සිය සැමියා විසින් බිරිඳගේ මව මරා දමා බිරිඳගේ අත් දෙක කපා දැමීම නිසා අසරණ වූ කාන්තාවක් විසින් තමන්ට සිදු වූ අසාධාරණයක් සඳහා පොලිසිය විසින...
සිය සැමියා විසින් බිරිඳගේ මව මරා දමා බිරිඳගේ අත් දෙක කපා දැමීම නිසා අසරණ වූ කාන්තාවක් විසින් තමන්ට සිදු වූ අසාධාරණයක් සඳහා පොලිසිය විසින් සාධාරණ විසඳුමක් ලබා නොදීමට එරෙහිව එම කාන්තාව තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කර ඇත.
තිස් දෙහැවිරිදි ඩී. එම්. එස්. නිසංසලා නමැති මෙම කාන්තාව අනුරාධපුර අනුකටියාව පාර පරසන්ගස්‌වැව පදිංචිකාරියකි. ඇය එක් දරු මවක් වන අතර සිදු වූ විපතින් පසු ඇයගේ දොළොස් හැවිරිදි පුතා මහණ කර ඇත.
ඇය තමන්ට සිදු වී ඇති විපත පිළිබඳ මෙසේ පැවසීය. බීමත් සැමියා විසින් 2014 වසරේදී මගේ අම්මා මරලා මගේ අත් දෙක කපා දැමීමෙන් පසු අපි අසරණ වුණා. මගේ නංගි තමා මාව රැක බලාගෙන ඉන්නේ. සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා. මේ කාලය තුළ ජීවත් වීම සඳහා තිබුණ දේවල් විකුණා නැඟණිය සමඟ ආදායම් මාර්ගයක් සකසා ගැනීමට සිතා ත්‍රිරෝද රථයක් මිලට ගෙන සුලු වෙළෙ¹මක් කරගෙන ගියා.
මේ අතර මීට මාස දෙකකට පමණ පෙර සැමියා ඇප ලබා පැමිණීම නිසා ඔහු යළි බීමත්ව පැමිණ අපි මරා දමයි යන සැකය නිසා අපි නිවස වසා දමා තැන තැන සැඟවී ජීවත් වුණා. එක් දවසක් ඔහු මගේ නංගිට බෙල්ලට කෙටුව. නංගි දෙයියෝ බේරලා දුන්නේ. අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර කරලා ඇය දැන් ටිකට් කපාගෙන ආවා. මේ සිද්ධියෙන් පස්‌සේ සැමියා ගෙල වැළලා ගෙන මැරුණා.
COMMENTS