අධික ලෙස මත්පැන් පානය කළ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අනුරාධපුර, සෙන්ට්‍රල් කන්ද පාලම යට සිහසුන්ව වැටී සිටියදී ඊයේ (01) පොලීසිය විසින් සොය...
අධික ලෙස මත්පැන් පානය කළ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අනුරාධපුර, සෙන්ට්‍රල් කන්ද පාලම යට සිහසුන්ව වැටී සිටියදී ඊයේ (01) පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය රඹෑව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ පාසල් දැරිය අනුරාධපුර සෙන්ට්‍රල් කන්ද පාලම යමින් දිවෙන දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී සිටින බව දුටු පුද්ගලයෙක් ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර ඒ තොරතුරු අනුව පොලීසිය දැරිය සොයාගෙන තිබේ.
මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දැරිය උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා ඊයේ උදෑසන නිවසින් පැමිණ ඇති බවත් ඉන්පසුව තම පෙම්වතා සමඟ බීර පානය කර තිබෙන බවත්ය.
දැඩි ලෙස බීමත්ව සිටි දැරිය බිම ඇද වැටුණු නිසා පෙම්වතා ඇයව එම ස්ථානයේ දමා පලාගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත.
මේ වනවිට අදාල පාසල් දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS