මීට මාස හයකට පෙර කාලෝ ෆොන්සේකා මහතාගේ ධූරකාලය අවසන් වූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුගේ ධූරකාලය තවත් මාස හයකට දිගු කෙරිණි. ශ්‍රී ලංකා...
මීට මාස හයකට පෙර කාලෝ ෆොන්සේකා මහතාගේ ධූරකාලය අවසන් වූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුගේ ධූරකාලය තවත් මාස හයකට දිගු කෙරිණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය වසර 5 ක කාලකින් සමන්විත වන අතර කාලෝ ෆොන්සේකා මහතා මෙම ධූරයට පත් කරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
වෛද්‍ය සභාවේ සභාපතිධූරයට පත්කිරීම සිදුකිරීමට බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටය. කෙසේ වෙතත් නව සභාපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැත. සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ කාලෝ ෆොන්සේකා මහතා නැවත පත්කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් විරෝධතා එල්ල වී ඇති බවයි.
COMMENTS