කොටි ඩයස්පෝරාව ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 10ක් R2P ප්‍රතිපත්ති යටතේ සාම හමුදාවක් ශ්‍රී ලංකාවට වහාම යවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්...
මෙයට හේතුවී ඇත්තේ බීබීසී සේවය ඇතුළු බ්‍රිතාන්‍යයේ ප්‍රබල මාධ්‍ය තුනක් ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයට බෞද්ධයන් වග යුතු බව කියා සිටීමයි.
මෙම R2P සංකල්පය ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දෙදෙනකු වූ කඩ ඇඩමා ඩියන් සහ කාරන් යයන් ද ශ්‍රී ලංකා රජයට ලිපියක් එවා තිබේ. රටක ජනතාව රැකීමට රජය අපොහොසත් නම් මෙම R2P සංකල්පය යටතේ සාම හමුදාවක් මෙරටට එවීමට එක්සත් ජාතීන්ට හැකි වේ.
මෙයට පෙර වන්නි මෙහෙයුම් සමයේ කොළඹ වාර්ගිකඅධ්‍යාපන ආයතනයේ ප්‍රධානී රාධා මානි මෙරටට සාම හමුදාවක් එවන ලෙස කළ ඉල්ලීම රජයට වාර්තා වීම නිසා ඇයට මෙරටින් පිටුවහල් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා නියෝග කර තිබුණි.
මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් පවතින බවට යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මාධ්‍ය වාර්තා යවා ඇත.
– ඉරිදා දිවයින
COMMENTS