බුර්කාව තහනම් කිරීම හදිසි නිතිය ඉවත් වූ පසුව ඉවත් වන හෙයින් සාමාන්‍ය නීතිය යටතේත් එය පවත්වාගෙන යා හැකි පරිද්දෙන් රටේ නීතිය සංශෝධනය විය යුත...
මුහුණ සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් නීතියෙන් තහනම් කළ යුතුය, යන්න තමාගේ පෞද්ගලික මතය බව අවධාරණය කල ඒ මහතා සංස්කෘතික අනන්‍යතාවයට ඉහළින් මිනිසුන්ගේ ආරක්ෂාව වැදගත් වන බවද වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල කරුණාරත්න පරණවිතාන මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
මරාගෙන මැරෙන බෝම්බ කරුවො ඉන්න රටක සියයට සීයක් ආරක්ෂාව සහතික කරන්න අපහසුයි. එහෙම කියලා විශ්වවිද්‍යල, පාසල් වහලා රටක් ගෙනියන්නත් බැහැ. අපි අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විවෘත කරලා තිබෙනවා. රජයේ සේවකයො ඇවිත් ඉන්නවා. එහෙම කරලා තියෙන්නේ සියයට සීයක් ආරක්ෂාව සහතික කරලා නොවෙයි. අපේ ආරක්ෂාව සඳහා ආයතන මට්ටමින් හදලා තිබෙන ආරක්ෂක වැඩපිළිවෙළවල් වලට දායක වෙමින් අවධානමක් දරමිනුයි මේ කටයුතු කරමින් යන්නේ.
එසේම හදිසි නීතිය යටතේ පැනවූ බුර්කාව තහනම හදිසි නීතිය ඉවත් කළ පසුව ඉවත් වෙනවා. සාමාන්‍ය නීතිය යටතේත් එය පවත්වාගෙන යා හැකි පරිද්දෙන් රටේ නීතිය සංශෝධනය විය යුතුයි. අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි ඇඳුම් හදිසි නීතිය යටතේ තහනම් කර තිබෙනවා වගේම ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනයත් නිකුත් කරලා තිබෙනවා. රජය බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ස්ථීර නීතියක් පනවන්න. බුර්කාව සම්බන්ධයෙන් ලෝකයේ රටවල්වල ලොකු වාදයක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ඒවා නීතියෙන්ම ඉවත් කරලා තිබෙනවා. සමහර ඉස්ලාම් ආගමික නායකයො කියනවා මේක ඒ අයට කරගන්න ඉඩ දෙන්න කියලා. ඒකට නීති අවශ්‍ය නෑ කියල. නමුත් මෙවැනි දරුණු සිද්ධියක් ඇති වුණාට පස්සේ තත්ත්වය උත්සන්න වෙනවා. සමහර අයට අවබෝධයක් නෑ බුර්කාව, හිජාබය වගේ වචන පිළිබඳවත්.
සමහර ඉස්ලාමීය කාන්තාවන් සාරියකින් මුහුණ වසාගෙන යන කොට ඒකත් ගලවන්න යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මිනිස්සු නීතිය අතට ගන්න ගියොත් බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික මතය නම් මුහුණ සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් නීතියෙන් තහනම් කළ යුතුයි යන්නයි. සංස්කෘතික අනන්‍යතාවයට ඉහළින් මිනිසුන්ගේ ආරක්ෂාව වැදගත් වෙනවා. අපි තැන දෙන්න ඕන මනුෂ්‍යවයේ අනන්‍යතාවයට. එම නිසා මුළු ලෝකයම එක මතයකට එකඟ වෙයි. මේක ඉස්ලාම් ධර්මයට පටහැනි එකක් නෙවෙයි. පසුගිය කාලයේ මතු කෙරුණු වහාබ්වාදයේ අදහස් නිසයි, මෙවැනි තත්ත්වයක් ඇති වුණේ.
– ජයකාන්ත ලියනගේ
COMMENTS