ප සුගිය පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක බෝම්බ පිපිරවීම ට පෙරාතුව තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිස මරාගෙ...
පසුගිය පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක බෝම්බ පිපිරවීම ට පෙරාතුව තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිස මරාගෙන මැරෙන දිවුරුම දී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයකදී බව හෙළිව තිබේ.
බෝම්බ කරුවන් ගේ නායක සහරාන් නසීම් ඉදිරියේ මෙම දිවුරුම ලබාදී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක පස්වැනි මහලේ පිහිටි කාමරයකදී බවද පොලීසිය කියයි.
මසකට රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක පමණ මුදලක් ගෙවා මාස දෙකක පමණ කාලයකට එම තට්ටුවේ කාමර තුනකින් සමන්විත නිවසක් කුලියට ගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය පදිංචිව සිට ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.
පාස්කු ඉරිදාට පෙර දිනයේ දී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිරිස සහරාන් ඉදිරියේ දිවුරුම් දී ඇතැයි ද පොලිසිය විසින් හෙළිකරගෙන ඇත.
මෙම තොරතුරු හෙළිව ඇත්තේ කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් රෝහල්ගත කරන ලද සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

COMMENTS