දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මම පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න හදද්දී රනිල් දූෂණයේ උපරිමයටම ගියා" - මෛත්‍රී රනිල් කල සියල්ල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"මම පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න හදද්දී රනිල් දූෂණයේ උපරිමයටම ගියා" - මෛත්‍රී රනිල් කල සියල්ල හෙළි කරයි

PropellerAds

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ 68 වන විට මහා සමුළුව පසුගිය තුන්වැනිදා පැවැත්වූවා. ඊට පස්සේ රැස්වුණ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණ කළා ඉදිරි මාස එකහමා...

රුසියානු කලාපයෙන් සංචාරකයන් 2500 ඉක්මවා මෙරටට - ජනවාරියේ සිට ගුවන් තොටුපල විවෘතයි
ගැටුම ඇරඹේ: ශ්‍රීලනිපයේ මෛත්‍රිපාලලා යළි කුමන්ත්‍රණයක බව රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ කියයි
අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ - මැදගොඩ අබේතිස්ස හිමි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන විට මහා සමුළුව පසුගිය තුන්වැනිදා පැවැත්වූවා. ඊට පස්සේ රැස්වුණ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණ කළා ඉදිරි මාස එකහමාර තුළදී පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සම්මේලන පවත්වා නිමා කරන්න. ඒ අනුව පවත්වන පළමු වැනි දිස්ත්‍රික් සම්මේලනය තමා අද රත්නපුරයේ පවත්වන්නේ යැයි ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

මේවා ජනහමු නෙවෙයි. රැලි නෙවෙයි. දිස්ත්‍රික් සම්මේලන. අපි සංවිධායකවරුන්ට කිව්වේ දිස්ත්‍රික් සංවිධායකට 1500ක් 2000ක් හිටියම ඇතිශාලාවක පවත්වන්න කියලා. රත්නපුරේ ඒ විධියට පිරිසක් දමන්න ශාලාවක් නැහැ. අපේ ආණ්ඩුකාරතුමා ධම්ම දිසානායක මැතිතුමාත් ඒ ගැන දන්නවා. ඒ වගේම අපේ බස්නාහිර ආණ්ඩුකාර මුසම්මිල් මැතිතුමාත් ඉන්නවා. එතුමත් දන්නවා. අපි රත්නපුරයට ආවේ රට පුරා යන දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමුවැනි සම්මේලනයට. සෑම ආයතනයකින්ම  නියෝජිතයන් පිරිසක් මාස එකහමාරක් ඇතුළත දිස්ත්‍රික් සම්මේලන පවත්වා නම් කරනවා. අපි පසුගිය මැයි දිනය අපි ඉතාම සාර්ථකව පැවැත්වූවා. ඊට කලින් මැයි දිනත් අපි සාර්ථකව පැවැත්වූවා. අවුරුදු පහක් පක්ෂයේ සංවත්සර උළෙල ඉතාමත් උත්කර්ෂවත් විධියට පැවැත්වූවා. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විධියට අපි පක්ෂය ශක්තිමත් කරගෙන ගමක් ගානෙ සංවිධාන හදාගෙන දිස්ත්‍රික් සම්මේලන පවත්වල ඉදිරි වැඩපිළිවෙළ හදාගෙන යන වෙලාවක්.

මට ආරංචි වුණා ඊයේ මේ සම්මේලනයේ කටයුතු කරපු සැරසිලි කරපු අපේ කණ්ඩායමට රත්නපුර ඉන්න ගණන් කාරයෝ ටිකක් ඇවිත් ගැහුවා කියලා. රත්නපුර දිස්ත්‍රික්කයේ පහරදීම් ගැන හොඳම අත්දැකීම් තියෙන්නේ මට 2015 ජනාධිපති අපේක්ෂකයා හැටියට මම ඇවිත් මම කතා කරන්න පටන් ගනිද්දී තමා ගැහැව්වේ. රැස්වීමේ හිටපු කීපදෙනකුට තුවාල වුණා. හැබැයි අවසාන ප්‍රතිඵලය වුණේ කුමක්ද? ප්‍රතිඵලය. ගුටි කාපු මම දිනුව ගහපු අය පැරැදුණා.

ඒක තමා සිද්ධ වුණේ. ඒ නිසා අපිට ගහන්න ගහන්න ගුටි කන්න ගුටි කන්න අපි දිනනවා. ඒක තමා ලංකාවේ දේශපාලන සංස්කෘතිය.

පසුගිය ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වුණා. එදා රටේ ජනතාව ඉල්ලා සිටියේ මොකක්ද. මම ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විධියට හිටලා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට ආවේ කුමක් සඳහාද. ඒ වෙලාවේ මේ රටේ ජනතාව මගෙන් කන්න අඳින්න ඉල්ලුවේ නැහැ. රැකීරක්ෂා 6,25,0000කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් මාව ජයග්‍රහණය කරවපු ජනතාව මගෙන් ඉල්ලුවේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය. මේ අවුරුදු පහ තුළ මම එය ඉෂ්ට කළා. විවේචන තියෙනවා. 2015 ජනවාරි 8 ඡන්දයෙන් එදා ආණ්ඩුව පැරැදුණේ ඇයි? ඒ  මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළේ ඇයි.

අද සන්ධාන පෙරමුණ ගැන නම් කරන කොට විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන 2015 ජනවාරි 8 ආණ්ඩුව මැතිවරණයෙන් එදා ආණ්ඩුව පැරැදුණේ ඇයි කියන එක. හිතට ගන්න ඕන. සෑම පක්ෂයක්ම.

එදා මම දිනුවේ පක්ෂයේ මහ ලේකම් හැටියට ඉඳලා එළියට ඇවිදින්. අද සමහරු කියනවා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය දැන්  වැඩක් නැහැ. ඡන්ද ලක්ෂ හතරකට වැඩිය නැහැ. ඒ ගොල්ලන්ට බලවේගයක් නැහැ කියලා.

නමුත් මම එක දෙයක් කියන්න ඕන. 2015 මම එළියට ආවේ පක්ෂ ලේකම් විධියට එළියට ආවම පක්ෂයේ ලේකම්කමත් නැහැ. මම අපේක්ෂකයා විතරයි. අද අපි මැතිවරණයක් කරන්නෙ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයත් තියාගෙන සභාපතිකමත් තියාගෙන ජනාධිපතිකමත් තියාගෙන කියන එක පැහැදිලිව කියන්න ඕන.

පක්ෂය පක්ෂයේ සියලු තනතුරු ජනාධිපති තනතුරු වගේම පසුගිය වසර හතර පහ තුළ මේ රටේ ජනතාවට කරන ලද වැඩපිළිවෙළ සුද්ධ වූ වැඩපිළිවෙළක්. මම මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය ගැන නෙවෙයි. මා ගැන රට දූෂණයෙන් මත්ද්‍රව්‍යවලින්, ගස් කපන, කැලෑ කපන දූෂිතයන්ගෙන් ගල් පර්වත  කඩන මහපොළොව, පරිසරය වනසන අයගෙන් මේ රට රැකගන්න කොහොමද කියන එකයි මම හිතුවේ. එවැනි වැඩපිළිවෙළ රාශියක් එක්කයි මම ආවේ.

පසුගිය මාස කිහිපය තුළම මේ රටේ තානාපති කාර්යාල, සංවිධාන එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මීළඟ ජනාධිපතිවරණය ගැන සමීක්ෂණ පවත්වනවා. ජනමතය විමසනවා. දැනට ජනාධිපතිවරණයට නම් කරලා තියන අය ගැන තමුන්නාන්සේලා දන්නවා. නම් කරගන්න උත්සාහ කරන අය ගැන තමුන්නාන්සේලා දන්නවා. යූඑන්පීය ගත්තම සජිත්ද, රනිල්ද, කරු ජයසූරියද තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියමුකෝ. පසුගිය මාස දෙක තුළ කරල තියෙන එකම සමීක්ෂණයකවත් පෙන්නලා නැහැ කිසිම කෙනකුට 40% ගන්න පුළුවන් කියලා. දිනන අපේක්ෂකයා 6,450,000ට වැඩිය ගන්න ඕන. දැන් කරල තියෙන සමීක්ෂණවලට අනුව කිසිම කෙනකුට 40% නැහැ. ඉතිරි 11% ගන්න ඔය කිසිම කෙනකුට පුළුවන්කමක් නැහැ.

මේ රටේ සන්ධාන පෙරමුණ ඉතිහාසය තමුන්නාන්සේලා දන්නවා පනස් හයේ බණ්ඩාරනායක මහත්මයා හැදුවේ සන්ධාන ආණ්ඩුවක්. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ පළමුවැනි ආණ්ඩුව. ඊට  පස්සේ හැටේ ජූලි ඉඳලා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය හදපු හැම ආණ්ඩුවෙම සන්ධාන ආණ්ඩු. තනිවම ආණ්ඩු හදන්න පුළුවන්  වුණේ නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩවල් දෙකකට බෙදිලා. තමුන්නාන්සේලා අපි එක බලවේගයක් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේම ඉන්න පොහොට්ටුව තවත් බලවේගයක්.

සන්ධාන ඉතිහාසයේ මම හුඟක් කැපවීම් කරපු කෙනෙක්. 2004 ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි එකතු කරපු සන්ධානය හදන්න මම තමයි වැඩියෙන්ම නිදිමැරුවේ. එහෙමයි චන්ද්‍රිකා මැතිනිය සමඟ රජයක් පිහිටුවූවේ.

මේරටේ අවසාන ජාතික මැතිවරණ ගත්තම 2015 ජනවාරි 08 මේ ජනාධිපතිවරණය අද පොහොට්ටුවේ ඉන්න ඔක්කොම බලවේගත් එක්ක එකට හිටලා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ඡන්දය 2015 ජනවාරි 08 මම ජයග්‍රහණය කරහම ප්‍රතිවාදීන් කිව්වෙ ඒක ඇමෙරිකන් කුමන්ත්‍රණයක් කියලා. ඒ අයගෙන් මම අහනව 2015 අගෝස්තු මැතිවරණයත් ඉන්දියන් කුමන්ත්‍රණයක්ද. ඇමෙරිකන් කුමන්ත්‍රණයක්ද කියලා. 2015 අගෝස්තු මැතිවරණය යූ.එන්.පියත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයත් දෙකම පරාදයි. කාටවත් ආණ්ඩුවක් තියන්න බැරිවුණා.

ආණ්ඩුවක් නැතිව මේ රටේ ජනාධිපතිවරයා හැටියට හිටිය එකම කෙනා මමයි. ජේ.ආර්. ජයවර්ධනට හයෙන් පහක බලය තිබුණා. රණසිංහ ප්‍රේමදාස මහත්තයට, චන්ද්‍රිකා මැතිනියට බහුතරය තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට 2010 මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය තිබුණා. ඒ විදියට තමයි ජනාධිපතිකම කෙරුවෙ. ඒත් මට ආණ්ඩුවත් නැහැ විපක්ෂයත් නැහැ.

මම ආවෙ පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන පැත්තක ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තය දූෂණයෙ උපරිමයට ගියා. එහෙම නම් ඉදිරියට ආණ්ඩුවක් හදන්න දැන් එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය කුමක්ද?

අපට පෙනෙනවා රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඡන්ද පාවිච්චි කෙරෙන්නෙ කොහොමද කියලා. අපිට දැනුමක් තියනවා. යූ.එන්.පියේ අර්බුදය තියෙන එක ඇත්ත. ඒත් ඒ අය එකට එකතුවෙලා ඊයෙත් සාකච්ඡා කළා. ද්‍රවිඩ සන්ධානය, රිෂාඩ් බදුර්දීන්ලා, මුස්ලිම් කොංග්‍රසය, චම්පික රණවකලා සන්ධානයක් හදන්නෙ කොහොමද කියල එකට වාඩිවෙලා සාකච්ඡා කළා. මම බොහොම විවෘතව කතා කරන්නෙ. ඡන්ද ප්‍රතිඵල වලින් පස්සේ කතා කරල වැඩක් නැහැ. පොහොට්ටුවෙ ගම් මට්ටමේ පාක්ෂිකයො කියන්නෙ කවුද? ගම් මට්ටමේ පොහොට්ටුව කියන්නෙ හොඳ ශ්‍රී  ලංකාකාරයො. පොහොට්ටුවෙ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අපි. මහින්ද අමරවීර මන්ත්‍රිතුමාගෙ ලියුම හින්දයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. තමුන්නාන්සේල දන්නවනෙ මගේ ඔක්තෝබර් විප්ලවය. පහුගිය අවුරුද්දෙ රුසියාවෙ නෙවෙයි එක්සත් ජාතික පක්ෂයෙ අය කියන්නෙ ඔක්තෝබර් කුමන්ත්‍රණය කියල. මම මහින්ද රාජපක්ෂව අගමැති කළා. ඒ අය කිව්වා ආණ්ඩුව විසුරුවා හරින්න කිව්වා.

ආණ්ඩුව විසුරුවා හැරපු ගමන් කට්ටිය බත්තරමුල්ල පැත්තෙ කොහොටද ගිහින් පොහොට්ටුවට බැඳුණා. ආයෙ පාර්ලිමේන්තු රැස් කළහම කථානායකතුමා ඇහුව ඒ අයගෙන් දැන් මොන පක්ෂයේද කියල. ඒ පාර ඔක්කොම ඇවිත් අපෙන් ඉක්මනට ලියුමක් ඉල්ලුව. ඔය අපි සිරිසේනට මොකුත් කරන්න බැහැ කියන නුවර පැත්තෙ හාදය එහෙම. ඒ ලියුම නැත්නම් අද පාර්ලිමේන්තුවෙ නැහැ. අනේ ශ්‍රී  ලංකා කාරයොනෙ කියල අපි ඒ ලියුම දුන්න.

සන්ධානයක් පෙරමුණක් ලේසියෙන් හදන්න බැහැ. හැම පක්ෂයක්ම තමන්ගෙ අනන්‍යතාව ගැන හිතනව. ගෞරවය ගැන හිතනවා. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයත් අපේ පක්ෂයේ අනන්‍යතාව ගැන හිතනවා. රට ගැන හිතනවා.

මම 2015 පෞද්ගලිකව දුන් පොරොන්දු තියෙනවා. මම රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම රැක්කා. රටේ ජනාධිපතිවරයාට සෝෂල් මීඩියාවල අපහාස කරන බෙල්ල කපල අතපය කපල ඒ වගේ දැම්ම. මම ඒවට නිදහස දුන්න. මම ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. මගේ බිරිය දරුවො මම නැතිව හෙලිකොප්ටර්වල ගියේ නැහැ. මම කලින් ආණ්ඩුවෙ දූෂණ හොයන්න වගේම මේ ආණ්ඩුවෙත් දූෂණ හොයන්න කොමිසමක් දැම්ම. රටේ අගමැතිවරයාවත් කොමිෂන් වලට ඇරිය. දූෂණය කියන වචනය වැඩියෙන්ම පාවිච්චි වුණේ 2006 මැතිවණයේදී. දවසෙන් දවස ඒක වැඩිවුණා. ඒකෙ වැරැද්ද දේශපාලකයො.

අපි ස්වදේශිකවාදය වැදගත් කරගත් දේශපාලනයකට යා යුතුයි. ඉදිරියට හදන ආණ්ඩුවකට අපි අපේ ඒ යෝජනා ඉදිරිපත් කරනවා. අපි විතරයි මේ දවස්වල තානාපතිවරු එක්ක සාකච්ඡා නොකරන්නෙ. මේ රටේ මැතිවරණ තියන්න විදේශ තානාපති කාර්යාල අවශ්‍ය නැහැ. ඒකයි අපේ ප්‍රතිපත්තිය. ස්වදේශිකවාදී ජයග්‍රහණයක් කරා අපි සියලු දෙනා ඉදිරියට යමු. අපි පරදින්නෙ නැහැ. ජයග්‍රහණය කරාම යමු.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මම පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න හදද්දී රනිල් දූෂණයේ උපරිමයටම ගියා" - මෛත්‍රී රනිල් කල සියල්ල හෙළි කරයි
"මම පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න හදද්දී රනිල් දූෂණයේ උපරිමයටම ගියා" - මෛත්‍රී රනිල් කල සියල්ල හෙළි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdSh-FyFk3xgJXONDfqozIB0UiP0zpVbK8ftgOV77b2ONJzfavcevdJtEChyphenhyphen46QKAkcqlCVA2XNEZpWsMtQSthWS4j0Mu_Nm3BwzEnoB3Yw_tGC7WmdUQCJZLoeD8X3_JvTHu8fOUGTbjp/s320/ranil-maithri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdSh-FyFk3xgJXONDfqozIB0UiP0zpVbK8ftgOV77b2ONJzfavcevdJtEChyphenhyphen46QKAkcqlCVA2XNEZpWsMtQSthWS4j0Mu_Nm3BwzEnoB3Yw_tGC7WmdUQCJZLoeD8X3_JvTHu8fOUGTbjp/s72-c/ranil-maithri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_718.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_718.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy