ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ...
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් අතර පෙරේදා (22) පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇතැයි වාර්තා වේ.
ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට යෝජනා වී ඇතැයි පැවසේ.
පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම හා පක්‍ෂයේ තීන්දු තීරණ විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වීම හේතුවෙන් මෙම පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් සාකච්ඡා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
COMMENTS