පා ස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු මෙරට ආර්ථිකය සීඝ්‍ර ලෙස කඩා වැටීමකට ලක්වුනේ සෑම ව්‍යාපාරයකටම පාහේ දැඩි බලපෑමක් එල්ලකරමින්. විශේෂයෙන්ම සං...
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු මෙරට ආර්ථිකය සීඝ්‍ර ලෙස කඩා වැටීමකට ලක්වුනේ සෑම ව්‍යාපාරයකටම පාහේ දැඩි බලපෑමක් එල්ලකරමින්. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳී පවතින හෝටල් කර්මාන්තයේ සිදුවුන කඩා වැටීමත් සමඟ ඒ හා සම්බන්ධ ව්‍යාපාර රැසක කඩා වැටීමක් දකින්නට ලැබුනා.
ඒ අනුව කුකුල් මස් හා බිත්තර කර්මාන්තයට සිදුවුන බලපෑම නිසා කුකුල් පැටවුන් 40% ක් පමණ මරා වළදමන්නට සිදුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඔහු පවසන්නේ ඇණවුම් නොමැති පරිසරයක කුකුළු පැටවුන් නඩත්තු කිරීමට අමතර පිරිවැයක් දරන්නට සිදුවන නිසා ඊට ඇති එකම විකල්පය පැටවුන් මරා වළදැමීම පමණක් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හෝටල්වලින් කුකුල් මස් ව්‍යාපාරිකයන්ට තිබූ ඇණවුම්වලින් 50% ක් පමණ ක්ෂණිකව අවලංගු වී ඇති අතර මස්, බිත්තර හා කුකුළු ආහාර සැපයුම්කරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුධයකට පත්ව තිබෙනවා.
මේ අතර දැනට ලංකාවට කුකුළු මස් විදේශයන්ගෙන් ආනයනය නොකරන බවත්, මෙම තත්වයට නිසි විසඳුමක් නොලැබුනහොත් අගෝස්තු මාසය වනවිට කුකුළු මස් ආනයනය කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS