මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද නිළ වශයෙන් ආරාධනා කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට...
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද නිළ වශයෙන් ආරාධනා කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ මෝඩි මහතාගේ සංචාරය තවමත් වැටඋඩ තිබෙන බවයි. එයට හේතුවී තිබෙන්නේ පසුගිය රජය මෙන්ම වත්මන් යහපාලන රජය ද තවමත් දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඉන්දියාව බොහෝ අවස්ථාවලදී ලංකාවට සහාය නොදැක්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එය මානව හිමිකම් ගැටලුවලදී දැඩිලෙස ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස බලපෑවේය.
පැවති රජය බිඳවැටී යහපාලන රජය බලයට පත්වීමත් සමග ඉන්දියා එදෙස සුබවාදී ලෙස බැලූ අතර එහෙත් ශ්‍රී ලංකාව තවදුරටත් දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඉන්දියාව දැඩි කලකිරීමට පත්ව සිටී.
විශේෂයෙන් හම්බන්තොට වරයා හා වරාය ආශ්‍රිත ආයෝජන කලාපය සඳහා ඉඩම් අක්කර 15,000 ක් චීනයට ලබාදීමට එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් සමහර ගිවිසුම්වලට අත්සන් කර තිබේ. ඊට සාපේක්ෂව ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය හා ඒ ආශ්‍රිත තෙල් ටැංකි පරිශ්‍රය ඉල්ලා ඇති අතර එහෙත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැත.
ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැතිවරයා ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව දැඩි වෙහෙසක් දරමින් සිටින අතර ඔහුව ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුවට විපක්ෂයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වනු ඇත. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ලංකාවට එල්ල වන අපවාදය ද සැලකිය යුතු මට්ටමේ එකක් වනු ඇත.
COMMENTS