දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගොඩ යයිද? යට යයිද?
Homeප්‍රවෘත්ති

ගොඩ යයිද? යට යයිද?

PropellerAds

දැනට අවුරුදු දෙකකට පෙර අගෝස්තු 18 වැනිදා පත්තරවල හෙඩ්ලයින් ගැන බොහෝ දෙනකුට මතක නැති විය හැකියි. එහෙත් නිසැකවම ඒ හැම හෙඩ්ලයින් එකකම තිබුණේ...

නාමල්ගෙන් හෙන්දා ඩිෆෙන්ඩරයක් ගැන ප්‍රශ්න කරලා !
UN සාම හමුදාවක් ලංකාවට එවන්නැයි ඉල්ලයි.. R2P වේගයෙන් පෙරට
ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..

දැනට අවුරුදු දෙකකට පෙර අගෝස්තු 18 වැනිදා පත්තරවල හෙඩ්ලයින් ගැන බොහෝ දෙනකුට මතක නැති විය හැකියි. එහෙත් නිසැකවම ඒ හැම හෙඩ්ලයින් එකකම තිබුණේ යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍ය ආසන සංඛ්‍යාවක් යූ.එන්.පී.යටත් ශ්‍රී.ල.නි.ප.යටත් ලැබී තිබුණු බවය. යූ.එන්.පී.යට ආසන 106ක් ද ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු එ.ජ.නි.ස.ට ආසන 95ක් ද ලැබී තිබුණි. ඒකාබද්ධ විපක්ෂයක් ඒ වනවිට නොතිබූ නිසා මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමාට හිතවත් මන්ත්‍රී පිරිසක් ද කැටුව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේය. ඒ සඳහා එකතුකරගත් සමහර මන්ත්‍රීවරුන් ඡන්දයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් වරම් ලබා සිටි පිරිසකි. ඔවුන්ගෙන් සමහරකට ඇමැති පදවිද ලැබුණි. එහෙම පිහිටවපු ආණ්ඩුව අවුරුදු දෙකක් ගතවීමෙන් පසුව එළඹුණු අගෝස්තු 18 වැනිදා පත්තරවල හෙඩ්ලයින් ටික පවසන්නේ එදාට වඩා හොඳටම වෙනත් කතාවකි.

“විජයදාස විශ්වාස නැහැ” - ලංකාදීප (18), විජයදාස ඉවරයි - රාවය (20), සඳුදා විජයදාසගෙන් තීරණාත්මක තීන්දුවක් - මව්බිම (18)

මේ කියන විජයදාස යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන කටයුතු ඇමැතිවරයාය. ඔහුට එරෙහිව අවි අමෝරන්නේ විපක්ෂය නොව ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරැන් වීම මෙහි ඇති විශේෂයයි. ආණ්ඩු පක්ෂය කිව්වාට යූ.එන්.පී. එක පමණි. ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය දෙකම පවසන්නේ විජයදාස නිවැරැදි බවය. මහින්ද පාර්ශවය එහෙම කිව්වත් එහි අමුත්තක් නැත. ඔවුන් හැමවිටම බලන්නේ ආණ්ඩුව අවුලකට ඇඳදැමීමට වීම නිසාය. එහෙත් මෛත්‍රීපාල පාර්ශවය ද එහෙම කියන්නේ ආණ්ඩුවේ සම්මුතිය තවදුරටත් නොමැති බවට කරන ඉඟියක් වශයෙන් දැයි යන සැකය කා තුළත් ඇතිවිය හැකිය.

ආණ්ඩුවකට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා කියන්නේ එය උපරිම මට්ටමක ක්‍රියාත්මක විය යුතු අවධියක සිටිය යුතු බවය. කොටින්ම සිටිය යුත්තේ “පීක්” එකේය. නමුත් ඉහත සඳහන් කළ හෙඩ්ලයින්වලින් නම් කියැවෙන්නේ වෙනම කතාවකි. ආණ්ඩුව ප්‍රශ්න මැද්දේ “වීක්” ගමනක යෙදෙමින් සිටින බවය. යූ.එන්.පී.යත් ශ්‍රී.ල.නි.ප.යත් පීලි දෙකක යන බවය. අඩුම වශයෙන් වසර එකහමාරකට පෙර පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන ඡන්ද සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් හෝ පක්ෂ දෙක අතර එකඟත්වයක් නැත.

බැඳුම්කර කොමිසම එන්නේද වත්මන් පාලනයට යටතේ සිදුවන සහ සිදුවිය හැකි දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීම සම්බන්ධයෙන් එකඟත්වයක් නොතිබීමේ ප්‍රතිඵලයක් හැටියටය. එක් දේශපාලන විචාරකයෙක් පසුගියදා සඳහන් කර තිබුණේ රාජපක්ෂ යුගයේ වසර 9ක දූෂණ ක්‍රියා ඉක්මවන මට්ටමින් යහපාලන රජයේ වසර දෙකහමාරක දූෂණ ක්‍රියා සිදුවී ඇති බවය. එය රවි කරුණානායක වේදිකාව මැදට ගෙන සිදුකරන ඝෝෂාව මගින් මැඩිය නොහැකි බවද විචාරකයාගේ අදහසය. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී නීතිය සහ සාමයේ බිඳවැටීම් සිදුවීම, ආර්ථික කළමනාකරණය අවුල් කර දැමීම, ඒ හේතුව නිසා දූෂණ ක්‍රියා ඉහළ යාම, උතුරේ ජනතාවගේ අභිලාෂයන් යටපත් කරමින් දකුණේ සිංහල දැඩි මතධාරි කොටස් වෙත වැඩි නැඹුරැවක් දැක්වීම යහපාලන රජය සිය මූලික අරමුණුවලින් බැහැර කරවීමට හේතුවී ඇතැයි ද ඔහු සිය විචාරයේ සඳහන් කර තිබුණේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය යන සටන්පාඨ මත ක්‍රියාත්මක වූ රාජපක්ෂ රජයට විරුද්ධව ගෙන ගිය ඡන්ද ව්‍යාපාරය වසර 2ක් ගතවීමේදී පුස්සක් වී ඇතැයි ඔහුගේ මතයයි.

ආණ්ඩුව වසර 02 පිරෙන අවස්ථාවේදී පත්තර හෙඩ්ලයින්වලින් පමණක් නොව මේ ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමී වූ දේශපාලන විචාරකයන්ගේ අදහස්වලින්ද පෙනී යන්නේ ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවට උදම් අනන්නට කිසිම දෙයක් නැති බවය. යහපත් චේතනාවකින් ආණ්ඩුව බලයට පත්කිරීමට එකතුවූ තමන් ඉදිරි කාලය තුළදී රජය හරි පීල්ලට ගැනීමට ක්‍රියාකරන බවද මෙයින් සමහරුන්ගේ මතය වී තිබේ. ඔවුන් සඳහන් කරන්නේ නිසි ප්‍රජාතාන්ත්‍රික වේදිකාවකට රට ගෙනයාම සඳහා මේ ආණ්ඩුව මූලික පියවර තැබීම ගැන සතුටු වියහැකි වුවද ජනතාවට ලබාදුන් ඡන්ද පොරොන්දු ඉටුකිරීම අමතකකොට තම තමන්ගේ තෘප්තිමත් භාවයට හේතුවන කරැණු කෙරෙහි සැලකිලිමත් වීම පිළිගත නොහැකි බවය. මෙම පොරොන්දුවල එක් ප්‍රධාන අංකයක් වූ රාජපක්ෂ රජයේ දූෂිතයන්ට සහ වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නොපමාව සිදුකළ යුතු යැයිද ඒ සඳහා වෙනම අධිකරණයක් පිහිටුවා හෝ නඩු කටයුතු ඉක්මන් කළ යුතු යැයිද ඔවුන්ගේ මතයයි.

මේ මත දැක්වීම් කෙසේ වුවද රවි කරුණානායක ඇමැති ධූරය අතහැරීමෙන් පසුව රාජපක්ෂ පාලනයේ දූෂණ චෝදනා එල්ල වූ අයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම ඉක්මන් කළ යුතු යන හඬ යූ.එන්.පී.ය තුළින් ප්‍රබලව නැගෙමින් පවතී. විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහිව කෘත්‍යාධිකාරී කමිටුව තුළ විශ්වාසය නැති බවට වන යෝජනාව ඒකමතිකව සම්මත වීම මේ හඬේ ප්‍රබලත්වයට ඉඟියකි. පසුගිය දිනවල දිගින් දිගටම විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා රජයේ ප්‍රතිපත්තිමය තීන්දු විවේචනයට ලක්කිරීම කැපී පෙනුණු අතර ඒ ගැන නොසතුටින් සිටි යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ට රතු කට්ට පැන්නේ රවිගේ ඉවත් වීමෙනි. ඊට පෙර විජයදාස ඇමැතිවරයා කියා තිබූ අධිකරණ කටයුතුවලදී ප්‍රමාදයන් සිදුවීම වැළැක්විය නොහැකිය යන කතාව ඉදිරියට ඇදගත් යූ.එන්.පී මැති ඇමැතිවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළදී ද ඔහුට එරෙහිව කැරැල්ලක් ගැසූ බව පෙනෙන්නට තිබේ. එහිදී විජයදාස ඇමැතිට සහාය දක්වා අදහස් පළකිරීමට සැරුසුණු තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුට බලවත් විරෝධයක් එල්ල වී තිබුණි. අවසානයේ තීන්දු වී තිබුණේ 21 වැනිදා සඳුදා (හෙට) විජයදාස ඇමැතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය. ඊට පෙර අගමැති මුණගැසී තම අදහස් පළකිරීමට විජයදාස ඇමැතිවරයා සූදානමින් සිටින බවද සඳහන්ය. නමුත් ආණ්ඩුවක් ඇතුළේ මතවාදී ගැටුම් කොතරම් තිබිය හැකි වුවද වසර දෙකක් ගත වනවිට මෙවැනි ආකාරයක පුපුරායාම් පැවැතීම සුවිශේෂී සිද්ධියකි. එයින් ආණ්ඩුවේ පැවැත්මට සිදුවන බලපෑම ගැන දැන්ම සිතාගැනීම අපහසුය.
ඒ සමඟ අප මීට කළින් ද මේ තීරුවේ සඳහන් කළ පරිදි රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ. ශිරන්ති රාජපක්ෂ, යෝෂිත සහ රෝහිත තිදෙනාම පසුගිය සතියේ සී.අයි.ඩීයට සහ එෆ්.ඩී.අයි.ඩී.යට කැඳවා ප්‍රශ්න කර තිබුණේ ඒ අනුවය. සතියේ කැබිනට් තීරණ දැන්වූ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියා තිබුණේ අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරි වූ තීන්දු මේ මාසයේ ගන්නා බවය. එහි තේරැම එකවරම කුමක්දැයි කිව නොහැකි වුවද රාජපක්ෂවරුන්ට එරෙහිව දැඩිව කටයුතු කිරීමට සිදුවන තැනකට රජය තල්ලුවී සිටින බව පැහැදිලිය. එය රජයේ ඉදිරි ගමන් මග සකසා ගැනීම සඳහා ගනු ලබන තාවකාලික පියවරක්ද නැතහොත් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් දැයි දැන්ම පැවැසීම අමාරුය.

මේ අතර මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රජයේ අපකීර්තිය වසාගැනීමට තමන්ගේ පවුලේ අය පොලිසීයට ගෙන්වන බවය. වත්මන් යමපාලන ආණ්ඩුවේ මහා පරිමාණ වංචා සහ දූෂණ ඉතාමත් අනපේක්ෂිත හා විචිත්‍රවත් ලෙස හෙළිවෙමින් පවතින බැවින් ජනතා අවධානය වෙනතකට යොමුකිරීම සඳහා තම පවුලේ සාමාජීකයන් සී.අයි.ඩී.යට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන්වන බව එම නිවේදනයෙන් මහින්ද කියයි. රාජපක්ෂවරුන්ට අදාළ නඩු ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට කරන ප්‍රකාශවලින් ඔවුන් කලබල වී තිබෙන තරම පැහැදිලි වන බවත් එහි සඳහන්ය.

මේ සතිය තුළදී සී.අයි.ඩී.යට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන්වනු ලැබූ තම බිරිඳ ශිරන්තිගෙන් සිරිලිය සවිය සමාජසේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කළේ මන්දැයි විමසා තිබූ බවත් මේ කාරණය ගැන තම පුත් යෝෂිතගෙන්ද අසා තිබුණ බවත් තම නිවේදනයෙන් කියන මහින්ද තම බාලම පුතු රෝහිතගෙන් “සුප්‍රීම් සැට්” සන්නිවේදන චන්ද්‍රිකාව අයත් සමාගමේ කොටස් තිබෙනවාද යන්න විමසා තිබූ බවද කියයි.

තමාටත් තම පවුලේ අයටත් සමස්ත විපක්ෂයටත් එරෙහිව යමපාලකයන් ගෙනයන ප්‍රචාරක සංග්‍රාමයේ තවත් අදිරයක් මේ සතියේ ජනතාව දුටු බවද එහි සඳහන්ය. යමපාලන ආණ්ඩුවට වැදගත් වන්නේ පොලීසිය ලබාගන්නා කට උත්තරවල අන්තර්ගතය නොව තාජුදීන් සම්බන්ධයෙන් තම පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බවට පළවන මාධ්‍ය වාර්තා බවද සඳහන් කරන නිවේදනය මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් මේ යමපාලන ආණ්ඩුව මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ආකාරයට හිරිහැර කර නැතැයිද සඳහන් කරයි.

මහින්දගේ මේ නිවේදනයෙන් පැවසෙන්නේ රජය තම පවුලේ සාමාජිකයන් පොලිසියට කැඳවීම සිතාමතා සිදුකරන හිරිහැරයක් බව රටට පැවසීමය. එයට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඔහු ඉදිරි පියවර සැලසුම් කරනු ඇතැයි සිතිය හැකිය. මේ අතර මහින්දගේ පවුලේ අය පොලීසිවලට කැඳවීම පිළිබඳව ශ්‍රී.ල.නි.ප මෛත්‍රීපාල පාර්ශවයේ අදහස පසුගිය බ්‍රහස්පතින්දා (17) කොළඹ ඩාලි පාරේ ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ විය. එස්.බී. ඇමතිවරයා එහිදී පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා තිස් අවුරුදු යුද්ධය නිමවා රටට නිදහස ලබාදුන් බවත් ඒ කාලයේ ලෝකයේ ඇති වූ තෙල්, ආහාර හා මූල්‍ය අර්බුදයට මුහුණු දෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සමත් වූ බවත්ය. නමුත් යුධ ජය සමඟ 2010 ත් 2015 ත් අතර කාලය තුළ හිටපු ජනාධිපතිතුමා සහ එතුමාගේ පවුලේ අය හැසිරුණු ආකාරය සමඟ රජයේ පක්ෂයේ හා රටේ තත්ත්වය වෙනස් වූ බවය. එහිදී පැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එස්.බී. පැවසුවේ තමන් දන්නා විදිහට ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිරිලිය සවිය මුදල් වංචා කිරීම ගැන චෝදනා තිබෙන බවයි. ඇය ඒ මුදල්වලට වගකිවයුතු බවත් ඒ වගේම තාජුඩීන් ඝාතනයට සිරිලිය සවිය යටතේ තිබූ වාහනයක් යොදාගෙන ඇතැයි පරීක්ෂණවලදී පෙනී ගොස් තිබෙන බවත් ඇය ඒ සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවත් ඔහුගේ පිළිතුරේ සඳහන් විය. නිලධාරින් ඉවසීමෙන් කටයුතු කරන බවද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු සඳහන් කර තිබුණි.

එක් පැත්තකින් රාජපක්ෂ පවුලේ තිදෙනෙකුම එකවර එෆ්.සී.අයි.ඩී.යට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුවනවිට අනෙක් පැත්තෙන් මහින්දගේ ප්‍රකාශවලට ප්‍රතිප්‍රකාශ නිකුත් කිරීමද පසුගිය සතියේ දැකගැනීමට හැකිවිය. මාධ්‍ය ඇමති මංගල නිකුත් කළ දීර්ඝ නිවේදනයකින් මහින්ද පසුගිය දිනවල කර තිබූ ප්‍රකාශ කිහිපයකට දී තිබූ පිළිතුර ඉන් එකකි.

මංගල කියා තිබුණේ රටේ සංවර්ධනය සඳහා රජය ගන්නා ප්‍රගතිශීලී පියවර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක මහින්ද නියැලී සිටින බවය. හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම තිගැස්මකට ලක්වුණා යැයි කියන මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන කාලය තුළ රටේ සම්පත් සින්නක්කරව විදේශිකයන්ට විකිණූ ආකාරය අමතක වීදැයි ප්‍රශ්න කළ යුතු බවය. කොළඹ වරායේ එක් පර්යන්තයක් 85% - 15 පදනමින් චීනයට බදු දුන් රාජපක්ෂ මහතා හම්බන්තොට වරායත් එම පදනමින්ම චීනයට බදු දීමට 2014 වසරේදී ගිවිසුමකට එළැඹුණු බව දැන් අමතකදැයි මංගල ප්‍රශ්න කර තිබිණි. මහින්දගේ කාලයේ ලෝකෙන්ම හුදෙකලා වී චෝදනා කන්දකට යටවී තිබූ රට එයින් නිදහස් කරගෙන ලෝකයේම අවධානය දිනාගෙන ජාත්‍යන්තර පිළිගැනීම හිමි කරගෙන රටේ අභිමානය රැකගැනීමට ද සමත් වූ බවත් ඔහු කියා තිබුණි.

