යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුලත් ජ...
දුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල් පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට මෙසේ මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අතර එම අවස්ථාවේම විදුහල් පතිනිය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
මේ අනුව අදාල ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවද යාපනය පොලීසිය පවසයි.
අදාල ලිපය එවූ පුද්ගලයින් මෙතෙක් හෙලී වී නොමැති අතර එම පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS