දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සෝනියා ගාන්ධි කේ.බී.ජී. ඔත්තුකාරියක් ද?

විශ්‍රාමලත් ඉන්දියානු බුද්ධි අංශ නිලධාරියෙක් වන මාලොයි ක්‍රිෂ්නා ධර් “ඕපන් සීක්‍රට්ස්” (විවෘත රහස්) යනුවෙන් 2005 වසරේදී පොතක් ලියා පළ කරම...

සෝනියා ගාන්ධි කේ.බී.ජී. ඔත්තුකාරියක් ද?
විශ්‍රාමලත් ඉන්දියානු බුද්ධි අංශ නිලධාරියෙක් වන මාලොයි ක්‍රිෂ්නා ධර් “ඕපන් සීක්‍රට්ස්” (විවෘත රහස්) යනුවෙන් 2005 වසරේදී පොතක් ලියා පළ කරමින්” ඉන්දියානු බුද්ධි අංශය සතුව පවතින රහස් ලිපිගොනු රැසක් අවුස්සා බලයි. ඒවා බොහෝ දුරට වසා දමා තිබූ ෆයිල් ය. මේ නිලධාරියා වසර 29 ක් එම අංශයේ සේවය කළ අයෙක් බවත් අමතක නොකරන්න!
 
මාලෙයි ක්‍රිෂ්ණා මෙසේ කියයි. “... බුද්ධි අංශ වාර්තා විනිවිද යාමේ මගේ වෙහෙසකර ව්‍යායාමය සාර්ථක වුණා. යුනියන් ඇමතිවරුන් (ඉන්දිරා ගාන්ධිගේ කැබිනට් අමාත්‍යවරුන්) හතර දෙනෙක් සහ තවත් මන්ත්‍රීවරුන් දුසිම් දෙකක් පමණ කේබීජී රහස් ඔත්තුසේවයේ වැටුප් ලබන්නන්ගේ ලැයිස්තුවේ සිටින බව මා හෙළිකර ගත්තා... ඔවුන්ගෙන් සමහර කෙනෙක් තවමත් එම ලැයිස්තුවේ සිටිනවා..”
 
මාලොයි ක්‍රිෂ්ණාගේ පොත, නොදන්නා කරුණු රැසක් සහ ප්‍රසිද්ධ රහස් කිහිපයක් වෙත නව ආලෝකයක් විහිදුවයි. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ බිරිඳ සහ පසුකලෙක ඉන්දියාවේ නාම මාත්‍රික නායිකාව ලෙස දේශපාලනයේ විශාල භූමිකාවක් රඟපෑ සෝනියා ගාන්ධි, එක්කෝ කේ.බී.ජී. රහස් ඔත්තු සේවයේ, එසේත් නැතිනම් වතිකානයේ හෝ රෝමයේ ඔත්තුකාරියක් බව ඔහු සාධක සහිතව මේ පොතින් යෝජනා කර සිටියි.
 
1985 වසරේදී රුසියාවේ නිල රහස් ඔත්තු සේවය වශයෙන් සැලකෙන කේබීජී රහස් ඔත්තු සේවය, ඇමරිකානු බිලියන 2 ක මුදල් සම්භාරයක් (ඉන්දීය රුපියල් කෝටි 9400 ක්) ස්විස් බැංකු ගිණුමක තැන්පත් කළේය. මේ ගිණුම කුමක්ද? එය සෝනියා ගාන්ධි විසින් සිය පුතු වූ රාහුල් ගාන්ධි වෙනුවෙන් පවත්වාගෙන ගිය ‘බාලවයස්කාර’ ගිණුමකි. මේ බව මුලින්ම හෙළි කර සිටියේ Schweitzer Illustrierte නමැති ස්විස් පුවත් සඟරාව විසිනි. ඉන්දියානු දේශපාලනඥයෙක්ව විවාහකරගත් විදේශික සෝනියාට රුසියානු රහස් ඔත්තු සේවය මේ සා මුදල් සම්භාරයක් ගෙවන්නේ ඇයි..?
 
සෝනියා ගාන්ධි නිල වශයෙන් ඉන්දීය අගමැතිනිය බවට පත්වී නම්,ඉන්දියාවේ ජාතික ආරක්ෂාව, විද්‍යාත්මක සහ තාක්ෂණික රහස් යනාදී සියල්ලම රුසියාව හෝ රෝමය වෙත ඉතා පහසුවෙන්ම ලැබෙනු ඇත. ඇය මතුයම් දිනෙක ඉන්දියාවේ නායිකාව වනු ඇතැයි ඔවුන් කලින්ම දැන සිටියාද...?
 
හෙළි වන තොරතුරු අනුව ඉන්දිරා ගාන්ධිගේ පවුලේ රජීව් සහ සෝනියා වැනි අය කේ.බී.ජී. වැටුප් ලබන්නන් බවට පත්ව සිටින්නට ඇත. හෙළි වී ඇති තොරතුරු අනුව ඔවුහු නිසැක වශයෙන්ම අගා හුසේන් අබෙදි නමැති පාකිස්ථාන බැංකුකරුවාගෙන් සන්තෝසම් ලැබූවන් ය. ආගාගේ බැංකුව වූයේ බීසීසීඅයි යන කෙටි නමින් හැඳින්වූ ‘බෑන්ක් ඔෆ් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් ඉන්ටර්නැෂනල්’ ය. එය මත් ෂල්ලි විශුද්ධිකරණ බැංකුවක් ලෙස ප්‍රකටව තිබූ අතර, අවසානයේ එම බැංකුවේ හිමිකරු බවට පත්වූයේ අබුඩාබි හි ෂෙයික් හෂීඩ් ය.
 
හිටපු ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රි මිය ගියේ අබිහරස් අන්දමිනි. ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවූයේ රුසියාවට ය. 1965 ඉන්දු පාකිස්ථාන යුද්ධයෙන් අනතුරුව ලාල් බහදුරි ශාස්ත්‍රි, එවකට පාකිස්ථාන ජනපති වූ අයුබ් ඛාන් සමග ටෂ්කෙන්ට් වෙත ගොස් ‘නෝ වෝ’ (යුද්ධයක් නැති බවට) ප්‍රකාශයකට අත්සන් කළේය. නමුත් පසුදිනම ඔහු මළේය.!!
 
ඉන්දිරා ගාන්ධිගේ පුත් සන්ජේ ගාන්ධිගේ මරණය ද මේ අන්දමින් ම සැකයට තුඩු දුන්නකි. සන්ජේ ගාන්ධි අකාලයේ මරුමුවට පත්නොවුණා නම් රජීව් ඉන්දියාවේ ඊළඟ අගමැති වන්නේ නැත.
 
අවසානයේ රජීව් ගාන්ධි මරණයට පත්වන්නේ ලංකාවේ එල්ටීටීඊ සංවිධානය අතිනි. 1991 වසරේ මැයි 21වැනිදා ඔහු වෙත පැන ඔහුව බදාගත් කොටි සාමාජිකාව වූයේ 24 හැවිරිදි ධනූ ය. මේ මරාගෙන මැරෙන කොටි සාමාජිකාව උපතින් රෝමානු කතෝලික අයෙක් වූවාය. ඉන්දියානු වාර්තාවලට අනුව රජීව් ගාන්ධිගේ මරණයෙන් අනතුරුව බාහිර රහස් ඔත්තුසේවාවන් සෝනියා ගාන්ධිගේ ප්‍රතිරූපය ඉහළ නංවන්නට මහත් වැඩ කොටසක් කර තිබේ. සෝනියා ගාන්ධිගේ නායකත්වයට අභියෝග කරමින් එල්ල වූ තර්ජන රැසක් මර්දනය කරන්නට තුඩු දුන් කාරණා, හුදෙක් ස්වභාවික හේතු සේ පෙන්වන්නට කේ.බී.ජී. ඔත්තුසේවා ඥානය සමත් වී යැයි මාලොයි ක්‍රිෂ්ණා නොබියව කියයි. එසේ සිතන්නට හේතුවන කාරණා ද ඔහු නොබියව ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ කැපී පෙනෙන චරිතයක් සහ අමාත්‍යවරයෙකු වූ රාජේෂ් පයිලට් රිය අනතුරකින් මිය යන්නේ ඉරිදා දිනයකදී ය. ඉන්දීය නායකයන් වූ රජීව් ගාන්ධිගේ සහ නරසිංහ රාවෝගේ දේශපාලන උපදේශකවරයෙක් සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ උප සභාපති වූ ජිතේන්ද්‍ර ප්‍රසාද මොළයේ ලේ කැටියක් සිරවීම නිසා මිය යන්නේ ද ඉරිදා දිනයකදී ය. අමාත්‍ය මාධව ෂින්ඩියා හදිසි අනතුරකින් මිය යන්නේ ද ඉරිදා දිනයකදී ය.!! එවකට රනායකත්වයේ පෙර මං ලකුණු පෙන්වමින් සිටි තරුණ කොංග්‍රස් සභික කමල් නාත්” කුඩා ගුවන් යානාවකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව අනූ නවයෙන් දිවි බේරාගත්තේ ද ඉරිදා දිනයකදීය. එහිදී ඔහු සමග ගමන් ගත් සහචරයෝ ගණනාවක් මරුමුවට පත්වූහ. 
 
මාලොයි ක්‍රිෂ්ණා මෙහිදී යෝජනා කර සිටියේ සෝනියා ගාන්ධිගේ දේශපාලන ජීවිතයට එල්ල විය හැකිව තිබූ තර්ජන ගණනාවක් ඉරිදා දිනවලදී ම අවසන් වීම ආගම හා දේශපාලනය අතර තිබෙන නොනැසෙන සබඳතාවය තහවුරු කරන්නක් බවයි. 
 
දැන් මුලින් ඇසූ ප්‍රශ්නයට නැවත යොමු වෙමු. සෝනියා ගාන්ධි රහස් ඔත්තුකාරියක් විය නොහැකිද...?
 
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
 
sonia gandhi 2
sonia gandhi 3

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෝනියා ගාන්ධි කේ.බී.ජී. ඔත්තුකාරියක් ද?
සෝනියා ගාන්ධි කේ.බී.ජී. ඔත්තුකාරියක් ද?
http://ift.tt/2uogK93
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_806.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_806.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy