නිව්මෝනියා රෝගී තත්වය හේතුවෙන් පළමු තරගයට සහභාගි නොවූ නායක දිනේෂ් චන්දිමාල් අද තරගයට එක්වන අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සිය ස්ථානය අහිමි වේ....
නිව්මෝනියා රෝගී තත්වය හේතුවෙන් පළමු තරගයට සහභාගි නොවූ නායක දිනේෂ් චන්දිමාල් අද තරගයට එක්වන අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සිය ස්ථානය අහිමි වේ. පළමු තරගයේදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න වෙනුවට ධන්නජය ද සිල්වා කණ්ඩායමට එක්වන බවයි වාර්තා වන්නේ.
අද තරගයේදී බොහෝදුරට ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට නියමිත අතර එසේ වුවහොත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දිගු කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි මලින්ද පුෂ්පකුමාර ජාත්‍යන්තර වරම් හිමිකර ගනු ඇත. මාලින්ද කණ්ඩායමට පැමිණියහොත් ඉවත්වීමට සිදුවන්නේ ලහිරු කුමාරටයි.
ඉන්දීය කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් නැවත කණ්ඩායමට පැමිණීමට නියමිත අතර එසේ වුවහොත් අබිනාව් මුකුන්ද්ට සිය ස්ථානය අහිමි වනු ඇත. ඔවුන්ද බොහෝදුරට දඟපන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට නියමිත එවේ. ඒ අනුව පළමු තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් හර්දික් පාන්ඩ්‍යා වෙනුවට කුල්දීප් යාදව් ක්‍රීඩා කරනු ඇත.
COMMENTS