ඒකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මේ සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවෙනු ඇත...
ඒකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මේ සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවෙනු ඇති බව වාර්තා වෙයි.
රවි කරුණනායක මහතාට එරෙහිව ඉදරිපත්වූ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පක්ෂව ඡන්දය භාවිත කිරිමට තිරණය කර ඇති බවද වාර්තා වෙයි.
අමාත්‍යවරයාට එරෙහිව මිට ඉහතදීත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදරිපත් වූ අතර එයින් ඔහු ජය ලැබීය. නමුත් මෙවර විශ්වාසභංග යෝජනාවට ඔහුට මුහුණදීමට අපහසු වෙනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යොජනාවේ නීති ප්‍රශ්න මතුව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරු කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නොදමා ඇත්තේ ඇයිදැයි අනුර කුමාර නැගූ ප්‍රශ්නයකට කතානායක එම පිළිතුරු ලබාදුන්නේය.එසේම කතානායකවරයා සඳහන් කළේ මේ පිළිබඳව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දිය හැකි බවයි.
එවට අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ නීති ප්‍රශ්න සෙවීමට ප්‍රථම එය න්‍යාය පත්‍රයට දැමිය හැකි බවයි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ විශ්වාසභංගය පළිබඳව අවසන් තීරණය කතානායකට ගත හැකි බවයි.
COMMENTS