දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක්
Homeප්‍රවෘත්ති

හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක්

PropellerAds

හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක් පමණක් බවත් එහි කිසිම නීතිමය තත්ත්වයක් නොමැති බවත් එය අවලංගු, බල ශූන්‍යය බවත් මෙවැනි ජාත...

හදිසි නීතිය අවසන් වු පසු බුර්කා තහනමත් අවසන්..- පරණවිතාන
පාසලේ බෝම්බ පුපුරවන බව පවසමින් විදුහල්පතිට ISIS ධජය සමග තර්ජනාත්මක ලිපියක්…
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…

හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක් පමණක් බවත් එහි කිසිම නීතිමය තත්ත්වයක් නොමැති බවත් එය අවලංගු, බල ශූන්‍යය බවත් මෙවැනි ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක සිටීම තරම් තවත් ලැජ්ජා සහගත දෙයක් නොමැති බව ඊයේ(23) ඉල්ලා අස්වු විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසනවා.

ඉතිහාසය පුරාවට හැම අධිකරණ ඇමැතිවරයාටම හැම ආණ්ඩුවටම තිබූ චෝදනාව නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණයට බලපෑම් කළා කියන චෝදනාව, මට තිබෙන චෝදනාව එම ආයතන දෙකටම ඇඟිලි නොගැසීමේ චෝදනාව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අපේ රටේ අමාත්‍ය මණ්ඩලය හම්බන්තොට වරාය වැනි ගිවිසුමකට ඇතුළත් වීමේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත කරගත යුතුයි.

නීතිපති දෙපාර්තමේන්තුව තමන් මේ දක්වා ස්වාධීනව පවත්වාගෙන ආපු නිසා රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලැබෙයි කියලා. අධිකරණ ඇමැතිව පන්නලා නීතිපති දෙපාර්තමේන්තුවේ කොඳු නාරටිය බිඳිය යුතුයි කියන ස්ථාවරයට ඇතැම් පිරිස් ඇවිල්ලා ඉන්නවා. ඉකුත් බදාදා නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා පසුපෙළ මන්ත්‍රිවරුන් ඇතුළු චණ්ඩි මන්ත්‍රිවරුන් සමඟ නීතිපතිවරයාට අපහාස කරමින් ඔහුට නියෝග දීලා තියෙන්නේ තරහකාරයන්ට එරෙහිව තියෙන නඩු සති දෙකෙන් අධිකරණය ඉදිරියේ පැවරිය යුතුය කියලා.

විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමඟ ඩීල් එකක් දාලා ඒ අයගේ නඩු කල් දානවා කියලා බැඳුම්කර මගඩිය යට ගහලා මාව බිල්ලට දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. පසුගිය 2002 _ 2003 එජාප ආණ්ඩුව කාලෙ මේ රටේ රාජ්‍ය සම්පත් විකුණුවා. ශ්‍රී ලංගමය රවි වෙත්තසිංහ මහත්මයාට රුපියල් මිලියන 860ට විකිණුවා. මම එදා ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු දාලා එම දේපළ බේරාගත්තා. නැත්තම් අද ලංකාවේ ලංගමයක් නැහැ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 06ට වික්කා. ඇපලෝ රෝහල වික්කා. කෝප් කමිටු නිර්දේශවලට අනුව අධිකරණ නඩු තීන්දු මඟින් එම දේපළ ආපසු ලබා ගත්තා. රටේ සියලුම සම්පත් විකුණගෙන යන ආණ්ඩුවක් පිළිබඳව ගත යුතු තීරණය ජනතාව සිතා බැලිය යුතුයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක්
හම්බන්තොට වරාය පවරා ගැනීමේ ලියවිල්ල නිකම් කඩදාසියක්
http://ift.tt/2is8AKi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_471.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_471.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy