මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැතී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපත තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ ...
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැතී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපත තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාල පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් තිබී හමු වී ඇති අතර අදාල කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් අදාල කැලෑබද ප්‍රදේශයට මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර සොයාගත් පුපුරණද්‍රව්‍ය තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දී ඇත
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS