දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපයේ අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් ! - අපේක්ෂකයා තෝරන හැටි ගැන නවීන් හෙළි කරයි
Homeප්‍රවෘත්ති

එජාපයේ අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් ! - අපේක්ෂකයා තෝරන හැටි ගැන නවීන් හෙළි කරයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කළ යුත්තේ රහස් ඡන්දයකට ගොස් බහුතරයේ කැමැත්ත මත බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානා...

කුඩු ජාවාරම්කරුවන් ජනපති ඝාතන සූදානමක - බුද්ධි අංශ හෙලි කරයි
ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙනු.. මංගල කුරුදු පොලු හමුදාව සමගින් සජිත් සමග එක්වෙයි - (video)
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
ක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කළ යුත්තේ රහස් ඡන්දයකට ගොස් බහුතරයේ කැමැත්ත මත බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මෙසේ කියා සිටියේ කොත්මලේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නව ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

“මගේ පියාගේ ජීවිතයත් එක්ක බලන කොට මම ජීවිතයේ කිසිම දේකට කිසිසේත්ම ඉක්මන් වෙන්නේ නෑ. මට ඉක්මන් වෙන්න හේතුවක් නෑ. මම අද එක්සත් ජාතික පක්ෂයේ හොඳ තැනක ඉන්නවා. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාව 1,2 හෝ 3 වෙන්න පුළුවන්. අපිට කමක් නෑ කවුරු වුණත්. අපි ඒ අපේක්ෂකයාට ජයග්‍රහණය කරා යෑමට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.

අපේ පක්ෂයෙන් නම් කරන අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නම් කරන්නේ. නම් කරන අපේක්ෂකයාගේ පිටුපසින් දැවැන්ත එක්සත් ජාතික පක්ෂයේ බලවේගයන් ක්‍රියාත්මක කරනවා. අපි ඉදිරියේ තියෙන්නේ ලේසි පහසු ජයග්‍රහණයක් නෙවෙයි. අමාරු ජයග්‍රහණයක්. නමුත් පැහැදිලි ජයග්‍රහණයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පක්ෂයක හෝ ආයතනයක වේවා නායකයාට ඉදිරියට යන්න ඕනෑම තැනක අවකාශය තියෙනවා. එහෙම නැත්නම් දෙවැනියා ඉදිරිපත් වෙනවා. ඒක තමයි සාධාරණ සාරධර්මය වෙන්නේ. අපිට සංවිධානයක් වුණහම නිගමනවලට එන්න බැහැ එක දිනනවා. දෙක දිනනවා කියලා. පරදින දිනන එක පිළිබඳව එහෙම නිගමනවලට එන්න බැහැ. එහෙම නම් පක්ෂය යොමු කරන විද්‍යානුකූල සමීක්ෂණ හරහා තමයි ඒ  නිගමනවලට එන්න පුළුවන්. සමහරු කියනවා දෙකට විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතිං අපි කියනවා සමීක්ෂණ දත්ත පෙන්වන්න කියලා. නමුත් පෙන්වන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අවුරුදු 70ක දේශපාලන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය තීරණ ගත යුත්තේ ඉතාමත් විද්‍යානුකූල සමීක්ෂණ හරහායි. එහෙම නම් එකට දිනන්න අමාරු නම් අපිට ඒක ඔප්පු කරන්න ඕනේ. අපි පැහැදිලිවම දැන ගන්න කැමැතියි එකට දිනන්න බැහැ කියලා. එකට දිනන්න බැරි නම් එකම තීරණයක් ගන්න ඕනේ වෙන කෙනෙක් ඉදිරිපත් කරවන්න. මේ ප්‍රශ්න ගැන අපි ගැටිය යුතු නෑ. අපේ පක්ෂයට ගැඹුරු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය හරහා අපිට හොඳ තීරණ ගන්න පුළුවන් අවකාශයක් ව්‍යුහයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා කෙසේ වුණත් එකත් කියනවා නම් ඉල්ලන්න ඕනේ කියලා. දෙකත් ඒකම කියනවා නම් අපේ එහෙම නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. එහි මන්ත්‍රිලත් 48ක් ඉන්නවා. තවත් සාමාජිකයෝ 20ක් ඉන්නවා. ඔක්කොම 68ක් ඉන්නවා. අපි රහස් ඡන්දයකට ගිහිල්ලා බහුතරයේ කැමැත්ත මත තීරණයක් ගමු. එක හෝ දෙක හෝ වෙනත් කවුරු හරිත් එන්න ඉන්නවා නම් ඒකත් එක තීරණය කළ යුතුයි සාකච්ඡා කරලා වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට. හැබැයි දිනන්න පුළුවන් අපේක්ෂයෙක්. හැබැයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා. ඒකයි අපේ ඉල්ලීම. එම නිසා කවුරු ඉදිරිපත් කළත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මම කියන්නේ අපේ උඩරට ඡන්දවලින් තමයි ඔය පුටුවල ඉඳ ගන්නේ. හැබැයි ඒ පුටුවල ඉඳ ගත්තාට පස්සේ අපිව අමතක වෙන ස්වරූපයකුත් තියෙනවා. ඒකත් මම කියන්න ඕනේ. අමතක වෙන්න බෑ. අපේ ඡන්ද අරන් අපිට ගහනවා. මේක 88දීත් වුණා. ගාමිණී දිසානායක මැතිතුමා හිරේ දාන්න ගියා. සීඅයිඩී එකට ගියා. එහෙම ඉතිහාසයක් අපි දන්නවා. ඉතාමත් අමිහිරි ඉතිහාසයක්. ඒ නිසා මම ලෑස්ති නෑ ඒවාට මූණදෙන්න. ඒවා වෙන්නේ නැති විදිහට අපි කටයුතු කළ යුතුයි.”

නුවන් හෙට්ටිආරච්චි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයේ අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් ! - අපේක්ෂකයා තෝරන හැටි ගැන නවීන් හෙළි කරයි
එජාපයේ අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් ! - අපේක්ෂකයා තෝරන හැටි ගැන නවීන් හෙළි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRiOzshuC2t5hkCL0RAWWAUJqSMXEfoDz3LB6qFkFxPWijHCkRi8oPbJ923pHKyDf_FA0kr9obUoPtA_oGRgnwl6Nm8Ymh7L_S3M6AO41QKAyDYxpb_p5PnZKAParGuesCs-wKZKuo4jxu/s320/naveen-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRiOzshuC2t5hkCL0RAWWAUJqSMXEfoDz3LB6qFkFxPWijHCkRi8oPbJ923pHKyDf_FA0kr9obUoPtA_oGRgnwl6Nm8Ymh7L_S3M6AO41QKAyDYxpb_p5PnZKAParGuesCs-wKZKuo4jxu/s72-c/naveen-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_258.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_258.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy