දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් ඇමැති රාජිතගේ හිතවතෙකු මිලියන ගණනක් ගසාකයි
Homeප්‍රවෘත්ති

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් ඇමැති රාජිතගේ හිතවතෙකු මිලියන ගණනක් ගසාකයි

PropellerAds

පසුගිය මැයි 21වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී...

අපි මොකටද කුඩේ කුඩු වෙච්ච උන් ගාව ගන්නේ...රටෙන් භාගයක් කෑව මෛත්‍රීපාල එක්ක කිසිම සන්ධානයක් නෑ – ෆීල්ඩ් මාර්ෂල්
පළමු තරගයේ බින්දුවට දැවී ගිය අගමැති පුතා රෝහිත කණ්ඩායමෙන් එළියට!
නිල නිවසට වායුසමීකරණ 14ක්...ගිය වසරේ 68,000ක චීස් කාලා - රෝසි සේනානායක රජයේ සල්ලි වලින් කරපු දේ මෙන්න
පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් ඇමැති රාජිතගේ හිතවතෙකු මිලියන ගණනක් ගසාකයි

පසුගිය මැයි 21වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවා තිබුණු අතර එකම එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් තුනක් කැදවා තිබූ බව වාර්තා වේ.

මෙම පිළිකාව සදහා වන එන්නත සදහා වන ටෙන්ඩරය පිරිනමා ඇත්තේ හතරවන අඩුම මිල ගණන් ඉදිරිපත් කල සමාගමට බවත් එනම් එන්නතක් සදහා රුපියල් 135,900.00 ක් ඉදිරිපත් කර ඇති Pharmace (Pvt) Ltd. සමාගමට වීම පුදුමය දනවන කටයුත්තක් බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ඒ පිළිබදව රටේ ජනතාව පුදුම නොවිය යුත්තේ එම සමාගමේ හිමිකරු වන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපතම හිතවතෙකු ද වන රාජ්‍ය ‌ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන මොහොමඩ් හසීම් මොහොමඩ් රූමි මහතාගේ මස්සිනාවන වන නිසා බවත් රුපියල් 64,700.00 ගත හැකිව තිබූ එන්නත රුපියල් 135,900.00 ට මිලදී ගැනීම නිසා එක් එන්නතකින් රුපියල් 71200 ක පාඩුවක් රටට වී ඇති අතර මුලු ටෙන්ඩර් තුනෙන්ම රටට වන පාඩුව රුපියල් 108722400.00 ක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

2018 මැයි විසි එක් වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවා තිබුණු අතර එකම එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් තුනක් කැදවා තිබුනි. ටෙන්ඩර්පත් තුනක් මගින් මෙම එන්නත මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ රුපියල් මිලියන100 ක් ඉක්මවන ටෙන්ඩරයක් සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සදහා වන ටෙන්ඩර් ප්‍රසම්පාදන කමිටුව පත් කරනු ලබන්නේද අමාත්‍ය මණ්ඩලය විසින් වන නිසාය. මේ අනුව පෙනී යන්නේ උක්ත ටෙන්ඩරය ටෙන්ඩර්ය ටෙන්ඩර් පත්‍ර තුනක් මගින් කැදවා තිබූම ද දූෂණයක් වන බවය.

කෙසේ වෙතත් 2006 මුදල් අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන මග පෙන්විමට අදාල අත්පොතට අනුව ටෙන්ඩර්පත් කැදවීම සදහා සහ එම ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සදහා ටෙන්ඩර්කරුවන්හට සාධාරණ කාලසීමාවක් ලබා දිය යුතු වුවද මෙම ටෙන්ඩරය සදහා ටෙන්ඩර් කැදවනු ලබන්නේ 2018 මැයි මස 21 වන දින වන අතර ටෙන්ඩර්පත් කැදවීමේ අවසාන දිනය වන්නේ 2018 මැයි මස 23 වන දිනය.

එකම එන්නතක් සදහා කැදවන ලද ටෙන්ඩර සදහා වන ටෙන්ඩර් අංක වනුයේ

LP/MSD/CPUDHS/RQ/016/18 එන්නත් 500 ක් සදහා
DHS/RP/199/2018 එන්නත් 470 ක් සදහා
DHS/RP/224/2018 එන්නත් 527 ක් සදහා
මෙම ටෙන්ඩර සදහා මිල ගණන් ඉදිරිපත් කරන ලද සමාගම් වන්නේ
01. Medimart Pharma 64,700.00
02.Slim Pharmaceuticals 93,950.00
03.Markss Healthcare 109,000.00
04.Pharmace (Pvt) Ltd. 135,900.00
05. Buar 190,000.00

පළමු අඩුම මිල ඉදිරිපත් කරන ලද සමාගම වන Medimart Pharma සමාගම මෙරටට ගෙන්වීමට නියමිත එන්නත සදහා ඇමරිකානු ආහාර හා ඖෂධ සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO GMP) සහතික කරන ලද ‌ෙඖෂධයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික ‌ෙඖෂධ අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA) ලියාපදිංචි කර ඇත.

ටෙන්ඩරය පිරිනමන ලද Pharmace (Pvt) Ltd. සමාගම ගෙන්වීමට නියමිත එන්නත රුසියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර එම එන්නත පිළිබදව පිළිකා සංගමය පවා ප්‍රතික්ෂේප කරන ලද එන්නතක් බවට තහවුරු වී තිබේ.

මෙම පිළිකාව සදහා වන එන්නත සදහා වන ටෙන්ඩරය පිරිනමා ඇත්තේ හතරවන අඩුම මිල ගණන් ඉදිරිපත් කල සමාගමට එනම් එන්නතක් සදහා රුපියල් 135,900.00 ක් ඉදිරිපත් කර ඇති Pharmace (Pvt) Ltd. සමාගමට වීම පුදුමය දනවන කටයුත්තක් වුවද ඒ පිළිබදව රටේ ජනතාව පුදුම නොවිය යුත්තේ එම සමාගමේ හිමිකරු වන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපතම හිතවතෙකු ද වන රාජ්‍ය ‌ෙඖෂධ නීති ගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන මොහොමඩ් හසීම් මොහොමඩ් රූමි මහතාගේ මස්සිනාවන වන නිසාය.

රුපියල් 64,700.00 ගත හැකිව තිබූ එන්නත රුපියල් 135,900.00 ට මිලදී ගැනීම නිසා එක් එන්නතකින් රුපියල් 71200 ක පාඩුවක් රටට වී ඇති අතර මුලු ටෙන්ඩර් තුනෙන්ම රටට වන පාඩුව රුපියල් 108722400.00 කි.

මෙම ටෙන්ඩරය පිරිනැමූ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්ගේ අදහස වන්නේ අඩුම මිල ඉදිරිපත් කල Medimart Pharma සමාගමට මෙම එන්නත ගෙන ඒම සදහා පළපුරුද්දක් නොමැති බවයි. එහෙත් අදාල සමාගම මීට පෙර ‌ෙඖෂධ මෙරටට ආනයනය කර තිබුනු බව අප වෙත අනාවරණය වූ අතර එම සමාගම පුද්ගලික අංශය සදහා මේ වන විට එම එන්නත අලෙවි කරමින් සිටී.තවද එම සමාගමට මෙරටට ‌ෙඖෂධ ආනයනය කිරීමට පළපුරුදක් නොමැති නම් අදාල එන්නත සදහා ජාතික ඖෂධ අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA)  ලියාපදිංචි කර ඇත්තේ කෙසේද? හා මෙරට පුද්ගලික අංශ සදහා උක්ත එන්නත අලෙවි කරන්නේ කෙසේද? යන්න ගැටලු සහගතය. තවද ටෙන්ඩරයේ කොන්දේසියක් ලෙස පෙර පළපුරැද්ද අනිවාර්යය බවට සදහනක් ද නැත.

මෙම ටෙන්ඩරය අඩු මිලක් ඉදිරිපත් කල සමාගමට ලබා නොදී වැඩි මිල ගණනක් ඉදිරිපත් කල සමාගමට ලබා දීම සදහා අනුමැතිය ලබා දුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජික වෛද්‍යවරයෙකු පසුව ඉල්ලා අස්වී ඇත.

ස්තුතියි

මෙයට,

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් ඇමැති රාජිතගේ හිතවතෙකු මිලියන ගණනක් ගසාකයි
පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් ඇමැති රාජිතගේ හිතවතෙකු මිලියන ගණනක් ගසාකයි
http://am.lk/media/k2/items/cache/7e62d9a297ff2e1d6d9150d4613e19e7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_953.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_953.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy