ඒ අනුව එය මෙරට ආර්ථිකයේ මහා බිඳවැටීමක් බවයි සමහරුන් ප්‍රකාශ කළේ. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න මේ වනවිට හෙළිවෙමින් පවතී. මෙස...
ඒ අනුව එය මෙරට ආර්ථිකයේ මහා බිඳවැටීමක් බවයි සමහරුන් ප්‍රකාශ කළේ.
එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න මේ වනවිට හෙළිවෙමින් පවතී.
මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ Templeton Fund නැමැති අරමුදලේ මුදල්ය. හොංකොංහි ඇති ඇමරිකාව මූලික කරගත් මෙම අරමුදල විසින් කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කළ මුදල් මෙසේ නැවත ලබාගෙන තිබේ.
මෙම අරමුදල පිහිටුවා ඇත්තේ ලොවපුරා සිටින මිලියන ගණනක විශ්‍රාමිකයන්ගේ දායකත්වයෙනි. එය හරියට මෙරට EPF / ETF අරමුදල්වලට සමාන වේ.
මෙම අරමුදල ව්‍යාප්තවීමත් සමග කූට ලෙස මුදල් උපයන දෙශපාලනඥයන් මෙන්ම කලු සල්ලි සුදු කරන ව්‍යාපාරිකයන් ද අරමුදලට සම්බන්ධ වී තිබේ. ඒ අනුව මෙය මේ වනවිට ලෝක ව්‍යාප්ත විශාල අරමුදලකි.
මෙම අරමුදල ලංකාවට හඳුන්වා දෙන්නේ පැවති රජය සමයේදීය. ඒ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසිනි. සත්‍ය වශයෙන්ම මුදල් ආපසු ලබාගෙන ඇත්තේ ද මෙම අරමුදලට සම්බන්ධ වී සිටින රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හෙංචයියන්ට අයත් මුදල්ය.
මෙම ගැටලුව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටලුවක් නිසා හෝ කොටස් වෙළඳපොල කඩාවැටීමක් නිසා හෝ සිදුවූවක් නොවේ. ආර්ථිකය බිඳවැට්ටවීමේ අරමුණින් සහ රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදුකළ කූට උපක්‍රමයකි.
ඒ අනුව රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් විවිධ කූට උපක්‍රම හා මුල්‍ය වංචා මගින් උපයා ගත් මුදල් Templeton Fund හරහා නැවත කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම්කරවල ආයෝජනය කර තිබූ අතර දැන් සැළසුම් සහගතව එම මුදල් නැවත ලබාගනිමින් තිබේ. ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය බිඳවැටී ඇති බවත් ආයෝජකයන් රජය පිළිබඳව නොසතුටින් සිටින බවත් පෙන්වා ජනමතය වෙනස් කිරීමටයි. ඒ හරහා නැවත බලයට පැමිණීමටයි.
COMMENTS