දිවයින පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි ජනතාව පානී...
දිවයින පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි ජනතාව පානීය ජල අර්බුධයකට දැඩිව මුහුණ පා සිටින බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
හම්බන්තොට ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු ජේ.පි.ඩී ජයසුරිය මහතා ප්‍රකාශ කළේ මෙම දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 30,000කට අධික ප්‍රමාණයකට පානීය ජල ගැටළු ඇතිවී තිබෙන බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින මෙම දැඩී වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තංගල්ල, බෙලිඅත්ත, කිරම, කටුවන, ලුණුගම්වෙහෙර, කිරින්ද, බුන්දල යන ප්‍රදේශවලට පානිය ජල ගැටළු මතුවී තිබෙන බවත් එම ප්‍රදේශ සදහා ජල බවුසර් මගින් ජලය සපයන බවත් බව ඔහු කියාසිටී.
පවුල් 7,000කට අධික ප්‍රමාණයක් සදහා පානීය ජලය සැපයෙන රන්න කට්ටකඩුව වැවේ ජලය සීග්‍රයෙන් අඩුවීම නිසා තංගල්ල, රන්න, නෙටොල්පිටිය, හුංගම, අගුනුකොලපැලැස්ස වැනි ප්‍රදේශ රැසක ජනතාව ද පානීය ජලය නොමැතිව පීඩාවට පත්වී තිබේ.
මේ අතර අම්බලන්තොට වලවේ ගඟේ ජලමට්ටම ද සීග්‍රයෙන් පහල ගොස් ඇති හෙයින් පානීය ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙස අම්බලන්තොට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ස්ථානාධිපති ඒ.පී රූපසේන මහතා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව පානීය ජලයට ලවන එකතුවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ නල ජලය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් 50,000කට අධික පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ජලප්‍රවාහන මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල එ්කාබද්ධව ලංකාවේ පානීය ජල හිඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 06හිම ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
ඡායාරූප පහතින්.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS