දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොරු නිසා ඊයේ කැබිනට්‌ හමුවත් උණුසුම්.
Homeප්‍රවෘත්ති

හොරු නිසා ඊයේ කැබිනට්‌ හමුවත් උණුසුම්.

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී දූෂණ චෝදනා එල්ල වී ඇති ...

දිස්ත්‍රික්ක 07ක ජනතාව උග්‍ර ජල හිඟයක (PHOTOS)
හැටන් පොලිස් කොට්ඨාසයට නිල සුනඛ අංශයක් (PHOTOS)
උතුර සුරැකීමේ සංවිධානයත් විග්නේෂ්වරන්ට එරෙහි වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී දූෂණ චෝදනා එල්ල වී ඇති රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට සහ පසුගිය ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට මෙතෙක්‌ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් ප්‍රශ්න කිරීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ගෙන ඇත.

මෙහිදී කැබිනට්‌ ඇමැතිවරුන් විශාල පිරිසක්‌ දැඩි ආවේගයෙන් අදහස්‌ දැක්‌වූ බව සඳහන් වේ.

මෙම කටයුතු විශේෂ අධිකරණයක්‌ මගින් නීත්‍යනුකූලව කිරීමට ව්‍යවස්‌ථාවෙන් අවස්‌ථාවක්‌ නොමැති නම් දැනට පවතින අධිකරණයක කටයුතු කැප කර එය මහාධිකරණයක්‌ බවට පත් කිරීමෙන් පසු දූෂිත වංචා නඩු විභාග කිරීමට කටයුතු කරන මෙන් තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා දැඩිව සඳහන් කර ඇත.

මෙම යෝජනාවට පක්‍ෂව බහුතරයක්‌ ඇමැතිවරුන් අදහස්‌ දැක්‌වූ බව සඳහන් වන අතර සාගල රත්නායක, තිලක්‌ මාරපන, පාඨලි චම්පික රණවක ඇමැතිවරුන් එහි පෙරමුණ ගෙන කටයුතු කර තිබේ.

එසේම අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳවද ඇමැතිවරුන් මෙහිදී අදහස්‌ දක්‌වා ඇති අතර ඔහුගේ පිළිතුර වී ඇත්තේ තමන්ට අධිකරණයට බලපෑම් කළ නොහැකි බවයි. එසේම ඒ. එච්. එම්. ෆවුසි මහතාට සහ පියංකර ජයරත්න මහතාට විරුද්ධව පවරා ඇති නඩු, මහා පරිමාණ දූෂණ වංචා ලෙස සැලකිය නොහැකි බවට මෙහිදී අදහස්‌ පළවී තිබේ.

රජය තවදුරටත් මෙලෙස කටයුතු කළහොත් හොරු අල්ලන්නේ කෙසේදැයි ඇමැතිවරුන් විමසා ඇති අතර එය ආණ්‌ඩුවේ පැවැත්මට කිසිසේත්ම හිතකර නොවන බවද පවසා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොරු නිසා ඊයේ කැබිනට්‌ හමුවත් උණුසුම්.
හොරු නිසා ඊයේ කැබිනට්‌ හමුවත් උණුසුම්.
http://ift.tt/2vCmw9k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_803.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_803.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy