකක ගතියක් නැති පරිදිම වතුර විදිනයන්ගෙන් නා ගැනීමට නොහැකි වුව හොත් පාරවල් හරස් කිරීමට බැරිවුවහොත් සයිටම් විරෝධතා අලවෙයි. සයිටම් අරගලයේ ශිෂ්‍ය නායකත්වය දරන අන්තරය පිහිටුවා තිබෙන්නේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට නොවේ. එය ශිෂ්‍ය සංවිධානයකට වඩා තාවකාලික දේශපාලන අම්බලමකි.

ආණ්ඩුවට තිබුණේ එපා නම් එපා කියා සයිටමයට ඕනෑම කෙංගඩියක් කර ගන්නට එහි යතුර එය ආරම්භ කළ රාජපක්ෂටම දීමය. මන්ද යත් සයිටමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය තීරණය කරන වෝටර්ලූ සටන නොවන නිසාය. සයිටම් සටන ආණ්ඩුවේ හයිය පිළිබඳ සංකේතයක් වන්නට ඉඩ හරිනු වෙනුවට එය විසින් කළ යුතුව තිබුණේ එක් පියවරක් ඉදිරියට යනු පිනිස දෙපියවරක් ආපස්සට තැබීමය.

ජනතා විමුක්ති පෙරමුණේ උපන්ගෙයි ලක්ෂණය නම් දුර නොපෙනීමය. එයට කිසිදු වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජාතික පිළිවෙතක් නැත. රාජපක්ෂ යටතේ කෘෂිකර්ම ඇමැතිකම ලද ජවිපෙ කළේ හිල් කූඩ වලින් මඩ අඳිමින් වැව් සුද්ධ කිරීමයි. අන්තිමේදී නටපු නැටුමකුත් බෙරේ පලුවකුත් නැති විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පිළිවෙත යළි සකස් කිරීමට ජවිපෙට හෝ එහි පෙරටුගාමී මනෝකායට කවර හෝ අදහසක් තිබේද? පසුගිය කාලය පුරා ජවිපෙ හෝ අන්තරය හෝ මනෝකාය හෝ විසින් මෙරට නිදහස් අධ්‍යාපනය සමස්තයක් ලෙස ගෙන කරන ලද එකද අරගලයක් හෝ ව්‍යාපාරයක් හෝ දැක තිබේදැයි කල්පනා කර බලන්න.

මෙරට මාපියන් දරුවන්ගේ අධ්‍යාපනයේ ආරම්භයේදීම මුහුණ දෙන ප්‍රශ්නය පාසලක් ලබා ගැනීමයි. දුගී ජන තීරු ගමේ ඉස්කෝලයට දරුවන් යවන අතර නාගරික මධ්‍යම පන්තිකයෝ හතු මෙන් පීපී ඇති පුද්ගලික පාසැල්වලට යවති. ඉන්පසු ඇතිවන්නේ මරාගෙන මැරෙන පහේ ශිෂ්‍යත්වයයි. පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවට අධ්‍යාපන විශේෂඥයින් කර ඇති නිර්දේශ සයිටම් චූන්කරුවන්ට අගුණද?

ලොව කිසිදු දියුණූ රටක මෙවැනි අර්බූදයක් නැත. ප්‍රාථමික පාසල් පවතින්නේ දරුවන්ට ලෙහෙසියෙන් යා හැකි දුරකය. ප්‍රාථමික පාසල් යනු දරුවන්ගේ අධ්‍යාපනය කෙළිදෙලෙන් ලබා ගන්නා පරිසරයකි. මෙරට අධ්‍යාපනයේ ප්‍රථමයෙන් කළ යුතු වෙනස නම් ප්‍රාථමික, ද්විතීයික සහ උසස් යනාදී ලෙස පාසල් යළි බෙදා වෙන් කිරීමයි. එමෙන්ම සැම පාසලකම කුඩා හෝ ක්‍රීඩා පිට්ටනියක් මෙන්ම ක්‍රීඩාගාරයක් ඇති කිරීමයි. පාසල් පන්ති කාමරය දරුවන් 20-25කට සීමා කිරීමයි. නවීන දැනුම සහිත ගුරු පුහුණුවක්ද වඩා ඉඩ සහ පහසුකම් සහිත පාසල් පන්තිකාමර ද අත්‍යවශ්‍ය සාධක වෙයි. තවද බහුභාෂා අධ්‍යාපනයක් හදුන්වාදීම අත්‍යවශ්‍ය බවට පත්වෙයි.

ඉගෙනීම යනු පාසලෙහි ගත කරන කාලයම නොවේ. පාසලෙන් පසු අපේ දරුවන් කාලය ගත කරන්නේ කෙසේද? අපේ අසල්වැසි යායයන් කීයක දරුවන්ට පාපන්දු, අත් පන්දු, ක්‍රිකට් ගැසිය හැකි පිට්ටනි තිබේද? රටපුරා කට්ටිකර බෙදා විකුණණ ඉඩම් කීයක ක්‍රීඩා කිරීමට ඉඩමක් වෙන් කර තිබේද? හැම හන්දියකම බුදු පිළිමයක් හෝ කුරුසයක් හෝ කෝවිලක් හෝ නම් තිබේ! කවර හෝ ආණ්ඩුවක් විසින් වියදම් රහිත සාමූහික ක්‍රීඩා වන අත්පන්දු, පැසි පන්දු සහ පා පන්දු දරුවන් අතර ජනප්‍රිය කිරීමට ගත් එකද උත්සාහයක්වත් මතකයට නඟා ගත හැකිද?

සයිටම් සටන්කාමීන්ට මෙරට ‘ නිදහස් අධ්‍යාපනය ’ රැක ගැනීමට ඇත්ත උවමනාවක් ඇත්නම් කළ යුත්තේ සයිටම් සටන මෙරට අධ්‍යාපනය නවීකරණය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ සටනක් බවට පත් කිරීමයි. එවිට අක්‍රමවත්, ළමා අධ්‍යාපනයට පටහැනි පෙරපාසැල් වලින් පටන් ගෙන පහේ ශිෂ්‍යත්වයේ සිට ටියුෂන් පංති දක්වාද, හරසුන් කලා අධ්‍යාපන ධාරාවන්හි සිට විශ්ව විද්‍යාලයන්හි දේශපාලන සමාජ සංස්කෘතිය දක්වා ද ප්‍රශ්න කරන්නට සිදුවෙයි.

කවර පැත්තක සිට වුවත් සයිටම් නාඩගම නටන කිසිවකුට මෙවැනි ප්‍රශ්න ගැන උනන්දුවක් ඇති බවක් මේ තාක් පෙනී නැත. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින එක් ප්‍රධාන සාධකයක් නම් ස්වාධීන, විවිධත්වයට ගරු කරන, නිර්මානශීලි, විනෝදකාමී, සෞඛ්‍යමත් සහ බුද්ධිමත් පුරවැසියන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමයි. එය ලාභ අරමුණූ කර ගත් අපාලිත පුද්ගලික අධ්‍යාපනයෙන් සිදු වන්නේ නැත.

දේශපාලන බලය වෙනුවට සිවිල් බලය මත රඳා පවතින අපේ අභියෝගය වන්නේ එවැනි සමස්ත ප්‍රතිසංස්කරණ සඳහා සමාජ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමට කටයුතු කිරීමයි.

ඒ නයින් බලන කල සයිටම් යනු මෝඩ චූන් පුස් වෙඩිල්ලකි. එය පත්තු වුනත් නැතත් අපට වන කෙංගෙඩියක් නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් - මෝඩ චූන් අරගලය - සුනන්ද දේශප්‍රිය
සයිටම් - මෝඩ චූන් අරගලය - සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2feddqd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy