දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් විමල්ගේ අමාත්‍යාංශයට යයි! විමල් හමුවී විශේෂ සාකච්ජාවක
Homeප්‍රවෘත්ති

නාමල් විමල්ගේ අමාත්‍යාංශයට යයි! විමල් හමුවී විශේෂ සාකච්ජාවක

PropellerAds

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණ...

තිලිනි පියමාලි සමග රාජපක්‍ෂ පවුලේ සබදතා? ශිරන්ති සමග උත්සවයක?
ජාතික සභාවේ රටේ ප්‍රතිපත්ති හදන කමිටුවේ සභාපතිකම නාමල්ට බාර දෙයි!
ප‍්‍රියමාලි සමග වැඩ කල ප‍්‍රකට නිලියන් 03ක් CIDයට! ව්‍යාපාරිකයන් සමග හඬ පට හෙලිවෙයි!
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්ජාවක් ඊයේ  (18) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යවරයා සහ  තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්ජාවක ප්‍රතිඑලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු පිළිබද සාකච්ජා කිරීමට මෙම හමුව පැවැත්වෙන බව අමාත්‍යවරු දෙපළ සදහන් කළහ.

ග්‍රාමීය මට්ටමේ විරැකියාවෙන් පෙළෙන රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අදහස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙමින් එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) දැනටමත් සමස්ත දිවයිනම පදනම් කර ගනිමින් කර්මාන්ත සදහා අවශ්‍ය පසුබිම අධ්‍යයනය කර ඇති බවටත් ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම ප්‍රදේශවලට ආවේණික, වඩා සුදුසු, අමුද්‍රව්‍ය සපයා ගත හැකි සහ විරුකියාව යන කරුණු පදනම් කර ගනිමින් සුදුසු කර්මාන්ත හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවටත් අදහස් පළ විය. තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර අංශය දැනටමත් කර ඇති අධ්‍යයනයන් ද ඒ සදහා යොදා ගන්නා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

එසේ හදුනාගන්නා යෝජනා පිළිබඳ සාකච්ඡා කොට ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව අවසන් යෝජනා ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරු දෙපළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

එහිදී එම ව්‍යාපෘතියට අදාළ බාධාවන්, අභියෝග මෙන්ම යටිතල පහසුකම් ඇති කිරීමේ ක්‍රමවේදයන් පිළිබවදවත් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදුන් අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් මධ්‍ය පරිමාණය දක්වා ඔසවා තැබීම බව අමාත්‍යවරු දෙපළ අවධාරණය කළහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් විමල්ගේ අමාත්‍යාංශයට යයි! විමල් හමුවී විශේෂ සාකච්ජාවක
නාමල් විමල්ගේ අමාත්‍යාංශයට යයි! විමල් හමුවී විශේෂ සාකච්ජාවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcfqNRpx50cB85pzBgMXq9AbhPkQjJhfoTTvQsQzUsi25byo4bTV1QFnfsx6VVx-5xYS5XkFLttIByOuSsntKA2Jy0E70mhYiGn-JoyxryZcG45MYzFh0XgpBtMtZreoHXEUyGwMwGKEA/s320/wimal-namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcfqNRpx50cB85pzBgMXq9AbhPkQjJhfoTTvQsQzUsi25byo4bTV1QFnfsx6VVx-5xYS5XkFLttIByOuSsntKA2Jy0E70mhYiGn-JoyxryZcG45MYzFh0XgpBtMtZreoHXEUyGwMwGKEA/s72-c/wimal-namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_493.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_493.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy