රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්...
රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්වෙලා තියන රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ජනතා අවධානය අරගෙන රජය අපහසුතාවයට පත්කරන්න ඕන කියලා මන්ත්‍රීවරු බහුතරයක් කිව්වලු.
'ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුත් ඉන්නෙ කලකිරීමෙන්. සමහර අය රවීට විශ්වාසභංගයක් ගෙනාවොත් කෙලින්ම සහයෝගය දෙන්න කැමතිවෙලා ඉන්නෙ. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි රවීට විශ්වාසභංගයක් ගේන එක' කියලා මහින්ද ලඟින්ම ඉන්න ප්‍රබලයෙක් අවධාරණය කරලාම කිව්වලු.
මේක අහගෙන හිටපු මහින්ද මහත්තයා පුරුදු විදියටම තග දාන සයිස් එකෙන් කිව්වලු, 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු විදිය.
'එදා ලොක්කා අඩුගානෙ පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඒ ගැන ආණ්ඩු පක්ෂය කෝචොක් දානකොට ඒවට මුහුණ දෙන්න උනෙත් අපිට නෙ' කියලා මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කතාවෙන්න පටන් ගත්තලු.
රැස්වීම ඉවර වෙනකොට මහින්ද වටේ ඉන්න ගොඩක් අයට තේරුනාලු මහින්ද මහත්තයාගෙ මේ අමුතු කරුනාව මොකද්ද කියන එක. හැබැයි ඒ ගැන ප්‍රසිද්ධියේ මහින්ද මහත්තයාගෙන් අහන්න තරං ධෛර්යයක් තියන එක්කෙනක්වත් රැස්වීමෙ හිටියෙ නැති එක තමයි ගැටලුව.
රැස්වීම ඉවර වෙලා යන ගමන් මන්ත්‍රීවරු කතා වෙනවලු 'ආණ්ඩුවට හේත්තු වෙලා ඇමති කට්ටක් අරගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දි අපි ලොක්කාත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ අස්සෙ මෙයා හිමීට ආණ්ඩුවත් එක්ක ඩීල් දාගන්නවා. අපරාදෙ රවියයි ආණ්ඩුවි අපහසුතාවයට පත් කරලා ශ්‍රීලනිපෙ සෙට් එකක් ගලවගන්න තිබුණු හොඳම වෙලාව. අපේ ලොක්කා ඩීල්වලින් හරි ගොඩයයි. අපිට ඉතිං හුලං තමයි' කියලා.
COMMENTS