දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"අපේ අම්මා ගැන මෙතෙක් නොකී කතාව"; විලියම් සහ හැරී ඩයනා කුමරිය ගැන කතා කරති

සිය මවගේ හදිසි අභාවයට වසර විස්සක් පිරීමත් සමඟ රූපවාහිනී වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ විලියම් කුමරු ඔවුන් සිය පිය පාර්ශවයේ මිත්තණි...


සිය මවගේ හදිසි අභාවයට වසර විස්සක් පිරීමත් සමඟ රූපවාහිනී වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ විලියම් කුමරු ඔවුන් සිය පිය පාර්ශවයේ මිත්තණිය වන බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනත් සමඟ ස්කොට්ලන්තයේ ගත කරමින් සිටියදී සිදු වූ එම අන්තිම කතාබහ ඉතා කෙටි එකක් වූ බව සඳහන් කළේය.

එම කතාබහ සිදුව ඇත්තේ විලියම් සහ හැරී සිය ඥාති සොහොයුරු සොහොයුරියන්ද කැටුව සිය මිත්තණිය සමඟ ස්කොට්ලන්තයේ 'බැල්මෝරල්' මාලිගයේ සිටියදීය.
ප්‍රංශයේ පැරිස් අගනුවරදී රිය අනතුරකට මුහුණ දුන් ඩයනා කුමරිය නොසිතූ මොහොතක දිවියෙන් සමු ගන්නා ලද්දේ 1997 අගෝස්තු 31 වෙනි දිනය.

සිය මව ඔවුන් අත්හැර යනවිට විලියම් කුමරු පහළොස් හැවිරිදි වියේ පසු වූ අතර ඔහුගේ සොහොයුරු හැරී කුමරුගේ වයස අවුරුදු දොළහක් විය.
පුත් කුමරුන් දෙදෙනාම සිය මව හඳුන්වා දෙන්නේ ඉතාම විනෝදශීලී ,චාම්, මිත්‍රශීලී චරිතයක් හැටියටයි.

"මගේ ඉදිරි ජීවිත කාලය පුරාම මා පෙළන කනගාටුව අම්මාත් එක්ක කරපු ඒ අන්තිම දුරකථන කතාව ඒතරම් කෙටි එකක් වීම වෙන්න පුළුවන්" හැරී කුමරු පවසයි.
බ්‍රිතාන්‍ය කුමරුන් දෙදෙනා තමන් පෙළෙන හෘද අභ්‍යන්තරය හෙළිදරව් කළේ සිය මවගේ අභාවයට අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙන් ITV ආයතනය විසින් සම්පාදනය කරන ලද රූපවාහිනී වාර්තාමය වැඩ සටහනකට එක් වෙමිනි.
"අම්මා කෙනෙක් හැටියටත් අපේ අම්මා කටයුතු කළේ හරිම විනෝදයෙන්" කුමර දෙසොහොයුරෝ පවසති.

" අම්මා මාලිගාවේ පවුරුවලින් එහා පැත්තේ තිබුණ සැබෑ ජීවිතය හඳුනාගත් ඒ වගේම පුංචි ළමයෙක් වගේ සැහැල්ලුවෙන් කටයුතු කළ කාන්තාවක්"විලියම් සහ හැරී අයියා මලෝ සිහිපත් කරති.
ඩයනා කුමරිය සහ දරු දෙදෙනා පෙනී සිටින මෙතෙක් එළි නොදුටු ඡායාරූප කීපයක් ද ITV වාර්තා වැඩසටහනට එක්කර ඇත.

නිවාස නොමැති ජනයා වෙනුවෙන් සහ ඒඩ්ස් රෝගයට ගොදුරුවූවන් වෙනුවෙන් පෙනීසිටි ඩයනා කුමරිය, බිම්බෝම්බ මිහිතලයෙන් ඉවත් කරන ලෙස ගෙනයන අරගලයේ ද සාමාජිකාවක් වූවාය.
එමගින් නිර්මාණය වූ ජගත් පිළිබිඹුවක් බවට පත් සියමව සමඟ ගතකළ ළමාවිය සිහිපත් කරමින් විලියම් සහ හැරී සොහොයුරන් තම මවගේ පෞද්ගලික ඡායාරූප එක්කළ ඇල්බමයක් නරඹන දසුනක් ද ITV වැඩසටහන මගින් ප්‍රචාරය කරන ලදී.

එම වාර්තාමය වැඩ සටහනට හවුල්වීම ආරම්භයේ දී එය "ඉතා දුෂ්කර" මොහොතක් හැටියට හැඟී ගියත් පසුව එම තත්වය තුනී වන්නට පටන් ගත් බව විලියම් කුමරු පවසයි.
අපට අවශ්‍ය කරන්නේ අපගේ කාර්යභාරය තුළින් අපේ අම්මාගේ උරුමය ජීවමානව පෙරට ගෙනයාමයි.ඒ සඳහා සුදුසු මාවත මෙය යයි අපි හිතනවා" විලියම් කුමරු සඳහන් කළේය.
"අම්මත් එක්ක කතා කරපු අන්තිම වචන මගේ මතකයේ නොමැකෙන විධියට සටහන් වෙලා තියෙනව" ඔටුන්න හිමි කුමරා පවසයි.

"මමත් හැරීත් අම්මට "ගුඩ්බායි" කියන්න හරිම ඉක්මන් වුනා. "ඉක්මනින් හමුවෙමු"(see you soon) එදා එහෙම කිව්වට ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියල මම දැන ගත්තානම්,මම එහෙම නොකියන්න තිබුණා" විලියම් කුමරු සිය මවගේ තමාට ඇසුණ අවසන් වදන් සිහිපත් කරමින් කියා සිටියි.

අම්මා සමඟ සිදුකළ සංවාදය පිළිබඳව කියා සිටියත් ඊට ඇතුළත් වූ දේවල් පිළිබඳ තොරතුරු විලියම් කුමරු විස්තර නොකරයි.
"අපේ අම්මා පුංචි ළමයෙක් වගෙයි"හැරී කුමරු සිය මවගේ සැහැල්ලු ජීවිතය සිහිපත් කරයි.
"අම්මාගේ සිනහව මට තවම ඇහෙනවා"

"අම්ම මට කියන්නේ 'ඔයාට නරක් වෙන්න පුළුවන්.හැබැයි, අහුවෙන්න එපා' කියලයි" හැරී කුමරු වැඩිදුරටත් පවසයි.
"අපේ අම්ම නරකම අම්මලාගෙන් එක්කෙනෙක්. අම්ම අපි පාපන්දු සෙල්ලම් කරනවා බලන්න ඇවිත් අපටත් හොරෙන් අපේ මේස් ඇතුළට පැණිරස ජාති දානවා" හැරී කුමරු අතීතයට ගමන් කරන්නේ සියමව තමන් සමඟ විනෝදයෙන් ගතකළ ආකාරය සිහිපත් කරමිනි

"අම්ම විහිළු තහළු වලටත් දක්ෂ කෙනෙක්" විලියම් කුමරු පවසයි.
"මම ඉස්කෝලේ ඉන්න දවස්වල අම්ම ඉතාම විහිළු සහගත පින්තූර ඇතුළත් කාඩ්ස් මට එවනවා. පිටින් බැලුවම ටිකක් අමාරුයි. ගුරුවරු දකීවි කියල මම ඒවා පන්ති කාමරය ඇතුළේ ඇරල බලන්නෙවත් නැහැ. ඒත් පස්සේ බැලුවාම,කාඩ් එක ඇතුළේ ඉතාම අම්ම ලියල තියෙන්නේ සුන්දර දෙයක්"

ඉස්කෝලේ ගත කරලා නිවාඩුවට අම්මා සොයාගෙන ආයෙත් ගෙදර එන එකත් සුන්දර මතකයක්.

"මම මගේ ජීවිත කාලය තුළ දෙසැරයක් අඬලා තියෙනව. එකක් අම්මාගේ අවමඟුල් මොහොත. දෙවැනි වරට මම ඇඬුවේ අම්මා 'අල්තොර්ප්' හි (Althorp) මිහිදන් කරපු වෙලාවේ" හැරී කුමරු පවසයි.
"මගේ දරුවන් දෙදෙනාට මගේ අම්මා ගැන දිගටම කියා දෙමින් ඔවුන්ට ඔවුන්ගේ මිත්තනිය පිළිබඳ මතකය මම ඉතිරි කර තබනවා" විලියම් කුමරු පවසන්නේ හැඟීම් බරවයි.

"මගේ අම්මා හොඳ මිත්තණියක් වෙන්න තිබුණා. ඇය ඒකට හරිම ආසයි.අම්ම පුංචි දරුවන්ට ආදරෙයි" ඒ විලියම් කුමරාගේ මතකයයි.

විලියම් කුමරු විහිළු ස්වරයෙන් මෙසේ පවසයි.

"අම්මා 'නරක' ආච්චි කෙනෙක් වෙන්නත් තිබුණා. ළමයි නාවන වෙලාවට ඇවිත් පුදුම දේවල් කරාවි. නාන කාමරේ හැමතැනම පෙණ බුබුළු හදල ඉක්මනට දුවාවි"
"මටයි අයියටයි මේ ලෝකේ ලැබිච්ච් හොඳම අම්මා අපේ අම්මා," හැරී කුමරු සිය මව සිහිපත් කරමින් පවසයි.

"මේක දිගටම දරාගෙන ඉන්න බැහැ. ඒක හරිම අමාරු දෙයක් .අම්ම තාමත් අපි ලඟ ඉන්නවා කියල අයියයි මමයි නොසිතපු දවසක් නැහැ.අම්ම හිටියනම් ඇය කොයිවගේ අම්ම කෙනෙක් වේවිද? ඇය කොයිතරම් මහජන සේවාවක් ඉටු කරාවිද? ඇය මොනතරම් පරිවර්තනයක් කරාවිද?"

විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා සිය මවගේ අභාවයේ විසිවෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් වාසය කරන කෙන්සින්ටන් මාලිගය අසල පොදු උයනෙහි ඩයනා කුමරියගේ පිළිරුවක් නිරාවරණය කිරීමට සැලසුම් කර ඇත.
http://www.bbc.com

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ අම්මා ගැන මෙතෙක් නොකී කතාව"; විලියම් සහ හැරී ඩයනා කුමරිය ගැන කතා කරති
"අපේ අම්මා ගැන මෙතෙක් නොකී කතාව"; විලියම් සහ හැරී ඩයනා කුමරිය ගැන කතා කරති
http://ift.tt/2tsQLMs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_850.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_850.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy