වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාගේ පරිවාර යතුරු පැදියේ ගමන් ගත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර විනිසුරුවරයා ප්‍රහාරයෙන් බේරී ති...
වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාගේ පරිවාර යතුරු පැදියේ ගමන් ගත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර විනිසුරුවරයා ප්‍රහාරයෙන් බේරී තිබේ. යාපනය නල්ලූර් කෝවිල අසල දී විනිසුරුවරයා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඔහු කෝවිලේ සිට සිය නිවස වෙත යමින් සිටියදීය. අතරමඟ ඇති වූ මාර්ග තදබදයක් මඟ හැරවීම පිණිස විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් අයෙක් යතුරු පැදියෙන් බැස එදෙසට ගමන් කරද්දීම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම නින්දිත ප්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ තවමත් දඩ බල්ලන් නිදැල්ලේ සැරිසරණ බවත් දඩයම් නවත්වා නොමැති බවත්ය. මින් වඩාත් ම අවධාරණය කෙරෙන්නේ විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවන්ගේ මෙන් ම සාක්ෂිකරුවන්ගේ ද ජීවිත අවදානමේ පවතින බවය.
COMMENTS