අමාත්‍ය රවී කරුණානායක මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට දැ...
අමාත්‍ය රවී කරුණානායක මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කර තිබේ.
ජනාධිපතිවරයා පෙරේදා (08) රාත්‍රී ශ්‍රීලනිප ඇමතිවරුන් කැඳවා එම ඉල්ලීම කර ඇත.
තමා ජනාධිපති ධුරයට පත්කිරීමට රවී කරුණානායක මහතා දැක්වූ දායකත්වය සිහිපත්කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රීලනිප ඇමතිවරුන් රවී කරුණානායක මහතාට දිගින් දිගටම පහර දුනහොත් එය එක්සත් ජාතික පාක්ෂිකයින් වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බවත් ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවත් පෙන්වා දී තිබේ.
රවී කරුණානායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමා අගමැතිවරයාට යෝජනා කල බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශකර ඇත.
ජනපතිගේ ඉල්ලීමට පිටුපාලා :
අමාත්‍ය රවී කරුණානායක මහතාට පහර නොදෙන්නැයි ජනාධිපතිවරයා එසේ දැනුම් දී තිබිනද ඇතැම් ශ්‍රීලනිප ප්‍රධානින් මේවනවිටත් අමාත්‍යවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටිති.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඊයේ මාධ්‍යවෙත මෙසේ පැවසිය.
"විශ්වාසභංග යෝජනාවක් ගේන්න අවශ්‍ය නැහැ. දැනටමත් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ රවී කරුණානායක හිටපු මුදල් ඇමතිතුමාට තීන්දුවක් ගන්න කියලා. රවී කරුණානායක මුදල් ඇමති කාලේ මට විතරක් නෙමෙයි අනෙක් මහඇමතිවරුන්ටත් ගැටලු තිබ්බා..
කොහොම වුණත් මේ චෝදනාවට එතුමා වැරදිකරු බව දැන් මේ රටේ ජනතාව දන්නවා. තවත් දෙයක්, විශ්වාසභංගයක් ගෙනාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ඒකට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ."
ආණ්ඩුවේ ආත්ම ගෞරවය?
මේ අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පුනර්ජීවන සංවර්ධනය සම්බන්ධ අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේ දි ප්‍රකාශ කලේ, ආණ්ඩුවේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වහාම විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා තම අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.
තමා මෙසේ පවසනුයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වශයෙන් නොව, ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වශයෙන් බවත් ඔහු එහිදී පැවසිය.
COMMENTS