රාජපක්ෂ පවුලට එරෙහිව තිබෙන චෝදනා, අධික ණය ලබාගැනීම, ඒ හරහා කොමිස් මුදල් ලබාගැනීම් සහ බොරැ පතුරුවමින් ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් ද කරැණු සඳහන් කරන එම නිවේදනය අවසන් කර ඇත්තේ තම පාලන කාලයේ සිදු වූ බරපතළ වංචා දූෂණ සහ අපරාධ වසාගැනීමේ කඩතුරාවක් ලෙස රාජපක්ෂ මහතා හුදු ආණ්ඩු විරෝධයක් පෙන්වමින් ප්‍රෝඩාකාරී මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන බවට චෝදනාවක් ද කරමිනි.

දැන් උද්ගත වෙමින් තිබෙන්නේ රාජපක්ෂලාට එරෙහිව වටකර ගැසීමක් බව පැහැදිලිය. ඒ අනුව බැඳුම්කර කොමිසම හරහා මෛත්‍රීපාල ජනාධිපතිවරයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළීමේ න්‍යායක් අනුගමනය කරන්නේ දැයි සමහරු සැක පහළ කරන්නේ ඒ නිසාය. යූ.එන්.පී.යේ දූෂණ චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව කටයුතු සිදුවන විට රාජපක්ෂලාට එරෙහි චෝදනා විභාගයට ගැනීම ඉක්මන් කරන්නැයි බලපෑම් එල්ල වන බව ජනාධිපතිවරයා නොදැන සිටිය නොහැක. දැන් සිදුවෙමින් පවතින්නේ එම ක්‍රියාදාමය බව පැහැදිලිය.

මේ නිසා දේශපාලන විචාරකයන් වැඩිදෙනකුගේ අදහස වී තිබුණේ රවි ඇමති පදවියෙන් අස්වන තැනට කරැණු යෙදීමේ මීළඟ ප්‍රතිඵලය වනු ඇත්තේ යූ.එන්.පී මැති ඇමතිවරැන් රාජපක්ෂලාට එරෙහිව අවි එසවීම බව කියාය. එය එලෙසම සිදුවන බව පසුගිය සතියේ දිගහැරුණු ඉහත කී සිදුවීම් ගණනාවකින්ම පෙනෙන්නට තිබුණි. රවිට දේශපාලන සතුරන් සිටියේ ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු විපක්ෂයේ පමණක් නොවේ. යූ.එන්.පී.ය ඇතුළේද රවිට එරෙහිව යම් යම් අවස්ථාවල චෝදනා එල්ල කළ මැති ඇමතිලා සිටියහ. නමුත් ඒ සියලුදෙනා ද දැන් කෑ ගසන්නේ යූ.එන්.පී.යට පමණක් මේ අන්දමට පහර එල්ල කිරීම ඉවසන්නේ නැති බව කියාය. රාජපක්ෂ පවුලේ අය එෆ්.ඩී.අයි.ඩී.යට සී.අයි.ඩී.යට ගෙන්වූයේ ඊට පිළිතුරක් හැටියට දැයි පැහැදිලි නැත. 

මේ ආරවුල් මැද්දේ යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙපොළ වන ජනපති සහ අගමැති පසුගිය බ්‍රහස්පතින්දා (17) පස්වරුවේ බී.එම්.අයි.සී.එච්. එකේදී එකට මුණගැසිණි. අගමැති රනිල්ගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපණය වන ඡායාරූප දැක්ම විවෘත කිරීමට ජනපති ඇරයුම් ලබා පැමිණීමෙන් ඒ අවස්ථාව උදාවිය. එහිදී දෙදෙනා ඡායාරෑප නරඹමින් සතුටු සාමීචියේ යෙදී සිටිනු දැකිය හැකි විය. එතැනදී ආණ්ඩුවේ අවුරුදු 02 ගැන රවි ගැන හෝ මහින්ද ගැන හෝ කතා කළාදැයි කියන්න දන්නේ නැත. 

 - ශශීන්ද්‍ර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගොඩ යයිද? යට යයිද?
ගොඩ යයිද? යට යයිද?
http://ift.tt/2wqfsNQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_569.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_569.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy