දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්.
Homeප්‍රවෘත්ති

2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්.

PropellerAds

එක්සත් ජාතීන්ගේ, ජනගහන අංශයේ, ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව Worldometers විසින් සිදුකර ඇති පුරෝකථනයන් ...

ජාතික ලයිස්තු ගැසට් කරයි.. නාම ලේඛණය මෙන්න
සිරිකොත වටලන්න අපිට ඕන නෑ.. අපි වටලන්නේ මුළු රටම – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
ජාතික ලයිස්තු ගැසට් කරයි.. නාම ලේඛණය මෙන්න
එක්සත් ජාතීන්ගේ, ජනගහන අංශයේ, ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව Worldometers විසින් සිදුකර ඇති පුරෝකථනයන් ප්‍රකාරව වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,792,352 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් අද දින පස්වරුවේ (2017 ඔක්තෝබර් 31, ප.ව. 2.20) වන විට එහි වෙබ් අඩවියේ සඳහන් සජීවී දත්තවල සටහන්ව ඇති ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වන 20,901,387 ට වඩා, 2050 වසරේ මෙරට ජනගහනය අඩු අගයයක් ගැනීමයි.

මෙම වර්ගීකරණයට අනුව 2017 වසරේ දී ලොව ජනගහනය වැඩිම රටවල් අනුපිළිවෙලෙහි 58 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අතර 2050 වසර වන විට ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 76 වැනි තැන දක්වා පසුපසට යන බව සඳහන් වේ.

2020 වසර වන විට මෙරට ජනගහනයේ වාර්ෂික වර්ධන වේගය 0.35% ක් ලෙසින් හඳුනාගෙන ඇති අතර 2050 වසර වන විට එය -0.35% ක් ලෙසින් තක්සේරු කර ඇත. එනම් වාර්ෂිකව ජනගහනයේ වර්ධනයක් නොව, පහළ යාමක් සිදුවන බවයි.

Worldometers පුරෝකථනයන්ට අනුව තවත් අවධානය යොමු විය යුතු සංරචක කිහිපයක්ම මෙහිදී අනාවරණය වී තිබේ.



එනම් 2020 වසරේ දී වයස අවුරුදු 34.1 ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයේ වයස් මධ්‍යයන්‍ය, 2050 වසර වන විට වයස අවුරුදු 42.6 දක්වා ඉහළ ගොස් තිබීමයි. මෙයාකාරයෙන් ජනගහනයක මධ්‍යයන්‍ය වයස් මට්ටම ඉහළ යාමක් සිදුවන්නේ, එම රටේ වයස්ගත ජනගහනය, ළමා හා තරුණ ජනගහනයට වඩා වැඩි වූ විටකය.

තවද 2020 වසරේ දී 2.03 ක්ව ඇති සාඵල්‍යතා අනුපාතිකය 2050 වසර වන විට 1.80 දක්වා පහළ ගොස් ඇත. එනම් දරු උපත් සිදුවන වේගය පහළ බැස ඇති බවයි. මේ අතර සමස්ත ජනගහනයෙන් 19.9% ක්, 2020 වසර වන විට නාගරික ජනගහනය ලෙසින් හඳුනාගෙන ඇති අතර 2050 වන විට එම අගය 34.6% ක් දක්වා ඉහළ යනු ඇති බව ඇස්තමේන්තුගත කර ඇත.

පුරෝකථනයන්ට අනුව 2018 වසරේ දී බිලියන 7.63 ක්ව පවතින ලෝක ජනගහනය 2050 වසරේ දී බිලියන 9.77 දක්වා ඉහළ යනු ඇත.

එහිදී දැනට ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට චීනය සැලකෙන අතර එම සංඛ්‍යාව බිලියන 1.4 කි. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. 2017 වසරේ දී ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.339 ක් ලෙසින් අනාවරණය වී තිබේ.

පුරෝකථනයක් දක්වන්නේ 2050 වසර වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.658 ක් වන බවත් එවිට ඔවුන් චීනය පරයා ලොව වැඩිම ජනගහනය වෙසෙන රට බවට පත්වනු ඇති බවත්ය. 2050 වසරේ දී චීනයේ ජනගහනය ඇස්තමේන්තු කර ඇත්තේ බිලියන 1.364 ක් වශයෙනි.

මෙම කරුණු සම්බන්ධ සම්පූර්ණ සංඛ්‍යා සටහන් පහත දැක්වේ.



2017 වසරේ දී ලොව ජනගහනය වැඩිම රටවල් 20 හි තොරතුරු පහත දැක්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්.
2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්.
http://ift.tt/2z7B4zJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/2050.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/2050.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy