පාසල් රැසක ගුරුවර ගුරුවරියන් විශාල ප්‍රමාණයකට රුපියල් මිලියන 900ක පමණ හිග වැටුප් ගෙවීමට නියමිතව ඇතත් අධ්‍යාපන බලධාරීන් ඒ කාර්යය මග හැර ඇත...
පාසල් රැසක ගුරුවර ගුරුවරියන් විශාල ප්‍රමාණයකට රුපියල් මිලියන 900ක පමණ හිග වැටුප් ගෙවීමට නියමිතව ඇතත් අධ්‍යාපන බලධාරීන් ඒ කාර්යය මග හැර ඇතැයි විරෝධතාකරුවන් පැවසූහ.
මේ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා ඇතුලු වගකිව යුත්තන් දැනුවත් කර ඇති නමුත් කිසිදු විසදුමක් ලැබී නොමැති බව ඔවුන් කීහ. තමන් ඉල්ලීම් නොලැබීම නිසා විරෝධතා පළ කරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට ගුරුවරුන්ගේ ඉල්ලීම ආදල ස්ථාන වෙත දැනුම් දී ඇති නමුත් ඒ සදහා එම ආයතනවලින් නිසි ප්‍රතිචාර නොලැබෙන බව අධ්‍යාපන බලධාරීන් සදහන් කළ බව විරෝධතාවට එක් වූ ලංකා ගුරු සේවා සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් එස්.ජයසුන්දර මහතා කීවේය.
බලධාරීන්ගෙන් නිසි විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී ලෙඩ නිවාඩු දමා මධ්‍යම පළාත් තුල වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවන් සදහන් කළහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS