මු ස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ...
මුස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය දිනවල රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා රැසක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විවේචන එල්ලවිය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්සත් ජාතික පෙරමුණට අයත් කැබිනට් ඇමැතිවරයකු බැවින් ඔහු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු පැවැසූහ.
කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ, සමුපාකාර සංවර්ධන වෘත්තීය පුහුණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිසාඩ් බදියුදීන් කටයුතු කරයි.
නැගෙනහිර පළාතේ ෂරියා අධ්‍යාපන ආයතනයක් ගොඩ නැගීම සහ එම අධ්‍යාපන ආයතනය ෂරියා විශ්වවිද්‍යාලයක් කිරීමට කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා වහාම එම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම මේ වන විට විවිධ අයුරින් දැනුම් දී තිබේ.
එලෙසම ආරක්ෂක අංශ මගින් සිදු කරන පරීක්ෂණවලට බාධා කළ බව කියන දේශපාලනඥයන් පිළිබඳව ද දැඩි තීන්දුවක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මීට අමතරව අන්තවාදීන්ට උදව් කළ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද්සාලිට එරෙහිවද දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා වෙත චෝදනා ඉදිරිපත් කර ඇත.
පානුක රාජපක්ෂ
ලක්බිම

COMMENTS