ඇය මාසයක කාලයක් පුරා මෙරට රැදෙමීන් පූර්ණකාලීණව පුහුණුවීම්වල නිරත වන අතර සීමිත ආරාධිත ප්‍රේක්ෂාගාරයක් වෙනුවෙන් පැවැත්වෙන සෆීර්ගේ නාට්‍යය න...
ඇය මාසයක කාලයක් පුරා මෙරට රැදෙමීන් පූර්ණකාලීණව පුහුණුවීම්වල නිරත වන අතර සීමිත ආරාධිත ප්‍රේක්ෂාගාරයක් වෙනුවෙන් පැවැත්වෙන සෆීර්ගේ නාට්‍යය නිර්මාණයේ පූර්ව මංගල දර්ශනය දක්වා අඛණ්ඩව මෙහි රැදී සිටිනු ඇත.
'ආදරයේ ඔංචිල්ලා ' මංගල දර්ශනය පැවැත්වෙන්නේ නොවැම්බර් මස ඉන්දියාවේ පූනේිඅයිෆා ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී’යල තවත් විශේෂ දර්ශන වාර තුනක් කොරියාවේ සොල් නුවරිකොරියානු ජාත්‍යන්තර ඩියෝ නාට්‍ය උළෙලෙදී’ පැවැත්වේග ඉන් පසු එය ලොවපුරා ආරාධිත දර්ශන ගණනාවක් වේදිකා ගත කෙරෙයි.
මෙම කාව්‍යාත්මක නාට්‍යයේ පිටපත් රචනය ප‍්‍රවීණ ලේඛකයෙකු වන මංජුල වෙඩිවර්ධනගෙනිග ඔහුගේ මුල් සිංහල පිටපත එහි වන කාව්‍යාත්මක බවින් ම ඉංග්‍රීයට නගන ලද්දේ දිලිනි ඊරියවල විසිනි.
එමෙන්ම මෙහි නිෂ්පාදන කළමණාකරණය හා රංගාලෝක රචනය සූජීව පතිනිසේකර විසින් සිදු කෙරෙයි. සංගීත නිර්මාණය වින්දක වීරසිංහගෙනිග වේදිකා කළමණාකරණ ජීවන්ති පෙරේරා සිදුකරන අතර, වේදිකා පරිපාලනය තරුෂි කාවින්දිය. විඩියෝකරණය වීරසිංහ ජයසුන්දර විසින්යග දේශිය හා විදේශීය ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරණ කටයුතු නිරාශා පි‍්‍රයවදනි සිදු කරයිග මෙම නිෂ්පාදනයේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ජයලත් එස්. ගෝමස් විසිනි.
හැඳින්වීම
ඉන්ටර් ඇක්ට් ආර්ට් පසුගිය වසර විස්ස තුළ නොයෙකුත් නිර්මාණ කර ඇති අතර ඒවා දේශීයව මෙන්ම ජාත්‍යන්තර ප්‍රේක්‍ෂක ඇගැයීමට ලක් වී ඇත. 2013 දී සහ 2015 දී අධ්‍යක්‍ෂ එම්. සෆීර් ඉන්දියාවේ පූනේ හි ෆ්ලේම් විශ්වවිද්‍යාලයෙට සහ ගෝවා හි සංස්කෘතික අධිකාරියට පැමිණෙන ලෙස ආරාධනා ලබන්නේ එහි සිසුන්ට සහ ශිල්පීන්ට වැඩමුළු පවත්වා ඔවුන් සමග නාට්‍ය නිෂ්පාදනය කිරීම සඳහායි. මෙම නිෂ්පාදන විවිධ ජාත්‍යන්තර නාට්‍ය උත්සවවලට සහභාගී වු අතර උණුසුම් පිළිගැනීම්වලට ද ලක් වී ඇත.
ඉන්ටර්ඇක්ට් ආර්ට් ස්වකීය නිර්මාණ සඳහා නූතන හා සමකාලීන් නාට්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරයි. 2016 කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළලේදී සෆීර් ට ඉතාලි ජාතික ජූලියා ෆිලිපෝ සහ ඇයගේ හැකියාවන් හැඳින ගැනීමට අවස්ථාව සැලසෙයි. ඉන්පසු ඉන්ටර් ඇක්ට් ආර්ට් සෆීර්ගේ අධ්‍යක්‍ෂණ ශෛල්‍යයත් ජූලියාගේ රංගන හැකියාවත් එක් කොට සම නිෂ්පාදනයක් කිරීමට තීරණය කරයි.
සංකල්පය
මෙම නාට්‍යයේ තේමාව වශයෙන් යෝජනා වන්නේ ස්ත්‍රීත්වය හා ප්‍රේමයයි. ප්‍රේමයේ ස්වභාවික විශ්මයන් වන ආදරය, ලිංගිකත්වය හා ප්‍රචන්ඩත්වය මගින් ස්ත්‍රීය තුළ ජනිත කරන්නාවු සංවේදනය මෙම කතාවෙන් නිර්මාණය කරයි. නිශ්චිත ආර්ම්භය හා අවසානයට අමතරව නිෂ්පාදනය පහත සඳහන් රංගනයන් හතරින් සමන්විත වේ.
එකම කාන්තා චරිතයක් මගින් නිෂ්පාදනෙයේ ස්ත්‍රීත්වය හා ප්‍රේමය ප්‍රතිස්ථාපනය පිළිඹිබු කිරීමේ සන්නිවේදන මාධ්‍ය ලෙස ඇයගේ ඉඟිය, රිද්මය සහ හඬ යොදා ගනී. තේමාවට අනුව විවිධ වර්ණයේ ඔන්චිල්ලා පහක්, පෙර සූදානම් කළ වීඩියෝ පට හා වර්ණ පසුබිම් රංගනය හා එකවර ප්‍රවේශවනු ඇත.
අන්තර්ගතය
මෙම නිෂ්පදනයේ සෑම රංගනයක්ම ඇතුළුව ශ්‍රී රජ්නීෂ් ලෙසත් හැඳින්වෙන් සුප්‍රකට දර්ශනවේදී ඕශෝගේ ස්ත්‍රීත්වය හා ප්‍රේමය පිළිබඳ කාව්‍යමය ඉගැන්වීම් පාදක කර ගෙන ඇත. ඔන්චිල්ලා ජීවිතය, ප්‍රේමය සහා ස්ත්‍රීත්වය සංකේතවත් කරන අතර ඔන්චිල්ලාවල සුදු, කළු, රතු සහ නිල් යන වර්ණද සංකේත්යි.
රංගනයෙන් රංගනයට ඉදිරිපත් කිරීම් සංකේත වර්ණ වලට අනුව වෙනස්වන අතර විටින්විට යොදා ගන්නා රූප සහ වීිඩියෝ දර්ශණ සම්පූර්ණ අර්ථය තීව්ර කරයි. පූර්ණ තේමාවේ තේරුම උත්කර්ශවත් කිරීම පිණිස කථනය අවමතර, ශිල්පිනියගේ භෞතික චලන ප්‍රකාශන ශෛලිය, ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය ලෙස යොදාගෙන ඇත.
COMMENTS