මධ්‍යම පළාත් හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් අද (26) හැටන් පොලිස් කොට්ඨාසය තුළ නිල සුනඛ අංශයක් විවෘත ...
මධ්‍යම පළාත් හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් අද (26) හැටන් පොලිස් කොට්ඨාසය තුළ නිල සුනඛ අංශයක් විවෘත කරනු ලැබීය.
හැටන් පොලිස් කොටිඨාසය තුළ පොලිස් ස්ථාන 08ක මෙතෙක් සිදුවු අපරාධ, සොරකම් ඇතුළු විවිධ ගණයේ අපරාධ රැසකට නිළ සුනඛයින්ගේ සේවය නුවරඑළිය පොලිස් කොටිඨාශයෙන් හෝ මහනුවර පොලිස් කොටිඨශයෙන් ලබා ගැනීම මෙතෙක් සිදුකර තිබේ.
ඒ අනුව හැටන් පොලිස් කොටිඨාශය තුල නිල සුනඛ අංශයක් සිදු කිරිම තුලින් එම අපරාධ සදහා ක්ෂණිකව පොලිස් සුනඛයින්ගේ සේවය ලබා ගැනිමට පොලිස් නිළධාරින්ට අවස්ථාව උදාවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ලැබිර්ඩෝ සහ ජර්මන් ෂෙපට් වර්ගයේ පුහුණු කරන ලද සුනඛයින් 02ක් අද දිනයේ හැටන් පොලිස් කොටිඨාශයට නිළ වශයෙන් භාරදීමද සිදුවිය.
මෙම අවස්ථාවට නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ, නිල සුනඛ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර විජේකෝන්, හැටන් පොලිස් අධීකාරි බුද්ධික උඩුගම සුරිය සහ අඹගමුව ප්‍රාදේශිය ලේකමි අයි.සි.බි සුමනසිරි යන නිළධාරීන් සහභාගී විය.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS