දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? සුනන්ද දේශප්‍රිය.
Homeප්‍රවෘත්ති

සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? සුනන්ද දේශප්‍රිය.

PropellerAds

දෙවසරක් පැවැති අවබෝධතා ගිවිසුමෙහි අඩංඟු මූලික කරුණූ පිළිබද කිසිඳු දැනුවත් සාකච්ජාවක් මෙරට ඇති වූයේ ද නැත. එම ගිවිසුමෙහි මුල් සිංහල පිටප...

රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන
'ආදරයේ ඔංචිල්ලා ' එම්. සෆීර්ගෙන් ජාත්‍යන්තර නාට්‍ය නිර්මාණයක්!
සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? සුනන්ද දේශප්‍රිය.



දෙවසරක් පැවැති අවබෝධතා ගිවිසුමෙහි අඩංඟු මූලික කරුණූ පිළිබද කිසිඳු දැනුවත් සාකච්ජාවක් මෙරට ඇති වූයේ ද නැත. එම ගිවිසුමෙහි මුල් සිංහල පිටපත ආණ්ඩුවේ කිසිදු නිල වෙබ් අඩවියක හෝ ශ්‍රිලනිප හෝ එජාප වෙබ් අඩවියක හෝ නැත. එපමණක් නොව එහි ඉංග්‍රිසි හෝ දෙමළ හෝ පරිවර්ථනයක්ද සොයා ගැනීමට නොහැකිය.

එකී අවබෝධතා ගිවිසුමෙහි මෙරට මහා ජනයාගේ එදිනෙදා ජීවිතය පහසු සහ ශිෂ්ඨාචාරවත් කිරීමට තුඩු දිය හැකිව තිබූ යෝජනා ගණනාවක්ද ඇතුළත්ව තිබුණි. එනම් අධ්‍යාපන, පොදු ප්‍රවාහණ සහ සෞඛ්‍ය යන අංශයන්හි කළ යුතු වැඩි දියුණු කිරීම්ය.

මෙම ක්ෂෙත්‍ර තුනෙන් කවර හෝ මහජන සුභසාධනයක් දැක ගැනීමට ලැබුණේ අමාත්‍ය රාජිත සේනාරත්න යටතේ සෞඛ්‍ය සේවාවෙහි පමණි. මරණීය පුරුද්දක් වන දුම්පානය දුර්මුඛ කිරීමට ගෙන එන ලද පියවර තවමත් ප්‍රමාණවත් තරම් සමාජිය අගැයීමට ලක්ව නැති දීර්ඝකාලීන සුව සේවයකි. ඖෂධ මිල පහත හෙළීමත්, දෘෂ්ඨි කාච යනාදිය නොමිලයේ ලබා දීමට පියවර ගැනීමත් සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ දැනෙන සාධනීය පියවරයන්ය. එසේ නමුත් සුව සේවාවන්හි සමස්ත වෙනසක් සිදුවන පාටක් නැත.

මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ නමුත් මහජන සෞඛ්‍ය දියුණු කරනු වෙනුවට ස්වකීය අයිතීන් සහ වරප්‍රසාද ගැන පමණක් උනන්දු වන ප්‍රබල සහ ආන්තික වෛද්‍ය සංගමයක් ඇති මෙරට සුව සේවය මහජන සේවයක් කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි.

පසුගිය දෙවසර තුළ අධ්‍යාපන සහ පොදු ප්‍රවාහණ සේවාවන්හි කිසිදු දැනෙන වෙනසක් සිදුව නැත. අමාත්‍ය නිමල් සිරිපාල සිය අමාත්‍යාංශයට වී දවස ගෙවන්නේ කෙසේදැයි සිතා ගැනීමට බැරි තරම් කාලකන්නි අමාත්‍යාංශයක් බවට ප්‍රවාහණය පත්ව තිබේ. බහුතරයක් චන්ඩි රියදුරන් සහ මගීන්ගෙන් කීයක් හෝ හොරා ගැනීමට බලා සිටින කපටි බස් සහායකයින් යටතේ පවතින බස් සේවය දශමයකින් හෝ ශිෂ්ඨාචාර කිරීමට සිරිපාල සමත් වී නැත. ශ්‍රී ලංකාවේ වැඩිම ස්ත්‍රීන් ලිංගික වශයෙන් අපයෝජනයට ලක් වන්නේ මෙකී බස්රථ තුළය. කන් පැලෙන වාදනයන්, කුඩුකාර සහායක මුහුණු සහ කොට කොටා යෑම යනාදිය මෙරට බස් සේවයේ ලකුණුය.

දෙසතියකට පෙර අප යාපනයට ගිය අවස්ථාවෙහි එම බස් සහායක පොලිස් නිලධාරියකුට සියයේ කොළවලින් පගාව දෙනු අපේම ඇස්වලින් දුටුවෙමු. යාපන කොළඹ පුද්ගලික බස් සේවය සඳහා ලබා දී ඇති මාර්ග අවසරපත් ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක බස් එම ගමනාන්ත අතර දුවන්නේ ලක්ෂ 20 -30 දක්වා අල්ලස් දීමෙන් බව අපට කීවේද දන්නා කියන අයෙකි. අප ආපසු ආ බස් රථය පැමිණියේ සෙනඟ එකතු වී කුලියට ගත් පුද්ගලික ගමනක් යන බස් රථයක් ලෙස වෙස් වෙළාගෙනය.

මෙරට පුද්ගලික බස් මගී ප්‍රවාහණය යනු දේශපාලන ජාවරම්, අල්ලස, මැරවරකම, අනීතිය, අමානුෂික හැසිරීම සහ හුදෙක් ලාභ ලැබීම මත පදනම් වූ ධනවාදයේ දුෂ්ඨතම රෑපකායකි.

මෙරට අධ්‍යාපනය වනාහී එන්න එන්නම ටියුෂන් ජාවාරම මත යැපෙන පිරිහී යමින් පවත්නා සහ නූතනත්වයට නොගැලපෙන ඛේදවාචකයකි. අධ්‍යාපනයෙහි තීරණාත්මක වෙනසක් ඇති කරන බවට රනිල් වික්‍රමසිංහ දෙඩූ පුරසාරම් වාෂ්ප වී ගොසිනි. අන්තර් ජාලය මත පදනම් වූ අධ්‍යාපන පාඨමාලා ගැන හංකාවිසියකවත් සූදානමකින් තොරව උසස් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලැප්ටොප් පරිඝණක ලබා දෙන බවට කළ ඉහළම මට්ටමේ රැවටීමක් බවට පත්විය. තවත් නිදසුනක් නම් මෙරට භාවිත වන භාෂා තුන පාසල්හි ජනප්‍රිය සහ අනීවාර්‍ය කිරීමට අකිල් විරාජ් සහමුලින්ම අසමත් වී සිටීමයි.

පසුගිය දෙවසර තුළ අධ්‍යාපන ක්ෂෙත්‍රයෙහි සිදුකරන ලද එක් හෝ දීර්ඝ කාලීන බලපෑමක් සහිත සාධනීය වෙනසක් හෝ ඇතිවූ වර්ධනයක් හෝ ඇත්දැයි නිකමට සිතා බලන්න. පිළිතුර නැත යන්නයි.

පක්ෂ දෙක අතර අවබෝධතාවයෙහි මූලික අරමුණ වූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම දැන් ඇත්තේ වැට උඩය. මෙයට පෙර මෙරට කරන ලද ව්‍යවස්ථා සංසෝධනයන් දෙකම බලයට පැමිණ වසරක් (1978) හෝ දෙවසරක් ( 1972) ඉක්මයෑමට පෙර ඇති කරන ලද ඒවාය. දැන් තෙවසරක්ම ඉක්ම යෑමට ආසනය. එමෙන්ම ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමද ලබා ඇත්තේ අර්ධ සාර්ථකත්වයකි.

අපට පෙනෙන අන්දමට පක්ෂ දෙක අතර වූ නිල ගිවිසුම අවසන් වන්නේ එය විසින් ඇතිකරගත් එකඟතාවයන්ගෙන් අඩක්වත් ඉටු නොවී තිබියදීය. එමෙන්ම කවර හෝ එකඟතාවයක් නැතිව සන්ධාන ආණ්ඩුවකට පැවැතීමට ද බැරිය.

එජාප – ශ්‍රිලනිප සන්ධාන ආණ්ඩුව 2015 ඇතිවූ අවස්ථාවෙහිදී දෙස් විදෙස් දේශපාලන විචාරකයින් විසින් එය හදුන්වන ලද්දේ යළි කළකට නොලැබෙනු ඇති ශ්‍රී ලංකාව ලද ඓතිහාසික අවස්ථාවක් ලෙසය. එය ඇත්තය. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ඇති කිරීමටත් එමගින් සියවසකට ආසන්න කාලයක් නොවිසදී පවත්නා මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් සැපයීමට ඇතිවූ එකඟතාවය එම ඉතිහාසීය අවස්ථාවෙහි හරය ලෙස දැක්විය හැකිය. එමෙන්ම (ධනේශ්වර) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, සිවිල් සමාජීය සහභාගිත්වය සහතික කරනු ලබන ස්වාධීන කොමිසන් සභා ජාලයක් මගින් තුලනය සහ සංවරණය කිරීමට අවස්ථාව එළඹීමද එවැනි ඉතිහාසීය අවස්ථාවක් විය.

එම ඉතිහාසීය අවස්ථාව නිකම්ම අහෝසි වී යන්නේද යන්න ඉදිරි මාස තුන තුළ තීරණය වීමට දැන් නියමිතය.

ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින් එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම දැන් එන්න එන්නම ඉහළ යමින් තිබේ. දෙමසකින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන බවටත් එහි අගමැතිකම රාජපක්ෂ පාර්ශවයට දෙන බවටත් කියා තිබුණේ සිරසේනවාදී දාමරික නියෝජ්‍ය ඇමැතිවරයෙකි. එයට පෙර එජාප මහ ලේකම් කියා තිබුණේ කැමැති අයකුට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවයි. වෙන්ව ගමන් කළ යුතු බව පක්ෂ දෙකෙහිම බහුතර මතය බවට පැමිණෙමින් තිබේ.

මෑතක සිට ජනාධිපති සිරිසේන සිය විධායක බලතල වඩ වඩා පාවිච්චි කරන්නට ද පටන් ගෙන තිබේ. වික්‍රමසිංහ යටතෙහි වූ ආර්ථික කළමනාකරණය සිරිසේන යටතට ගත්තේ දෙසතියකට පෙරය.

පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුම අවසන් වූ වහාම එනම් අගෝස්තු මාසයේදී ආණ්ඩුවේ ඇමැතිකම් අතහැර ස්වාධීන විපක්ෂ මංත්‍රීවරුන් ලෙස ක්‍රියාකරන බවට යළි යළි කියා සිටි සුසිල් ප්‍රේමජයන්තගේ සිට ජෝන් අමරතුංග දක්වා වන ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හෝ අද හෙට රාජපක්ෂ කරා යාමට ඉඩ වැඩිය. ඔවුන් දිගටම රැදී සිටිය හොත් එය සාධාරණ කළ හැකි වන්නේ දෙසැම්බර් මාසය දක්වා සන්ධාන ආණඩුවේ රැදී සිටින ලෙස ජනාධිපති සිරිසේන විසින් කරන ලද ඉල්ලීම මත පමණය.


පෙනෙන විදිහට සන්ධාන ආණ්ඩුව දැන් තීරණාත්මක අවස්ථාවක් කරා වේගයෙන් ඇදී යමින් තිබේ. දෙන ලද පොරොන්දු කිසිවක් ඉටු නොකර තවදුරටත් සන්ධානය පවත්වා ගන්නට තීරණයක් වෙතොත් ඊට හේතුව එකම එකකි. එනම් හුදෙක්ම දූෂණයේ සහ වංචාවේ බලයෙන් මෙරට පාලනය කරන දේශපාලන පංතිය ලෙස සිය වරදාන පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසාය. එවැනි සන්ධානයක් පවතිනවාට වඩා නැතිවී යාම හොඳ යැයි කල්යාමට පෙර ජනතාව තීරණය කරන්නට ඉඩ තිබේ.

එවැනි වර්ධනයක් විසින් ශ්‍රී ලංකාව දේශපාලන අරාජිකත්වයක් කරා ගෙන යාමට ඇති ඉඩ වැඩිය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? සුනන්ද දේශප්‍රිය.
සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? සුනන්ද දේශප්‍රිය.
http://ift.tt/2wDaSwG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy